*
Friday, November 22, 2024
spot_img

Latest Posts

අර්ජුන,අර්ජුන – රොෂාන් අධිපතිවාදයේ කසය ලෙලවීම

ක්‍රීඩා අමාත්‍යංශයේ දී ඊයේ ජනමාධ්‍ය ඇමතූ අර්ජුන රණතුංග පැවසූ කරුණු අනුව ඉදිරියේදී තව දුරටත් ශ්‍රී ලංකාවේ ක්‍රීඩා සංගම්වලට මෙන්ම ජාතික ඔලිම්පික් කමිටුවට ද ස්වාධීන තීරණ ගැනීමේදී බලපෑම් ඇති විය හැකි බව පැහැදිළි විය.අර්ජුන පෙන්වා දුන්නේ ජාත්‍යන්තර ක්‍රීඩා සංගම්,එම ක්‍රීඩාවට අදාළ දේශිය සංගම්වලට වඩා ක්‍රීඩා අමාත්‍යංශය සමඟ සම්බන්ධතා පැවත්විය යුතු බව හෝ ක්‍රීඩා අමාත්‍යංශය සමඟද සම්බන්ධ විය යුතු බවය.එයින් හැඟෙන්නේ රටේ දේශපාලන අධිකාරියේ නියෝජනය වන ක්‍රීඩා අමාත්‍යංශයේ ප්‍රධානියා වන ක්‍රීඩා අමාත්‍යවරයාගේ තීරණවලට ශ්‍රී ලංකාවේ ක්‍රීඩා කටයුතුවලදී ජාත්‍යන්තර සංගම් එකඟ විය යුතු බවය.
ජාත්‍යන්තර ක්‍රිඩා සංගම් පුනා පුනා කියන දේශපාලන අතපෙවීම් ගැන කතාව තහවුරු කරන්නේ මෙවැනි ප්‍රකාශය.ඊට පසු ක්‍රීඩා අමාත්‍යවරයා අනිත් අයගේ පුරවැසිකම නැති කළ යුතු යැයි කියා වැඩක් නැත.තමන්ගේ බලයට අසීමාන්තික ඉඩක් ඇති බව සිතා කටයුතු කරන්නට යාම අවුලක්ය.

එසේම අර්ජුන ශ්‍රී ලංකා ක්‍රිකට් හී ලාභය ගැන සතුටු වන්නේ සතුටු වෙන්නන් වාලේය.ඒ ලාභය නොව වඩා වැදගත් වියදම් කර ඇති ආකාරය සෙවීමය.අනිත් ක්‍රීඩාවන්ට මෙන්ම ක්‍රීඩා අමාත්‍යංශයේ සුබ සාධනයට ද ක්‍රිකට්වලින් සල්ලි ගෙන ඇත.ක්‍රීඩා අරමුදලටත් සල්ලි ගෙන ඇත.ඔවුන් ඒ සල්ලි වියදම් කළ යුත්තේ ක්‍රීඪා අමාත්‍යංශය යටතේය.මේ තත්ත්වය උස්බෙකිස්තානයේ ගිය ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායමට බලපෑවේය.
ඔවුන් අමාත්‍යංශයෙන් මුදල් දෙන්නට නොහැකිකම මත අවසානයේ ක්‍රීඩා අමාත්‍යංශයෙන් උලකාර ඉල්ලා සිටියේය.ඒවා අමාත්‍යංශය හරහා පැමිණිය යුතු බව කීවේය.අවසානයේ අමාත්‍යංශයට දුන් මුදල මහා භාණ්ඩාගාරයට යවා ඇත.තවම නිදහස් වී පැමිණ නැත.නිලධාරීන් කිහිප දෙනෙකුගේ අතින් වියදම් කර යැවූ එම සංචාරයේ මුදල් තවමත් ඔවුන්ගේ අතට ලැබී නැත.ඒ අර්ජුනලා වැඩ කරන හැටිය.දෙන්නෙත් නැත.දෙන එක ගන්න දෙන්නෙත් නැත.ඇමති මෙන්ම අර්ජුන ද කැමති තමන්ට ඇති බලය පෙන්වන්නටය.ක්‍රීඩා සංචාර,ජයග්‍රහණ ඉන් අනතුරුවය.

