නීතිවිරෝධී ගිනිඅවි ගැන තොරතුරු දෙන අයට ගෙවන ත්‍යාග මුදල් වැඩිකෙරේ

නීතිවිරෝධී ගිනිඅවි සහ අත්බෝම්බ සෙවීමේ මෙහෙයුම් තවදුරටත් වැඩිකිරීමට තීරණය කර ඇති අතර ඒ සඳහා සියලු පොලිස් නිලධාරීන් සහ පුද්ගලික ඔත්තුකරුවන් දිරිගැන්වීමට පොලිස් ත්‍යාග අරමුදලින් ත්‍යාග ගෙවීමේදී මාසයක කාලයක් සඳහා ත්‍යාග මුදලේ වටිනාකම වැඩිකිරීමට තීරණය කර ඇති බව පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා සියලුම ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරීන්ට ලිඛිතව දැනුම් දී තිබේ.

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ නියෝග පරිදි මෙම තීරණය ගෙන ඇත.

ඒ අනුව නීතිවිරෝධී ගිනිඅවි සහ අත්බෝම්බ අත් අඩංගුවට ගන්නා පොලිස් නිලධාරීන් සහ පුද්ගලික ඔත්තුකරුවන් සඳහා ගෙවන මුදල වැඩිකර ඇති ආකාරය පහතින් දැක්වේ.

මෙය 2023.06.25 සිට 2023.07.31 දින දක්වා කාලය තුළ සිදුකරන වැටළීම්වලදී අත් අඩංගුවට ගන්නා නීතිවිරෝධී ගිනිඅවි සහ අත්බෝම්බ සඳහා අදාළ වන බවයි පොලිස්පතිවරයා දැනුම් දී ඇත්තේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

භූතානයේ මනස්කාන්ත නගරය වෙනුවෙන් චෛත්‍ය 108ක්!

"දළ ජාතික සතුට" (Gross National Happiness) සිය සංවර්ධන දර්ශනයේ...

අගමැති හරිනි 2026 CHOGM සඳහා සහභාගී වීමට ඇන්ටිගුවාට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 02, කොළඹ LNW: කැරිබියානු කලාපයේ ඇන්ටිගුවා සහ...

Formula One’ ලෝක ශූරයා වූ කිමි ඇන්ටනෙලි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 02, කොළඹ LNW: වයස අවුරුදු 20 න්...

බඩෝවිට අසංකගේ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරිය දෙහිවලදී අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 02, කොළඹ LNW: පොලිස් විශේෂ කාර්ය බළකාය...