පොහොට්ටුව TNA සමග සන්ධානයක් ද ?

Date:

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ න්‍යායාචාර්යවරයෙක් වගේම ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපතිවරයාත් වන මහින්ද පතිරණ අද (20) දවසේ දාපු ෆේස්බුක් පෝස්ට් එකක් පහතින් තියෙන්නේ.

මේකෙන් කියවෙන හැටියට නම් පොහොට්ටුව “බොහෝ අය නොසිතූ” පක්ෂයක් එක්ක සන්ධානගත වෙන්නයි යන්නේ.

මහින්ද පතිරණ කියන්නේ පොහොට්ටුවේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂගේ සමීපතම, විශ්වාසවන්ත අනුගාමිකයෙක් කියන එක රහසක් නෙවෙයි. ඒ නිසා මහින්ද පතිරණ මේක ආවාට ගියාට කියන කතාවක් වෙන්න බෑ.

පොහොට්ටුව දැනටමත් එයාලාගෙ මෙතෙක් ප්‍රධාන හතුරාය කියපු එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා එක්ක සන්ධානගත වෙලා ඔහුව ජනාධිපති තනතුරටත් පත්කරගෙන නෙ ඉන්නෙ. එතකොට පොහොට්ටුවේ සහ ඒකෙ අයිතිකාරයින් වන රාජපක්ෂලාගේ ඉතිහාසය බලපුවාම ඔවුන් මීට කලින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉඳන් ජනතා විමුක්ති පෙරමුණ, ජාතික හෙළ උරුමය, කරුණා අම්මාන්ගෙ පක්ෂය, පිල්ලෙයාන්ගෙ පක්ෂය, රිෂාඩ් බදූර්දීන්ගෙ පක්ෂය, රවුෆ් හකීම්ගෙ පක්ෂය ඇතුළු රටේ තියෙන තරමක් පක්ෂවලින් සෑහෙන ගාණක් එක්ක සන්ධානගත වෙලා තියෙනවා. එයාලා සන්ධානගත වෙයි කියලා “බොහෝ අය නොසිතන” පක්ෂයක් තියෙනවා නම් ඒ දෙමළ ජාතික සන්ධානය විතරයි වගේ.

ඒ නිසා මහින්ද පතිරණ මේ කියන්නේ පොහොට්ටු – TNA සන්ධානයක් ගැනද කියලා අපි නම් දන්නෙ නෑ …

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වහාම ක්‍රියාත්මක වන පරිදි ආණ්ඩුකාර ලීසා කුක් ෆෙඩරල් සංචිත පාලක මණ්ඩලයෙන් ඉවත් කිරීමට නියෝග කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 26:ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ්...

සියලු දෙනා නීතිය ඉදිරියේ සමාන විය යුතුයි – ජනපති අනුර

රෂිකා හෙන්නායක අගෝස්තු 26, කොළඹ LNW: අද (26) කොළඹ දී...

මධ්‍යම පරිසර අධිකාරියට නව අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්

සටහන - රුවන් නෙළුගොල්ල මධ්‍යම පරිසර අධිකාරියේ පුරප්පාඩුව පැවති අධ්‍යක්ෂ...

හෙල්ලක් නොවන දුන්නක් …

නිශ්මං රණසිංහ අගෝස්තු 26, කොළඹ LNW: හෙල්ල කියන්නෙ අද යුද අවියක්...