ඊ ළඟට පාසල් ක්‍රීඩිකාවන් භාරව අධ්‍යාපන අමාත්‍යංශයෙන් පැමිණි නම කපා දැමිය.එම සංචාරයේ කළමණාකරු ද කපා දැමීය.සෘජුව ඒ ගැන පැනයක් නො’ආවද,අර්ජුන කියන්නේ ඒවාට උපදෙස් දෙන්නට ශ්‍රියාණි කුලවංශ ඇතුළු පිරිසක් සම්බනධ බවය.ශ්‍රියාණි අධ්‍යාපන අමාත්‍යංශයේ සේවිකාවක්ය.ඇය අධ්‍යාපන චක්‍රලේඛයක් උල්ලංඝණය කරන්නට උපදෙස් දී ඇත්නම් එය බරපතල වරදක්ය.එටස්ම තවමත් අධ්‍යාපන අමාත්‍යංශයෙන් ඇයට පුහුණු කටයුතු සඳහා පුහුණුකාරියක සේ ඉක්මණින් පිටව යාමට අවස්ථාව ලබා ගන්නීය.පුහුණුකාරියකට නීතිය යටතේ ජාතික ක්‍රීඩා සභාවේ සිටිය නොහැකිය.නමුත් නාමල් රාජපක්ෂලාගේ නිතිය රටේ නීතිය වීම නිසා එවැනි ගැටළු නොසැළකිණ.සමහර විට රාජ යෝගය ගැන හිතන රොෂාන් රණසිංහ ද චක්‍රලේඛ කියන්නෙ මම කියන මට්ටමෙන් පිම්ඹී ඇද්ද යන්න අප නොදනිමු.

ඔහු පුනා පුනා කියන නම් පරිපාලකයන් වශයෙන් මෙරට ක්‍රීඩා කේෂ්ත්‍රයේ මේ වන විට බලයක් ගන්නට බැරි චරිතය.දේශපාලන බලධාරියාගෙන් ලැබෙන දෙයක් පමණය.එහි සිටින ලසිත ගුණරත්න මෙන්ම වෛද්‍ය මයියා ගුණසේකර ද නියෝජනය කළ අතුරු කමිටුව රගර් ගිණුම හින්දුවා දැම්මේය.අවසාන වරට එහි සිටි සභාපති ලසිතය.ඔහු ඉවත්වන විට ණය බර මිලියන 55 කි.ඒ නිසාම මේ වන විට නිලවරණයකින් වත්මන් පරිපාලනයට අභියෝග කිරීමට ඔවුන් අසමත්ය.ඒ ණය බර අඩු කර වැඩ කර තිබෙන නිසාය.අර්ජුන ද නිලවරණයට ගොස් සිද්ධ වූ දේ දන්නේය.ශ්‍රියාණි ද පරාජය විය.ඒ නිසා මොවුන්ට සිය ක්‍රිඩාවන් පරිපාලනයට ඇමතිගේ අතුරු කමිටුවක් හෝ නැතිනම් ඇමතිගේ වෙනත් ආකාරයේ බලයක් අවශ්‍යය වන්නේය.රොහාන් ප්‍රනාන්දු ද සභාපතිකමට තරග කර පරාජය වූවේය.

දැන් ක්‍රීඩා ඇමතිවරයා තමන්ගේ උපදේශක හැටියට තෝරා ගන්නේ අදාළ ක්‍රීඩාවන්ට සම්බන්ධ පරිසරයේ ප්‍රතික්ෂේප වූ අයය.මනුෂ්‍යයන් හැටියට තමන්ට එරෙහිව බලය ලැබූ අය සම්බන්ධයෙන් සහ බලය ඇති අය සම්බන්ධයෙන් බලපෑමක් කළ හැකි අයය.වත්මන් ඇමතිට ඒ තත්ත්වය ගැලපෙන්නේ තමන් ළඟට එන කරුණුවල කුමන හෝ වෙනසක් කර බලය පෙන්විය යුතු බව සිතන නිසාය.ඒ බලයේ පරිමාවේ තරමට මේ වන විට ක්‍රීඩා දෙකකට වැඩ සිද්ධ වී හමාරය.අර්ජුන හෝ ඇමති රොෂාන් අයිසීසීයේ බලපෑම තඹයකට මායිම් නොකරන බව පෙනෙන්නේ හිටපු නායකයෙක් හැටියට ඔහු පැවත්වෙමින් තිබෙන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ජයග්‍රහණය අවිනිශ්චිත බව වහෙන් ඔරෝ කියමින් ක්‍රිඩකයන්ට දිරියක් වන ආකාරයෙන් කරපු ඇමතීම නිසාය.
අර්ජුන 96 ලෝක කුසලානය දිනාගත් පසු අද ඔහුගේ ප්‍රති පාර්ශවය සේ හැදින්වෙන් තිලංගලා සිටියේ එකටය.අර්ජුනගේ අයියා ක්‍රිකට් විධායක විය.අවසානයේ ඔහුට චෝදනා බොහෝ එල්ල වූ අතර තිලංගලා සමග අර්බූද හදා ගැනීම තනතුරු අහිමි වීම වැනි කරුණු මත ඔහු දිවයින හැර ගියේය.නමුත් ඒ සම්බන්ධ පරීක්ෂණ කිරීම හෝ නිදොස් කොට නිදහස්වීම් සිදු වූ බවක් වාර්තා නොවුණු අතර ධම්මික අර්ජුන ඇමති පදවිය දරද්දී ලංකාවට පැමිණ රජයට සම්බන්ධ ආයතනවලද සභාපතිකම් දැරීය.ක්‍රිකට් සාර්ථක කරන්නට දායකත්වය සඳහා අත්වැල් බැදගත් අර්ජුන එහි කීර්තිය තමන් වෙත වැඩිපුර පවරා ගන්න ගත් උත්සාහය 99 දී දැක ගන්නට ලැබුණු අතර තරගවලියේ මූලික වටයෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියෙන් දොට්ට වීසි විය.

