“පතන” ඒක තමයි ලංකාවෙ පාසල් ඉසිපතනට කියන නම.විශේෂයෙන් රගර් පිටියෙ ඒ නමට තියෙන්නෙ ස්වර්ණමය වටිනාකමක්.මේ ස්වර්ණමය වටිනාකමට ස්වර්ණමය තිළිණයක් විදිහට එකතු වුණ ස්වර්ණ පෙදෙසේ ඉදලා එන හේෂාන් රන්දිමාල් ගැන රටේම අවධානය යොමු වෙලා.ඒ ඔහුගේ මව ජීවිතයට සමුදීලා දේහය නිවසේ තැන්පත්ව තිබෙන මොහොතේ ඔහු ඉසිපතනය වෙනුවෙන් රගර් පිටියට පැමිණීම නිසා.පැමිණීමෙන් පමණක් නොනැවතී ඔහු ශාන්තා ජෝෂප් විද්‍යාලයට එරෙහිව ලබා ගත් ලකුණු 28 – 18 ක් වූ ජයග්‍රහණයේ පළමු උත්දාහක දිණුමට හිමිකම් කියන්නත් සමත් වෙනවා.

ඇයගේ මව හිමාලි ප්‍රියංගිකා.වෘත්තියෙන් ඇය හෝටල් කළමණාකාරවරියක්.ද ෆිනෑන්ස් සමාගමේ රැකියාවේ නියුතු සිය සැමියා වගේම කාර්ය බහුල ජිවිතයක් දරා ගනිමින් ඇය සිය දරුවන්ට මඟ පෙන්වීමේ රාජකාරියද අකුරටම ඉටු කර තිබෙනවා.දැනට රැකියාවක නියැලෙන ඇයගේ ලොකු පුතා යහන් අංජනත් ඉසිපතනයට කීර්තිය එකතු කරපු,සිය පාසල් වියේදී පතනයේ නියෝජ්‍ය ශිෂ්‍ය නායක ධූරයක් දරා තිබෙනවා.දියණියත් ඊන් පසුව අද රටේම කතාවට බඳුන් වන හේෂානුත් ඇයගේ දරුවන්.
ජීවිතයේ කළමණාකාරීත්වය ඇතුළෙ බොහෝ ඉවසීමෙන් කළ යුතු දරා ගැනීම් තිබෙනවා.කෙතරම් පෞද්ගලික හේතුවකදී වුව නොසැලී ඒ දේවල් දරා ගන්න ඉවසන්න සිද්ධවෙන බව හිමාලි සිය දරුවන්ටත් වෘත්තියෙන් ජීවිතය ජීවිත භාවිතාවට ගේන හැටි කියා දෙන්න ඇති.

