ඩීල් කාරයෝ සංචාරක කර්මාන්තය වනසන වෑයමක

සංචාරක කර්මාන්තය ශ්‍රී ලංකාවේ ආර්ථිකයට තීරණාත්මක කර්මාන්තයකි. Covid වසංගතය පැවති වසර දෙක තුළ ශ්‍රී ලංකාවට සංචාරක ව්‍යාපාරය පහළ ගිය අතර එහි ප්‍රතිඵලය වූයේ අපට ඩොලර් බිලියන 6 ක ආදායමක් අහිමි වීමයි. මෙය විශාල බලපෑමක් ඇති කළ අතර අවසානයේ රටේ ඩොලර් හිඟය හේතුවෙන් පුරවැසියන්ට විදුලිය, ගෑස් සහ ඉන්ධන පවා හිඟ වුණි.

අද වන විට සංචාරක කර්මාන්තය යම්තාක් දුරට යථා තත්ත්වයට පත් වී ඇති අතර ශ්‍රී ලංකාවට එය වැටී සිටි අවුලෙන් ගොඩ ඒමට ද සංචාරක කර්මාන්තය සහාය වන බව අද අපට පෙනේ. මෙය සමහර ‘ගිජු ලිහිණියන්’ දකින්නේ ‘රන් බිත්තර දමන පාත්තයා මරා’ මුදල් ඉපයීමේ අවස්ථාවක් ලෙසය. යම් කලක සිටම සෑම සංචාරකයෙකුම ගෙවිය යුතු අනිවාර්ය රක්ෂණ වාරිකයක් එකතු කිරීමට උත්සාහ කර ඇත. මෙය විහිළුවකි. අප කළ උත්තේ අපගේ වියදම් අඩු කර ගැනීම මිස වැඩි කරගැනීම නොඅවනු අතර එය කර්මාන්තය විනාශ කරනු නොඅනුමානය. ඕනෑම විදේශිකයෙකුට අපගේ රක්ෂණය අවශ්‍ය වන්නේ ඇයි? ඔවුන්ට ඔවුන්ගේම රක්ෂණයක් ඇත.

සංචාරක කර්මාන්තය බේරාගැනීමේ මුවාවෙන් මෙම උත්සාහය සිදුවන බව පෙනී යයි. TUI වැනි ප්‍රධාන සංචාරක ක්‍රියාකරුවන් මෙයට එකඟ වෙයිද? වර්තමානයේ සංචාරකයෙකු ඩොලර් 60 ක ගුවන් තොටුපළ බද්දක්, වීසා ගාස්තු සදහා ඩොලර් 30 ක් ගෙවයි, එය මුළු ඩොලර් 90 කි. මෙම නව රක්ෂණ ක්‍රමය සමඟ තවත් ඩොලර් 35 ක් එයට එක් වනු ඇත.

සංචාරකයින් සඳහා අනිවාර්ය රක්ෂණයක් අය කරන්නේ ලෝකයේ කොහේද? මෙය ප්‍රථම වරට ශ්‍රී ලංකාවෙන්ම හදුන්වා දෙන්නක්:

මේ වන විට ශ්‍රී ලංකාවට සංචාරකයින් 500,000 ක් පැමිණ ඇත. එය සිදු කර ඇති ධනාත්මක ආර්ථික වෙනස් කිරීම පිලිබදව සලකා බලන්න. කවුරුහරි ඩොලර් කොමිස් ගැන සිහින දකිමින් කර්මාන්තය විනාශ කිරීමට උත්සාහ කරයි.

මෙසේ අය කිරීම් කළහොත් ලංකාවේ සංචාරක කර්මාන්තය විනාශ වන දිනය වැඩි ඈතක නොවේ. මෙය සැබෑම ව්‍යයසනයකි. අපි අවම වශයෙන් සංචාරකයින් මිලියන 2 ඉක්මවන තෙක් වත් ගාස්තු එකම ප්‍රමාණයකින් තබා ගත යුතුය.

ඉදිරි සතිවලදී අපි මෙම ගනුදෙනුව සහ එය පිටුපස සිටින්නන් පිළිබඳ වැඩිදුර තොරතුරු හෙළිදරව් කරන්නෙමු.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රනිල් – සජිත් හෙට එකම වේදිකාවක

මහාමාන්‍ය ඩී. එස්. සේනානායක දේශපාලන පීඨයේ ආදි විද්‍යාර්ථයින්ගේ සංගමය...

ශිරන්ති රාජපක්ෂ රටින් පිටවෙයි !

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ...

නාමල් රාජපක්ෂ අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික...

චීනයට, ඉරාන–ඇමරිකා අර්බුදයේ මැදිහත්කරු විය හැකිද? ඉරාන විදේශ ඇමති බීජිං වෙත

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ඉරානය හා ඇමරිකාව...