ඒ නිසා අසාර්ථකවීම් ගැන ලෝක සූරතාවක සිට වසර තුනක් යද්දී ප්‍රතිපලය බහුතරයක් එම කණ්ඩායම් සංයුතියම තිබියදී සිදු වූ අයුරු කතා කිරීම අමතක කර ආසියානු කුසලාන තරගාවලියේ දී සාර්ථක වූ සහ ටෙස්ට් පිටියේ යම් යම් ජයග්‍රහණ ගෙන ආ තත්ත්වයන් නොසළකා ශ්‍රී ලංකාවේ ක්‍රිකට් බිංදුවට දමා තමාට පමණක් ක්‍රිකට් නංවන්නට අදහසක් ඇතැයි කියන්නට දරන උත්සාහය සහ ක්‍රීඩා ඇමතිගේ මානසිකත්වය අනුව ක්‍රිකට්වල තත්ත්වයද ඉදිරියේදී අසුබ තැනකට ඇඳ වැටුණොත් පුදුම විය යුතු නැත.

කෙසේ හෝ වර්තමානයේ ක්‍රීඩා සංගම්වලට බලයේ සිටීමට වත්මන් තත්ත්වය නිසා යම් ස්වාධීනත්වයක් අවශ්‍යය වී ඇත.ඒ ක්‍රීඩා අමාත්‍යංශයට බොහෝ විට ඔවුන්ගේ තරග සංචාරවලට මුදල් සැපයීම ආදියට දායකවීමට අර්ජුනම පවසන පරිදි හැකියාවක් නැති නිසාය.ඒ තත්ත්වය වඩාත් වැදගත්ය.තෝරාගත ක්‍රීඩා සංචාරවලට මිස හැම එකටම ක්‍රීඩා අමාත්‍යංශයේ මුදල් වැය කළ යුතු නැත යන්න අප බොහෝ කළෙක විට පැවසුවෙමු.එවැනි තත්ත්වයකදී ක්‍රීඩා අමාත්‍යංශය ක්‍රීඩා සංගම් හෝ සම්මේලන සොයාගත් මුදලින් යන සංචාර සහ පෞද්ගලිකව නිලධාරීන් අතින් වියදම් දරා ගනිමින් යන සංචාරවලට මැදිහත් වෙමින් එම නම් කපා හැරිමද දුෂ්ඨ ක්‍රියාවකි.එසේම මුදල් සොයා ගත් දංගම්වල මුදල් ගෙන්වා ඒවා මහා භාණ්ඩාගාරයට යවා නැවත ලබා ගැනීම ප්‍රමාද කිරීමද නොකළ යුතු ක්‍රියාවකි.ක්‍රීඩා අමාත්‍යංශයෙන් එවැනි වැඩ සිදු වේනම් ඒවා ද නැවත්විමට අමාත්‍යවරයාට උපදෙස් දෙමින් මඟ පෙන්විය යුතු ක්‍රීඩා සභාව ඒවාට සවියක් වන බව පෙනෙන්නට තිබීම නුසුදුසුය.