හුගක් වෙලාවට හේෂාන් එක්ක හිටියෙ ඇන්ටි
ඉසිපතනෙ දරුවන්ගේ රගර් මතකවලින් ඒ රූපය ටිකක් විතර ඈත් වෙන්න පටන් ගන්නෙ 2020 අවුරුද්දෙ විතර.ඒ අවුරුද්දෙ තමයි ඇය දැන ගන්නෙ තමන්ගේ ගර්භාෂයේ වර්ධනය වන පිළිකාවක් තියෙන බව.ගර්භාෂය ඉවත් කරත් ඇයගේ ජිවිතයෙන් පිළිකාව නොගොස් රැදී සිටින බව හිමාලිට දැනගන්න ලැබෙන්නෙ 2022 අග භාගයෙ.හරියටම දෙසැම්බරයෙ.එතැන සිට ආපහු හේෂාන්ගේ පස්සෙන් වැටෙන අම්මට ආයේ විවේක දෙන්න හේෂාන්ට සිද්ධවෙනවා.
ඒත් ඉසිපතන දරුවන්ට මව් සුවඳ දනවපු මවක් විදිහට ඇය ගැන තිබුණ ප්‍රබල මතකය තමයි රගර් පිටියෙ දි අභියෝගයට මුහුණ දෙන්න ශක්තිය සපයන්න මැදිහත් වුණේ.මේ සමඟ ඇති වීඩියෝවෙ ඔවුන් කියන්නෙ “ඒ අපෙත් අමිමා බං” කියලයි.
කොහොමහරි හේෂාන් නිසල වූ දෙන ළඟ තනිව වැළපෙනවාට වඩා සිය මවට දිය හැකි මවම උගන්නපු දරාගැනීමේ කළමණාකාරීත්වයේ පාඩම් තුළින්ම ඇයට ලබා දී තිබෙනවා.ප්‍රතිවාදී ශාන්ත ජෝෂප් දරුවන් පවා කණ්ඩායම පිටින්ම රගර් ඇඳුමෙන්ම හිමාලිගේ නිසල දේහයට ගෞරව දක්වන්න එන්නෙ ඇයගේ තුරුල්ලේ හැදුව අපූරු ගුණාංග පිළිඹීබු කළ පුතා නිසයි.
අපිට හේෂාන් කියන්නෙ අම්මල ඉන්න ඕනි කොහොමද කියලා විතරක් නෙමෙයි,තමන්ගේ අම්මලාට පුත්තු ආදරය කරුණාවට වඩා ගෞරවය දෙන්න තෝරාගත යුතු අසීරු මාර්ග තෝරාගන්න එඩිතර විය යුතු ආකාරයයි.ඇය ස්වර්ණ මාවතේ හිටපු ස්වර්ණමය කාන්තාවක් බව මේ දරුවෝ තුන්දෙනා සාක්ෂි හැටියට අරගෙන කියන අසල්වාසීන්ට ඇය මවක් ලෙස මේ පොළව මත වපුරපු දේ රටකටම වැදගත් බව රටක්ම කියන මොහොතක් හේෂාන් විසින් උදා කරලා.
පවුලක බැඳුණු ආදරණීය බැම්මෙ ශක්තිය දරපු කාන්තාවක් විදිහට ඇය හේෂාන්ව පමණක් නොවේ පවුලම හේෂාන්ට දිරිය දෙන විදිහට සකස් කරපු බව නේද දකින්නෙ.තමන්ගෙ තාත්තා,අයියා සහ අක්කා පවුලෙ අම්මගෙ ආදරය හුරතලය වැඩිපුරම විදලා දැකලා තියෙන පුංචි මල්ලිට කියනවනම් ගිහිං මැච් එක ගහපං කියලා ඒ නිහඬ වුණ හිමාලිගේ හඩේ දෝංකාර නැංවෙන හැඩයයි.
ඒ නිසා හිමාලි සහ හේෂාන් වගෙම හිමාලිගේ ආදරය සුරක්ෂාව ඇතුළෙ හැදුණ පවුලෙ හැමෝම ස්වර්ණ පෙදෙස ස්වර්ණමය නමකින් රටට විතරක් නෙමෙයි ලෝකයටම අරගෙන යන්න පාර කියපු පවුලක්.ඒ දරා ගැනීම,ඉවසීම,කැපවිම සහ යුතුකම වෙනුවෙන් ඇපවීම හේෂාන් හිමාලිව මරණයෙන් ඉනික්බිති ඇයට අත්විය යුතු ඉහළම ගෞරවයේ තබන්නට කටයුතු කළා.ඒ අතරෙ ඔහුගේ වෑයමෙන් ලබා ගත් උත්සාහක දිණුම බොහෝ දෙනෙක් තමන්ගේ ආදරයේ ගෞරවයේ ගෝල් කණ් අතරින් නිසි පරිදි ප්‍රවර්ථනය කර අවසන්.
හිමාලි ඔබට සුබ ගමන්.!

ඒ වගෙම ආදර්ශමත් දිරිමත් මවක් හැටියට ඔබ රටට ඉතුරු කළ ගෞරවණීය ආදර්ශයට ස්තූතියි.හේෂාන් අම්මා වෙනුවෙන් ඔබ ඔබේ ජීවිතයේ උත්සාහක දිණුම ඇය බලාපොරොත්තු වූ තැන් හී තබන දවසක ඇයට තවත් ගෞරවය හිමි වේවී.

අපිත් ඔබ වෙනුවෙන් ඔබේ මවට ශිර්ෂ ප්‍රනාමය දක්වන්නේ ඉමහත් ගෞරවයෙන්.ඒ ගෞරවය භෞතිකව ඉටු කරන්නට කැමති අයෙකුට ඇයගේ නිසල දෙන බොරැල්ල සුසාන භූමිය අසළ බානි රේමන්ඩ් හී ජූලි 2වන දා පස්වරු 4.00 දක්වා තැනපත් කර තිබෙන බව කිව යුතුයි.ඒ වගෙම පිළිකාවක් පරද්දන්න බැරි වුණා හිමාලිලගේ පවුලේ ශක්තිය සහ අරමුණු ඇයට ඇති ආදරය විසින් අද වඩාත් ඉහළින් තබා කතා කෙරුණත්,සමහර තැන් හී භෞතිකව පහළට වැටුණ තැන් ඇති.හේෂාන් වෙනුවෙන් ඒ දේවල් ඔසවා තබන්නට ඔබට ඇතිවන යම් ආදරණිය හැඟීමක් වේනම් ඒ ගැන ආදරයෙන් කතා කරන්න අපි හේෂාන්ගේ අයියගේ දුරකතන අංකය පහතින් සටහන් කරන්නෙ ජූලි 2 වන දාට පසු එවැනි කතාබහකට යොමුවන ලෙස කියන ඉල්ලීම ද සමඟින්.
යහන්ගේ දුරකතන අංකය – 0717260943
සටහන – නිෂ්මං රණසිංහ
