*
Friday, September 20, 2024
spot_img

Latest Posts

සජිත්ගේ “සක්වල” වැඩසටහනින් කොළඹ ටී.බී. ජයා සහිරා විද්‍යාලයට සුහුරු පන්ති කාමරයක්

දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ 99 වැනි ජන්ම දිනය නිමිති කොට ගෙන පෙරේදා දිනයේදී (23) කොළඹ ටී.බී. ජයා සහිරා විද්‍යාලයේ දරුවන් වෙනුවෙන්, සුහුරු පන්ති කාමර පරිත්‍යාග කෙරුණා.

ඒ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන්.

ජන්ම දිනය සැමරීම වෙනුවෙන් බොහෝ දෙනෙක් උත්සව පවත්වදී, එවැනි දේ පසෙකලා, රටට අගයක් එකතු වන වටිනාකමක් එකතු වන කටයුත්තක් සිදු කිරීමට අපේක්ෂා කළ බවත්, ඒ යටතේ “සක්වල” තොරතුරු තාක්ෂණ ව්‍යාපෘතියේ 32 වැනි පාසල ලෙස ටී.බී. ජයා සහිරා විද්‍යාලයට ලක්ෂ 10කට වටිනා ස්මාර්ට් පන්ති කාමරයක් ලබාදුන් බවත්, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවා.
නූතන ලෝකයට සරිලන තාක්ෂණයෙන් පිරිපුන් දරු පරපුරක් නිර්මාණය කිරිමේ අරමුණීන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බවත්, විපක්ෂ නායකවරයා අවධාරණය කළා.

වැටී ඇති ප්‍රපාතයෙන් රටට ගොඩ එන්න හැකි බවත්, ජාතියක් ලෙස අපට එය කළ හැකි බවත්, ඒ සදහා අප රට නූතනවාදීව නවීකරණය කළ යුතු බවත් පැවසු සජිත් ප්‍රේමදාස මහතා, ලෝකයට සරිලන සුහුරු පුරවැසියා බිහිකිරීම සමගි ජන බලවේග රජයක එකම අරමුණ බවත් ප්‍රකාශ කළා.

මාධ්‍ය තුළ පවා වැඩි ප්‍රතිචාර ලැබෙන්නේ අර්ථවත් දෙයට නොවන බවත්, තොරතුරු තාක්ෂණයෙන් රට දිනවන බවට රජය කියා සිටියත්, අගනුවර ඇතැම් පාසල්වල පවා පරිගණක පහසුකමක්වත් නොමැති බවත් පෙන්වා දුන්නා.

එය වෙනස් කිරීමට සඳහාත් මෙරට අධ්‍යාපන ක්‍රමයේ සුවිශේෂී වෙනසක් ඇති කළ යුතු බවයි, විපක්ෂ නායකවරයා මෙහි දී අවධාරණය කළේ.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan