*
Thursday, September 19, 2024
spot_img

Latest Posts

විදේශ රැකියා ක්ෂේත්‍රය ඩිජිටල්කරණයට

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  සිංහල රාවය සංවිධානයේ පූජ්‍ය අක්මීමන දයාරතන හිමි ඇතුළු පිරිසක් විදේශ රැකියා ක්ෂේත්‍රය ඩිජිටල්කරණයට ලක් කරන ලෙස ඉල්ලා අමාත්‍යාංශයට පැමිණ සිදුකළ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් විදේශ රැකියා ක්ෂේත්‍රය ඩිජිටල්කරණයට ලක් කිරීම සදහා අවශ්‍ය පියවර ගනිමින් සිටින බව කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසයි .

එහිදී , විදේශ රැකියා ක්ෂේත්‍රය ඩිජිටල්කරණයට ලක් කිරීම මගින් පවතින ගැටළු 99%ක් විසඳාගත හැකි බවයි කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ ලේකම් ආර්.පී.ඒ. විමලවීර මහතා ප්‍රකාශ කර ඇත්තේ,

ඒ අනුව විදේශ රැකියා ඩිජිටල්කරණය කිරීම සම්බන්ධයෙන් වන අනුමැතීන් ලබාගැනීම මාස දෙකක කාලයක් ඇතුළත අවසන් කිරීමට හැකියාව ලැබෙනු ඇති බවට අපේක්ෂා කරන අතර ලබන වසරේ ජනවාරි මාසයේ සිට මෙම ඩිජිටල්කරණ ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීමට හැකිවනු ඇති බව අමාත්‍යාංශ ලේකම්වරයා සඳහන් කර ඇත.

අදාළ සාකච්ඡාවේ දී විදේශ රැකියා ඒජන්සි ශ්‍රේණිගත කිරීම සදහා ක්‍රමවේදයක් සකස් කරන ලෙස සිංහල රාවය සංවිධානයේ ලේකම් මධුභාෂණ ප්‍රභාත් රණතුංග මහතා ඉල්ලා ඇති අතර , ඊට අදාළ ක්‍රමවේදයක් සකස් කරන ලෙස මනුෂ නානායක්කාර අමාත්‍යවරයා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට එම අවස්ථාවේ දී උපදෙස් ලබා දී ඇත

අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා එහිදී වැඩිදුරටත්  ප්‍රකාශ කර ඇත්තේ, සංචාරක වීසා මගින් විදේශ රැකියා සදහා ශ්‍රමිකයින් රැගෙන යාමේ ජාවාරම් වැළැක්වීම සදහා විදේශ සේවා නියුක්ති කාර්යංශ පනත වෙනස් කිරීමට කටයුතු කරන බවයි .

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan