මුලින්ම අවංක වෙන්න – චම්පිකගෙන් මුදල් අමාත්‍යාංශයට අවධාරණයක්!

Date:

කොළඹ LNW:බිලියන ගණනින් රටට මුදල් අහිමි කර ඇති බලගතු සමාගම්වලට නීතිය ක්‍රියාත්මක නොකර මුදල් අමාත්‍යංශය සාමාන්‍ය මිනිසුන්ට බදු ගැසීමට කටයුතු කිරීම නිසා මුදල් අමාත්‍යංශයේ විශ්වාසනීයත්වය බිඳවැටෙන බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසුවේය.

ඒ,අද (20) පාර්ලිමේන්තු විවාදයේදී අදහස් දක්වමිනි.

ආණ්ඩුවට බලගතු ආර්ථික ප්‍රතිසංස්කරණය කරා යාමට සිදුව ඇති බවත් එහිදී මුදල් අමාත්‍යංශය පිළිබඳව තියෙන විශ්වාසනීයත්වය ඉතාම අවශ්‍ය බවත් රණවක මහතා කියාසිටියේය.

”ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට පොරොන්දු වෙලා, නොකරපු දේවල් පිළිබඳව වාර්තාවක් පළ කළා. එයින් එකක් තමයි,කැසිනෝ බදු පිළිබඳ වෙච්ච බදු අනුමත නොකිරීම. මුදල් අමාත්‍යංශය ජනවාරි 30 පොරොන්දු වෙලා තියෙනවා සැප්තැම්බර් 10 වෙනකොට කැසිනෝ නියාමනය පිළිබඳ පනතක් අනුමත කරලා ක්‍රියාකරන බවට. නමුත් ඒක අඩුම
ගානේ කැබිනට් මණ්ඩලයටවත් ඉදිරිපත් කරලා නෑ. කැසිනෝ 4 යි තියෙන්නේ. ඒ හතරවත් නියාමනය නොකර තවත් කැසිනෝ 7 ට අනුමත අනුමැතිය දෙන්න යනවා. මම මුදල් ඇමතිතුමාගෙන් ඉල්ලා හිටිනවා කැසිනෝ නියාමනය පිළිබඳ පනත වහාම පාර්ලිමේන්තුවට ගෙනල්ලා අනුමත කරන්න කියලා. මේ අවුරුදු 28 ට කැසිනෝවලින් ඩොලර් 100 ක මුදල අය කරලා නැහැ. නමුත් මැයි මාසේ අය කරලා තියෙනවා. ගාණ කීයද? බිලියන 72 යි. බිලියන 72 බෙදුවහම ඩොලර් 100 න් උත්තරය 2000 යි. 2000 කැසිනෝ හතරෙන් බෙදුවහම 600 යි උත්තරේ. ඒක දින 30 න් බෙදුවහම 20 යි උත්තරේ. ඒ කියන්නේ එක දවසකට මේ කැසිනෝ එකට ඇතුල් වෙලා තියෙන පිරිස 20 දෙනයි. ඒ 20 දෙනා ඉන්න කැසිනෝ එකට තමයි තව බලපත්‍ර 7 ක් දෙන්න යන්නේ. එක්කෝ ඒ ඉදිරිපත් කරලා තියෙන දත්තය වැරදියි. එහෙමත් නැත්නම් මේ කරන්න යන දේ වැරදියි.”

ඒ නිසා මුදල් අමාත්‍යාංශයේ, වෘත්තීයවේදීන් සහ අනෙක් අය පසුපස හඹා යනවා වෙනුවට අතේ තියන බදු ටික එකතු කර ගැනීමට අවංක විය යුතු බව මන්ත්‍රීවරයා අවධාරණය කරන ලදී.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්ධන මිල ඉහළට !

සටහන - රුවන් නෙළුගොල්ල ඊයේ (ජුනි 30) මධ්‍යම රාත්‍රියේ සිට...

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...