ගුවනට මුසු වු ගුවන් හරසර

Date:

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් දිරි ගැන්විමේ අරමුණින් ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩා කවුන්සිලය විසින් සංවිධානය කරනු ලැබු ගුවන් හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයීමේ උළෙලක් ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් ගුවන් හමුදා මූලස්ථානයේදී පැවැත්විණි.

වත්මන් ආර්ක්ෂක සේවා ක්‍රීඩා කවුන්සලයේ සභාපතිතුමන් වන ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ විසින් 2023 ලෝක ආරක්ෂක සේවා බිචි වොලිබෝල් තරගාවළිය සාර්ථකව සංවිධානය කිරිම වෙනුවෙන් ලෝක ආරක්ෂක සේවා ක්‍රීඩා කවුන්සලය විසින් නිර්දේශ කරනු ලැබු නයිටි ගෞරව නාමය ශ්‍රී ලංකා ගුවන් හමුදා වොලිබෝල් සංගමයේ සභාපති එයාර් වයිස් මාර්ෂල් නිශාන්ත තිලකසිංහ හා ශ්‍රී ලංකා ගුවන් හමුදා වොලිබෝල් සංගමයේ ලේකමි ගෲප් කැප්ටන් ක්‍රිෂාන්ත ප්‍රනාන්දු හට ප්‍රධානය ද මෙහිදි සිදුවිය.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව නියෝජනය කරමින් ජාතික හා ජාත්‍යන්තර තරග සදහා සහභාගි වු හා ජයග‍්‍රහන ලැබු රග්බි, මල්ලවපොර, බොක්සිං, ජුඩෝ, කැරමි, බිචි වොලිබෝල්, ස්කොෂ්, ටයිකෝඩෝ සහ පාපැදි ක්‍රීඩා කණ්ඩායමි වල ක්‍රීඩක ක්‍රීඩිකාවෝ මෙහිදී ඇගයීමට පාත්‍ර වූහ. ජාතික බොක්සිං ශුරතාවළියේ 2022 වසරේ හොදම බොක්සිං ක්‍රීඩිකාව වු නායක ගුවන් කන්තා මල්ෂානි කුරේ හා 2023 වසරේ 4 වන ලෝක ආරක්ෂසේවා බිචි වොලිබෝල් තරගාවලියේදි කාන්තා අංශයේ අනුශූරයන් වු කෝප්‍රල් දිනේෂා ප්‍රසාදිනී, කෝප්‍රල් ජේඩබ්ලිව්පී තුෂාරි යන ක්‍රීඩිකාවෝ මෙහිදී සමරු තිළිණ හා මුදල් ත්‍යාග ලැබූහ.

මෙම අවස්ථාව සදහා ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී තුමන් ඇතුළු ගුවන් හමුදා අධ්‍යක්‍ෂක මණ්ඩලයේ නිළධාරීන්, ගුවන් හමුදා ක්‍රීඩා සංචිත සභාපතිවරුන්, ගුවන් හමුදා ක්‍රීඩා සංචිත ලේකම්වරුන්, ක්‍රීඩා සංචිත කළමණාකරුවන් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් බොහෝ පිරිසක් එක්ව සිටියහ.

සටහන – නිශ්මං රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රනිල්ගේ මීළඟ නඩු දිනය ඔක්තෝබර් 29

සටහන - රුවන් නෙළුගොල්ල ජනාධිපති ධුරය දරණ සමයේ ලන්ඩනයේ සිදුකරන...

රනිල් ඇප මත නිදහස්!

කොළඹ LNW: පොදු දේපළ පනත යටතේ රක්ෂිත බන්ධනාගාරගත කර...

රනිල්ට ඇප ගන්න නීතිඥ කණ්ඩායම දැඩි උත්සාහයක. නීතිපති දෙපාර්තමේන්තුවෙන් අඛණ්ඩ විරෝධය!

කොළඹ LNW:හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ඇප ලබාගැනීමට...