ලංකාවේ සමස්ත තත්ත්වයට අපි සැවොම මුහුණ දෙමින් සිටින්නෙමු.මේ රට මේ මොහොතේ ජීවත්වීමට හොඳ නැති තැනක් සේ සළකා රටින් පිටව යන පිරිස අතර සියලුම වර්ගයේ වෘත්තිකයෝ වෙති.ඒ නිසාම මැන්චෙද්ටර් සංචාරයේදී මාධ්‍යවේදීන් ද අතුරුදහන් විය.මේ ගැන සිතා බැලීමේදී ක්‍රීඩකයන්ට පෝෂණ මුදල් හෝ එක දිගට දී ගන්නට නොහැකි තත්ත්වයක අමාත්‍යංශය සිටිනවානම් එයින් පෙනෙන්නේ ක්‍රීඩකයාට ක්‍රීඩාව කිරීමෙන් තමන්ගේ ජීවිතයට ස්ථීර වාතාවරණයක් නොසෑදෙන බවය.ඉහළ කාර්ය සාධන සංචිතයේ සිටින පිරිස් සමහර විට පුහුණුව ලබන්නේ කොළඹින් බැහැරය.ඔවුන්ට කෑම වේලේ මුදලවත් නොදෙන ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවකින් ක්‍රීඩාවේ සංවර්ධනය අපේක්ෂා කළ හැකි ද? ජාතික ක්‍රීඩා සභාව අමාත්‍යවරයාට උපදෙස් දිය යුතුව ඇත්තේ මෙවැනි කාරණා නිරාකරණය කර ගැනීමටය.

නමුත් ඔවුන් උත්සාහ කරමින් සිටින්නේ සහ දකින්නේ ජාත්‍යන්තර ක්‍රීඩා සංගම් ඔවුන්ගේ දේශිය පරිපාලනයට වඩා අමාත්‍යවරයා සමඟ එකඟ වී තීරණ ගන්නා තත්ත්වයට ගෙන ඒමේ උවමනාවය.මේ උත්සාහය භයානක තත්ත්වයකි.ඒ වෙනුවෙන් ක්‍රීඩාවන්ට බලපෑම් කිරීම සහ ජාත්‍යන්තරයට බලපෑම් කිරීම යන කාරණාවන් නැවතිය හැක්කේ ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේ පෙනී සිටීමේ හැකියාව ජාතික ඔලිම්පික් කමිටුවට පැවරුමෙන්ය.එතැන් සිට අර්ජුනලාට මෙවැනි කයිවාරු ගසන්නට තිබෙන ඉඩ සම්පූර්ණයෙන්ම අහිමි වී ගොස් ක්‍රීඩා පණත අවලංගු කොළයක් වන්නට ඉඩ ඇත.

එසේම කුමන හෝ දවසක තමන්ට බලයක් අත් වුවහොත් එය ද දේශපාලන අතපෙවීම් සමඟ කරගෙන යන්නට අවශ්‍යය පරිදි මාර්ගය සකස් කර ගනිමින් තමන්ගේ ස්වාධීනත්වට ගැටළුවක් වන තත්ත්වයක් අනාගතයට නිර්මාණය කර ගන්න අර්ජුනලා උත්සාහ කරමින් සිටින බව ඔවුන්ට නොදැනෙන්නේ දුර වෙනුවට ළඟ බලන නිසාය.

දොහොත් මුදුන් දී බුදුන් වදින අමාත්‍යවරයා සහ අර්ජුන දැනගත යුත්තේ බුදු දහමේ කියා ඇති පරිදි වෛරයෙන් වෛරය නොසන්සිඳෙන බවය.ළඟ නොව දුර බැලිය යුතු බවය.අපි ඉදිරය බලා සිටිමු.ක්‍රිකට්වලට මෙන්ම ආසියානු ක්‍රිඩා උළෙල සම්බන්ධයෙන් ද තීරණ ගැනීමේදී යහපත් තත්ත්වයක් උදා විය නොහැකි බවට හඟවමින් කසය ලෙල වූ බව අර්ජුනගේ මාධය සාකච්ඡාව පිළිබ ද අපේ අදහසය.
පාඨකයන්ටත් දැන ගැනීම සදහා ඔහුගේ හඩ පිටිව අපි මේ සමඟ පළ කරන්නෙමු.ඒ අපේ කියවීම සහ ඔබේ කියවීම සමානදැයි විමසා බැලීමටය.

සටහන – නිශ්මං රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan