රටේ ජාතික පරිවර්තනයක් වෙනුවට ජාතික ඛේදවාචකයක් නිර්මාණය වෙලා – විපක්ෂ නායක සජිත් (VIDEO)

ජනාධිපතිවරයා විසින් සිය කතාව මඟින් ජාතික පරිවර්තනයක් නිර්මාණය කිරීමේ කුළුණු 4ක් මත පදනම් වූ මාර්ග සිතියමක් නිර්මාණය කරන බවට පැවසුවත් රටේ ජනතාවගේ බඩටයි ආර්ථීකයටයි කුළු ගෙඩි 4කින් පහර දෙන රාජ්‍ය ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරමින් සිටින බවත් රට තුළ ජාතික පරිවර්තනයක් වෙනුවට ජාතික ඛේදවාචකයක් නිර්මාණය වී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (22) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

එසේම ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරු සුඛේපභෝගී ජීවිත ගත කරන විට රටේ බිම් මට්ටමේ ජනතාව විඳින දුක සම්බන්ධයෙන් ඔවුන්ට නිසි අවබෝධයක් නොමැති බවත් ජනාධිපතිවරයා විසින් රටේ ආර්ථිකය ගොඩ නගනවා යනුවෙන් කයිවාරු ගැසුවත් අවම වශයෙන් ජනතාවගේ ආර්ථිකය ගැන නිසි සමීක්ෂණයක් වත් කර නොමැති බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

මේ වන විට රටේ ආර්ථිකය සීග්‍ර ලෙස පහළ වැටෙමින් තිබුණත් හොරා කාපු පගා ගහපු රටේ සම්පත් සූරා කමින් රට බංකොලොත් කළ පිරිස රට නැවත සුන්දර යුගයකට යන බවට වන ව්‍යාජ කතා පතුරවමින් සිටියත් රටේ ජනතාව දුප්පත්කමින් දැඩි ලෙස පීඩාවට පත්ව ඇති බවත් ජනතාව වෙනුවෙන් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට පෙර දැන්වත් රටේ ආර්ථිකය සම්බන්ධයෙන් විධිමත් සමීක්ෂණයක් කර අවබෝධයක් ලබා ගන්නා ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එහිදී ඉල්ලා සිටියේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“Instagram is for girls” — Elon Musk ගේ එක වාක්‍යයෙන් Internet එක උණුසුම් වෙයි!

සටහන : පුලී ඔක්තෝම්බර් 03, LNW (කොළඹ); ලෝක ප්‍රකට ව්‍යාපාරිකයෙකු...

යේමනයේ ගැටුම් උත්සන්න වෙයි; හූති සටන්කාමීන් සිය ගණනක් මරුට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 03: යේමනයේ රජයේ...

ශක්තිමත් සහ විනිවිදභාවයෙන් යුත් දේශපාලන පක්ෂ වෙනුවෙන් ජාත්‍යන්තරයේ අවධානයට!

කොළඹ LNW:බෙල්ජියමේ බ්‍රසල්ස් නුවරදී පැවති "Political Parties Under Pressure...

ගල්කිස්සේ මාරක අනතුරක්. 67 හැවිරිදි පුද්ගලයෙක් මරුට!

කොළඹ LNW:ගල්කිස්ස, ගොළුමඩම බොරුපන අතුරු මාර්ගයේදී සිදු වූ අනතුරකින්...