විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි ගාස්තු වැඩිකෙරේ

රැකියා සඳහා විදේශගත වන අය විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වීමේදී අයකෙරෙන ගාස්තු ඉහළ නංවා තිබේ.

මෙම ගාස්තු වැඩිකිරීම ජුලි 01 වනදා සිට ක්‍රියාත්මක කෙරේ.

රැකියා සඳහා විදේශ ගතවන සෑම ශ්‍රි ලාංකිකයෙකුම කාර්යාංශයේ ලියාපදිංචි වීම අනිවාර්ය කර ඇති අතර විදේශ රැකියා නියෝජිතායතන බලපත්‍ර අලුත් කිරීමේ ගාස්තු ද වැඩිකර ඇත.

1) විදේශ රැකියා ලාභීන් කාර්යාංශයේ ලියාපදිංචි කිරීමේ ගාස්තුව

පැවති අගය – රු.17,928.00 (බදු සමග)

නව අගය – රු.21,467.00 (බදු සමග)

2) ලියාපදිංචිය නැවත අලුත් කිරීමේ ගාස්තුව

පැවති අගය – රු.3,774.00 (බදු සමග)

නව අගය – රු.4,483.00 (බදු සමග)

3) රැකියා නියෝජිතායතනයක බලපත්‍රය අලුත් කිරිමේ ගාස්තුව

පැවති අගය – රු.58,974.00 (බදු සමග)

නව අගය – රු.117,949.00 (බදු සමග)

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විමල් වීරවංශට වරෙන්තු!

කොළඹ LNW:හිටපු ඇමතිවරයෙක් වන ජාතික නිදහස් පෙරමුණේ නායක විමල්...

ආර්ථික හා වෙළඳ ප්‍රශ්න සම්බන්ධයෙන් චීනය හා ඇමරිකාව අතර සාකච්ඡා!

කොළඹ LNW:චීන-ඇමරිකා ආර්ථික හා වෙළඳ කණ්ඩායම් අතර සාකච්ඡාවක් ඊයේ(20)...

චෝදනා 23000 ඉක්මවා එල්ල වූ පාස්කු මහ නඩුවේ තීන්දුව හෙට!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: 2019 පාස්කු ඉරු දින කතෝලික දේවස්ථාන,...

දක්ෂිණ අධිවේගී මාර්ගයේ වාහන කිහිපයක් එකෙනෙක ගැටී අනතුරක්: පිරිසක් රෝහලේ

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : දක්ෂිණ අධිවේගී මාර්ගයේ...