ශ්‍රී ලංකා ඒ කණ්ඩායමට නිල නොවන ටෙස්ට් තරගාවලි ජය

Date:

ශ්‍රී ලංකා ඒ කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු ඒ කණ්ඩායම අතර පැවති සිව් දින නිල නොවන සිව්දින ටෙස්ට් තරගාවලිය අවසන් වූයේ 1- 0 ක් ලෙස ශ්‍රී ලංකාවට ජය හිමි වෙමින්ය.තරගාවලියේ පළමු තරගය ජය ගත්තද එම තරගයේද ශ්‍රී ලංකා පිතිකරුවන්ට දැඩි හිසරදයක් වූ දකුණු අප්‍රිකානු ඒ කණ්ඩායමේ වමත් දඟ පන්දු යවන්නා වූ සෙනුරාන් මුතුසාමි දෙවන ටෙස්ට් තරගයේදී අපූරුවට සිය අණසකට යටත් කර ගන්නට නායක මිනොද් භානුක සහ පසිදු සූරිය බණ්ඩාර සමත් වූහ.ඒ නිසා දකුණු අප්‍රිකාවට ශ්‍රී ලංකාවෙන් තරගය උදුරා ගන්න තිබුණ ඉඩ වසා දැමීමේ පූර්ණ ගෞවරය මිනෝද් බානුකට සහ පසිදු සූරියබණ්ඩාරට අයත් වෙති.


පළමු තරගයේ කඩුලු 12 ක් සහ දෙවන ටෙස්ට් තරගයේ පළමු ඉණිමේ කඩුලු 6 ක් දවා ගත් සෙනුරාන්ට දෙවන ටෙස්ට් තරගයේ දෙවන ඉණිමේ දී එක් කඩුල්ලක් හෝ ලබා ගන්නට ඉඩ නොලැබුණේ පසිදු (නොදැවී 113) සහ මිනෝද් (130) තෙවන කඩුල්ල වෙනුවෙන් එකතු කළ ලකුණු 254 ක දැවන්ත සබදතාවය හේතුවෙන්ය.ඒ නිසා සෙනුරාන්ට පන්දු ඕවර් 30 දී කඩුලු නොලද ලකුණු 121 ක් ලබා දුන් අවසාන ටෙස්ට් ඉණිමක් රැඟෙන යන්නට සිදු විය.


එසේම ශ්‍රී ලංකාව පැත්තෙන් ද හදිසි වී ඊ ළඟ ටෙස්ට් තරගයේදීම ප්‍රභාත් ජයසූරිය වෙනුවයට කැදවීම පසෙකලා අවධානයෙන් බලාගත යුතු හොඳ දඟ පන්දු යවන්නෙක් හමු විය.ඔහු ලක්ෂිත මානසිංහ ය.පළමු තරගයේදී ද ජයග්‍රහණය වෙනුවෙන් පන්දුවෙන් විශාල දායකත්වයක් පෑ ලක්ෂිත මෙම තරගයේ දී ද දකුණු අප්‍රිකානු ඒ ප්‍රථම ඉණිමේ දී ලකුණු 48 කඩුලු 5ු ක් දවා ගෙන කැපී පෙණෙන දස්කම් දැක්වීය.


වැඩි අවබෝධයක් සඳහා තරගයේ ලකුණු විස්තරයට පහත සබැඳීයෙන් පිවිසෙන්න .


https://www.espncricinfo.com/series/south-africa-a-in-sri-lanka-2023-1379628/sri-lanka-a-vs-south-africa-a-2nd-unofficial-test-1379635/full-scorecard

සටහන – නිෂ්මං රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අත්අඩංගුවට ගත් කටුනායක ගුවන් තොටුපල ආරක්ෂක නිලධාරියා ගැන විමර්ශනයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 16, කොළඹ LNW: ආයුධ තොගයක් සමඟ අත්අඩංගුවට...

හෙට තැපෑල අඩාල වෙයිද?

රෂිකා හෙන්නායක අගෝස්තු 16, කොළඹ LNW: හෙට (17) පස්වරු 4.00...

පාකිස්තානයේ රෝහල් තුළ දැඩි අර්බුදයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 16, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මේ වනවිට පාකිස්තානයේ...

පකිස්ථානයට බලපෑ ධාරානිපාත වර්ෂාව හා ගංවතුර තත්වය හේතුවෙන් 194දෙනෙකු මරුට

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 16: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පාකිස්ථානයට බලපාන ලද...