ගොවි සහ පාරිභෝගික ගැටලු ගැනත් පොහොර වංචාව ගැනත් සජිත් යළි ප්‍රශ්න කරයි (VIDEO)

Date:

කාබනික පොහොර සහ නැනෝ නයිට්‍රිජන් පොහොර ආනයනයේදී සිදුවූ පාඩුව පියවා ගැනීම සඳහා අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග නොගෙන රජය දිනෙන් දින කල්මරමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

“වගාවන් සඳහා රසායනික පොහොර භාවිතය තහනම් කර කාබනික පොහොර පමණක් යෙදීමට රජය ගත් තීරණය තුළින් අස්වැන්න විනාශ වී ගොවි ජනතාව ඇතුලු සමස්ත ජනතාවම අසරණභාවයකට පත් වීම පමණක් නොව, නිසි ප්‍රසම්පාදන ක්‍රමවේදයන්ගෙන් බැහැරව විවිධ පුද්ගලයින්ට වාසි ගෙන දෙන අන්දමින් තීරණ ගනිමින් කාබනික පොහොර සහ නැනෝ නයිට්‍රජන් පොහොර ආනයනයට කටයුතු කිරීම නිසා මෙරට මූල්‍ය ධනය කිසිදු ප්‍රයෝජනයක් අත් නොවූ කාර්යයන් සඳහා වැය කිරීමට සිදු විය. මේ නිසා මෙරටට සිදුවූ පාඩුව අති විශාලයි. නමුත්, මෙවැනි වැරදි තීරණයන්ගෙන් සමස්ත ජනතාව පීඩාවට පත් කළ පිරිස් වලට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමක් සිදුවන බවක් පෙනෙන්නට නැත. එමෙන්ම, මේ නිසා මෙරටට සිදු වූ පාඩු පියවා ගැනීමට අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගැනීම ද රජය දිනෙන් දින කල්මරමින් සිටී.

තවද, මේ වනවිට ගොවීන්ට වී සඳහා සාධාරණ මිලක් නොලැබෙන බව වාර්තා වන අතර, වෙළඳපොළ තුළ පවතින ඉහළ සහල් මිලට සාපේක්ෂව වී වලට ලැබිය යුතු සාධාරණ මිල පිළිබඳ රජයේ විශේෂ අවධානය යොමු කළ යුතුයි”

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ ඊයේ (20) පාර්ලිමේන්තුවේදී ස්ථාවර නියෝග අංක 27/2 යටතේ ප්‍රශ්නයක් යොමු කරමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග අංශය වසා දමයි !

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග වාට්ටුව (Neurosurgical ward )...

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය 

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය 

මධ්‍යම පරිසර අධිකාරිය විසින් කතරගම පූජා නගරය අවට වෙළඳසැල් 32කට එරෙහිව නඩු පවරයි!

රෂිකා හෙන්නායක ජූනි 29, කොළඹ LNW : මධ්‍යම පරිසර අධිකාරිය...

ශ්‍රී ලංකාවට පහසු ජයක්

නිශ්මං රණසිංහ ජුනි 29, කොළඹ LNW: ආසියානු යොවුන් නෙට්බෝල් සූරතාවලියේ...