දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම කිරීම ගැටලුවක් –  මහාචාර්ය වසන්ත අතුකෝරළ

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  ආර්ථිකය හැකිලීමට ප්‍රධාන හේතුවක් ලෙස දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම බව පෙන්වා දෙන  පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා එමගින් සමාජමය බලපෑමක් ද විශාල ලෙස සිදුවිය හැකි බව  පෙන්වා දෙයි.

“මේ වෙනකොට ලංකාවේ මුළු ණය ප්‍රමාණය ඩොලර් බිලියන 92කට ආසන්න ප්‍රමාණයක්. ඉන් ඩොලර් බිලියන 47ක් විතර තියෙන්නේ දේශීය ණය. බිලියන 36ක් විතර තියෙන්නේ විදේශීය ණය.”

“රජය සහ මහ බැංකුව මේ වනවිට කඩිනමින් සිදුකිරීමට යන්නේ මේ දේශීය ණය කොටස යම් ආකාරයකට ප්‍රතිව්‍යුහගත කිරීමට. මේ දේශීය ණය තුළ වැඩි ප්‍රමාණයක් තියෙන්නේ භාණ්ඩාගාර බිල්පත් සහ භාණ්ඩාගාර බැඳුම්කර.”

“මේවා තුළ තියෙන්නේ මේ රටේ මහජනතාවගේ මුදල්. මේ ප්‍රමාණය යම් ආකාරයකට කප්පාදුවකට ලක් කළොත් අනිවාර්යයෙන්ම සමාජ ආර්ථික බලපෑමක් සමාජය තුළ සිදුවෙනවා. වඩාත් දරුණු ආකාරයට පුද්ගලයින්ට බලපාන්නට පුළුවන්කම තිබෙනවා.. මොකද ආර්ථිකය හැකිලෙනවා.”

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වික්ටෝරියා හි මෙල්බර්න් නුවර රික්ටර් මාපක 4.8 ක භූමිකම්පාවකින් කැළඹෙයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 02, කොළඹ LNW : මෙල්බර්න් නුවරට කිලෝමීටර්...

G7 රටවල් තෙල් බැරල් මිලියන 100ක් වෙළඳපොළට නිකුත් කිරීමට තීරණය කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 02: ඉහළ යමින්...

මැන්චෙස්ටර් සිටි හිමිකරුවන් සමඟ පැවැත්වූ සියලු සාකච්ඡා හෙළි කරන ලෙස ඇන්ඩි බර්න්හැම්ගෙන් ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂය ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 02: බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය...

ඉන්දීය නියමුවා අගමැති මෝදිට සියල්ල පවසයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 02, කොළඹ LNW : ඩුබායි සිට ටෙල්...