අපේක්ෂා රෝහලේ පෙට් ස්කෑන් (PET Scan) පරීක්ෂණ මැයි මස 26 වනදා සිට ඇණහිටී.

Date:

PET ස්කෑන් පරීක්ෂණය රෝගියාගේ ඇතිවන පිළිකා රෝග තත්ත්වයේ වර්ධනය, පිහිටීම හා ක්‍රියාකාරීත්වය සූක්ෂමව හඳුනා ගැනීමට යොදා ගන්නා නවීන පරීක්ෂණයකි. එමෙන්ම පිළිකා රෝගියෙකුගේ පිළිකාවට ප්‍රතිකාර කිරීමෙන් අනතුරුව එහි නැවත වර්ධනය වීමක් සිදුවන්නේ ද නැද්ද යන්න නිවැරදිව හඳුනා ගැනීමට හැකියාව ලැබෙන්නේ ද මෙම පරීක්ෂණය මගිනි.

අපේක්ෂා රෝහලේ ස්ථාපනය කර තිබෙන යන්ත්‍රයෙහි PET ස්කෑන් පරීක්ෂණ පසුගිය මැයි මස 26 වනදායින් පසු නතර වී ඇත. මෙයට හේතු වී ඇත්තේ මෙම පරීක්ෂණය සිදු කිරීමේදී කිරීමේ දී රෝගියාට ලබාදෙන FDG විකිරණශීලී එන්නත නොමැති වීමයි. pet scan පරීක්ෂණය සිදු කිරීමට පෙර රෝගියාට මෙම FDG ඖෂධය ලබා දෙන අතර ඉන් පසු scan පරීක්ෂණය සිදු කරනු ලැබේ.

මෙසේ එන්නත් සැපයීම අඩාල වීමට හේතු වී ඇත්තේ එම එන්නත සැපයීම සඳහා නිසි කාලයේදී ටෙන්ඩර් කැඳවා අවශ්‍ය කටයුතු නොකිරීමයි.

අඛණ්ඩ ඖෂධ සැපයුමක් පවත්වා ගැනීමට නම් එම ටෙන්ඩර් කැඳවීම නිසි කාලයේදී සිදු කළ යුතු අතර පවතින සැපයුම නතර වීමට පෙර ඊට සාධාරණ කාලයක් ලබාදී නව ටෙන්ඩර් කැඳවීම සිදු කළ යුතු වේ. මෙම නව ටෙන්ඩර් කැඳවීමේදී තාක්ෂණික ඇගයීම් කමිටුවට PET ස්කෑන් පරීක්ෂණය සිදු කරන විකිරණ තාක්ෂණවේදී නිලධාරීන් කිසිවකුත් අපේක්ශා රෝහලේ බලධාරීන් විසින් සම්බන්ධ කරගෙන නොමැත.

අද වන විට රජයේ රෝහල් පද්ධතිය තුළ තිබෙන්නේ පෙට් ස්කෑන් යන්ත්‍ර 2ක් පමණක් වන අතර අනෙක් යන්ත්‍රය ශ්‍රී ලංකා ජාතික ‍රෝහලෙහි ස්ථාපනය කර තිබේ.

මෙම එක් යන්ත්‍රයක් මගින් දිනකට සිදුකල හැක්කේ රෝගින් 10 දෙනකුගේ පරීක්ශණ ප්‍රමාණයක් පමණි. පෞද්ගලික රෝහලකින් මෙම පරීක්ෂණය සිදු කර ගැනීම සඳහා රුපියල් ලක්ශ 3 ට වැඩි මුදලක් රෝගියෙකුට වැයකිරීමට සිදුවේ.

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වහාම ක්‍රියාත්මක වන පරිදි ආණ්ඩුකාර ලීසා කුක් ෆෙඩරල් සංචිත පාලක මණ්ඩලයෙන් ඉවත් කිරීමට නියෝග කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 26:ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ්...

සියලු දෙනා නීතිය ඉදිරියේ සමාන විය යුතුයි – ජනපති අනුර

රෂිකා හෙන්නායක අගෝස්තු 26, කොළඹ LNW: අද (26) කොළඹ දී...

මධ්‍යම පරිසර අධිකාරියට නව අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්

සටහන - රුවන් නෙළුගොල්ල මධ්‍යම පරිසර අධිකාරියේ පුරප්පාඩුව පැවති අධ්‍යක්ෂ...

හෙල්ලක් නොවන දුන්නක් …

නිශ්මං රණසිංහ අගෝස්තු 26, කොළඹ LNW: හෙල්ල කියන්නෙ අද යුද අවියක්...