සටහන – රෂිකා හෙන්නායක
කොළඹ (LNW): අද වනවිට අස්වැසුම සමාජ ප්රතිලාභ ක්‍රමය සම්බන්ධයෙන් අභියාචනා හා විරෝධතා 550,000 කට අධික සංඛ්‍යාවක් මේ වනවිට ලැබී ඇති බව මුදල් අමාත්‍යාංශය පවසයි. ඒවා විමර්ශනය කිරීමේ කටයුතු ද මේ වනවිට ක්‍රියාත්මක වන අතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් ඒ සඳහා කමිටු පිහිටුවා ඇත.
ලබන 10 වැනි දා දක්වා අදාළ අභියාචනා හා විරෝධතා ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා දී ඇති අතර, අස්වැසුම සමාජ ප්රතිලාභ ක්‍රමයෙන් සමෘද්ධිය අහිමි වූ පිරිස් ඊයේ ද දිවයිනේ විවිධ ප්‍රදේශවල විරෝධතාවල නිරත වූ බව වාර්තා වේ.
රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??