විනාශය බලා සිටි අයගේ අවසන් බලාපොරොත්තුව සහ ඊළඟ ප්‍රශ්නය

Date:

මේ ගෙවෙන්නේ රජය විසින් දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරනු ලැබ, ඒ හේතුවෙන් රටේ මිනිසුන්ගේ හා ආයතන වල තැන්පතු අහිමි වී, පොලී කප්පාදු වී, ස්ථිර තැන්පතු ආපසු ලැබෙන කාලය දිගු වී, රටේ බැංකු ටික කඩා වැටී, ලෝක විනාසය සිදු වන තුරු බලා සිටි අයගේ අවසන් බලාපොරොත්තුවද අවසන් වීමට පෙර ගෙවෙන අවසන් පැය කිහිපයයි.

අදාළ තොරතුරු ප්‍රකාශයට පත් වූ වහාම ඒ ගැන වැඩි විස්තර කතා කරමු. එතෙක්, අප විසින් මේ ගැන පසුගිය මාස ගණනාවක් මුළුල්ලේ ලියා පළ කර ඇති සටහන් හා පාඨක ප්‍රතිචාර සඳහා ලබා දී ඇති පිළිතුරු කියවා ගන්නා මෙන් ඉල්ලා සිටිමු.

මේ මොහොතේ දැවෙන ප්‍රශ්නය වන්නේ ණය ප්‍රතිව්‍යුහගතකරණ බිල්ලා මිය යාමෙන් පසුව ලබන සතියේ සිට ප්‍රයෝජනයනට ගැනීම සඳහා මැවිය හැකි අලුත් බිල්ලා කුමක්ද යන්නයි.

ඒ අතරම, වසර දෙකහමාරක පමණ කාලයක් තිස්සේ ඉකොනොමැට්ටාගේ බොජුන්හල ප්‍රධාන වියුණුව සඳහා වත්පොත තුළ වූ වාරණයද මේ වන විට ඉවත්ව ඇති බව සතුටින් දැනුම් දෙමු. මේ අනුව, නැවතත් වියුණුවෙහි පළ කර ඇති ලිපි වත්පොත හරහා බෙදා ගත හැකියි. මෙම කාලය තුළ අපව දිරිමත් කරමින් සහයෝගය දැක්වූ සියල්ලන්ට අපගේ ස්තුතිය.

ලොකු විනාසයක් වන තුරු බලා සිට ඒ පිළිබඳ බලාපොරොත්තු සුන් කර ගන්නට සිදු වන අයගේ සබන් බුබුළු කඩා වැටීම පිළිබඳව අප කණගාටුවට පත් වන අතර එවැනි අය තවදුරටත් මානසික ආතතිය වැඩි කර නොගෙන මේ දින කිහිපය විවේකයෙන් ගත කරන මෙන් ඉල්ලා සිටිමු. එමෙන්ම එවැනි අයගේ මානසික ආතතිය තව දුරටත් වැඩි නොකරන මෙන් අනෙක් අයගෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.

~ ඉකොනොමැට්ටා

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාවේ අසාම් ප්‍රාන්ත මහඇමතිවරයාගේ ආන්දෝලනාත්මක AI වීඩියෝවක් එළියට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ අසාම් ප්‍රාන්තයේ මහඇමතිවරයා මුස්ලිම්...

Super Bowl halftime performance වලින් පස්සේ Bad Bunny ගේ විපර්යාසය! ට්‍රම්ප්ගෙනුත් සැර ප්‍රකාශයක්!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/3D3OJCqM0NQ සටහන – පුලී පෙබරවාරි...

මධ්‍යධරණී මුහුදේ සංක්‍රමණික බෝට්ටුවක් පෙරලීමෙන් 53 දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ලිබියානු වෙරළට ඔබ්බෙන්...

රුසියාවෙන් යුක්රේනයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයට එල්ල වූ...