*
Saturday, September 21, 2024
spot_img

Latest Posts

දේශීය පුවත් විස්තරය: සාරාංශය 06/28

  1. වසර 05ක් තුළ ඇ.ඩො. බිලියන 41 ක් වූ රටේ සමස්ත විදේශ ණයෙන් ඇ.ඩො. බිලියන 17ක් ප්‍රතිව්‍යූහගත කිරීමට රජය අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි: ඒ අනුව, දේශීය ණය ද ප්‍රතිව්‍යූහගත කළ යුතු බව පවසයි: ජනාධිපතිවරයා පැවසූ විදේශ ණය ප්‍රමාණයෙන් ඇ.ඩො. බිලියන 13 ක්ම “ප්‍රමුඛතා” ණයහිමියන් වෙත (ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල) ගෙවීමට ඇති ඒවා බැවින් එම මුදල ප්‍රතිව්‍යූහගත කිරීමට අදාළ නොවන අතර, එබැවින් ප්‍රතිව්‍යූහගත කිරීමට අදාළ වන්නේ ඇ.ඩො. බිලියන 28 ක් පමණක් බව විශ්ලේෂකයෝ පවසති: ඇ.ඩො. බිලියන 28 ක ඉතිරි පෞද්ගලික හා ද්වීපාර්ශ්වික ණයහිමියන් ඇ.ඩො. බිලියන 17 ක ණය සඳහා 60% ක ණය කප්පාදුවක් (haircut) අනුමත කරනු ඇතැයි අපේක්ෂා කිරීම කිසිසේත්ම විය හැක්කක් නොවන බව ද පෙන්වා දෙති.
  2. දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම, සේවක අර්ථ සාධක අරමුදලේ (EPF) සහ සේවක භාර අරමුදලේ (ETF) සාමාජික ශේෂයන්ට, සහ මීට ඉහත ගෙවන ලද ප්‍රතිලාභ අනුපාතයට (rate of return) බලපාන්නේ නැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි: ජනාධිපතිවරයාගේ ප්‍රකාශය අනුව, 2022 දෙසැම්බර්වලින් අවසානවන සාමාජික ගිණුම්වල ශේෂය මතින්, 2023 වර්ෂය සඳහා ගෙවීමට ඇති 20 – 25% පමුණ වූ පොලී ගෙවීම රජය විසින් පැහැර හරිනු ඇති බවට විශ්ලේෂකයෝ බිය පළ කරති.
  3. දේශීය ණය ප්‍රතිව්‍යූහගත කිරීම, බැංකු පද්ධතිය තුළ ඇති තැන්පතුවලට සහ දැනට ගෙවමින් තිබෙන බැංකු තැන්පතුවලට අදාළ එකඳු පොලියකට හෝ කිසිඳු බලපෑමක් එල්ල නොකරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි: රජයේ ණය ප්‍රතිව්‍යූහගතකළ පසු, බැංකුවල ද්‍රවශීලතාවයට සහ ස්ථාවරත්වයට බලපාන අන්දමින් රජය විසින් ණය පැහැර හැරීමේ ප්‍රභල හැකියාවක් ඇති බවට විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
  4. ඊයේ දින මහ බැංකුවේ භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසිය දරුණු ලෙස අසාර්ථකභාවයට පත්වෙයි: රු. බිලියන 130 කින් අනුමත වී තිබෙන්නේ රු. බිලියන 55 (42%) පමණි: ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රු. 316.72 වාර්තා කරමින් අඛණ්ඩව තුන්වන වරටත් අවප්‍රමාණය වෙයි: කොටස් වෙළඳපොල පාඩු වාර්තා කරන අතර, සියලු කොටස් මිල දර්ශකය (ASPI) 0.69% කින් කඩා වැටෙයි.
  5. ප්ලාස්ටික් කැප්සියුලවල බහාලූ රත්‍රන් තම ගුදමාර්ගයේ සඟවාගෙන රටින් පිටව යාමට තැත්කළ ශ්‍රී ලාංකික පුද්ගලයන් පස් දෙනෙකු අත්අඩංගුවට ගත් බව රේගු ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ සුදත්ත සිල්වා පවසයි: ජෙල් වැනි සංයෝගයක ගිල්වූ රු. මිලියන 107 ක් වටිනා රත්‍රන් ග්‍රෑම් 5,650 ක් බහාලූ මෙවන් කැප්සියුල 15ක් රේගු නිලධාරීන් විසින් සොයාගෙන තිබේ.
  6. අග්‍රාමාත්‍යවරයාගේ ඉල්ලීම මත, කතානායක මහින්ද යාපා අබේවර්ධන විසින් ජූලි 01 වන සෙනසුරාදා දින විශේෂ පාර්ලිමේන්තු සැසියක් කැඳවා තිබේ: යෝජිත දේශීය ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ වැඩසටහනට පාර්ලිමේන්තු අනුමැතිය ලබා ගැනීම සඳහා මෙසේ පාර්ලිමේන්තුව කැඳවා ඇති බවට ආරංචිමාර්ග පවසයි: 2022 අප්‍රේල් 12 වන දින ණය පැහැර හරින බවට ශ්‍රී ලංකාව පළමු වරට නිවේදනය කරන විට මෙවන් අනුමැතියක් ලබා ගැනීමට කටයුතු නොකළ බවට විශ්ලේෂකයෝ සිහිපත් කරති.
  7. “අස්වැසුම” ප්‍රතිලාභ ලැබීම සඳහා සුදුසුකම් ලබන්නන් තීරණය කර තිබීම තුළින් දැනටමත් සමෘද්ධි ලබන්නන්ට විශාල අසාධාරණයක් සිදුව ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පා.ම. නාමල් රාජපක්ෂ පවසයි: “අස්වැසුම” ක්‍රියාත්මක කිරීම සඳහා සමෘද්ධි ප්‍රතිලාභය කප්පාදු කරමින් ආණ්ඩුව ජනතාව මුලා කර ඇති බවට සමඟි ජන බලවේගයේ පා.ම. එස්.එම්. මරික්කාර් පවසයි: “අස්වැසුම” සුභසාධන සැලැස්ම නැවැත්වීම සඳහා විවිධ කණ්ඩායාම් විසින් දියත් කර තිබෙන දේශපාලනික න්‍යායපත්‍රවල වින්දිතයන් බවට ජනතාව පත් නොවිය යුතු බව රාජ්‍ය අමාත්‍ය අනූප පැස්කුවෙල් පවසයි.
  8. ඖෂධ වර්ග 60 ක මිල 16% කින් අවම කරමින් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ගැසට් නිවේදනයක් නිකුත් කරයි.
  9. විශේෂඥ වෛද්‍යවරුන් විශ්‍රාම යන වයස අවුරුදු 63 දක්වා ඉහළ දැමීමට සෞඛ්‍ය බලධාරීන් තීරණය කර ඇති බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට දන්වයි.
  10. ICC ක්‍රිකට් ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරඟයේ දී ශ්‍රී ලංකාව ලකුණු 82 කින් ස්කොට්ලන්තය පරාජය කරයි: ශ්‍රී ලංකාව – සියලු දෙනා දැවී ලකුණු 245 (පන්දුවාර 49.3): පැතුම් නිශ්ශංක 75, චරිත් අසලංක 63: ස්කොට්ලන්තය – ලකුණු 163 (පන්දුවාර 29): මහේෂ් තීක්ෂණ 41/3, වනිඳු හසරංග 42/2.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan