සී ෂෙල්ස් මහකොමසාරිස්වරිය සහ සෞඛ්‍ය අමාත්‍යවරයා අතර හමුවක්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):සෞඛ්‍ය අමාත්‍යංශයේ දී ශ්‍රී ලංකාවේ සී ෂෙල්ස් මහකොමසාරිස් Lalatiana Accouchee (ලලටිනා අකොෂි) මහත්මිය හා සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා අතර සුහද හමුවක් ඊයේ (04) දිනයේදී පැවැත්විණි.

එහිදී ඕනෑම හදිසි තත්ත්වයකට මුහුණ දීමේ ශක්තියක් මෙරට සෞඛ්‍ය කාර්යය මණ්ඩලය සතු වන බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසා ඇත . දෙරටේ වත්මන් ආර්ථික තත්ත්වය, සෞඛ්‍ය තත්ත්වය ආදී කරුණු රැසක් පිළිබඳ අදහස් හුවමාරු වී ඇති අතර , සංචාරක කර්මාන්තය ප්‍රධාන ආදායම් මාර්ගය වූ සී ෂෙල්ස් රාජ්‍යය ද අනෙක් සියලු රටවල් මෙන්ම කොවිඩ් වසංගතය හමුවේ විශාල පසුබෑමකට ලක්වූ බවයි මහ කොමසාරිස්වරිය මෙහිදී පවසා ඇත්තේ .

ශ්‍රී ලංකාවද කොවිඩ් වසංගතයෙන් පසු දැඩි ආර්ථික පසුබෑමකට ලක්වූ බවත් මේ වන විට ඉන් යම් තාක් දුරකට මිදෙමින් සිටින බවත් සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කළ අතර මේ සඳහා මිතුරු රටවල් රැසක් හැකි සෑම අයුරින්ම උදව් උපකාර කළ බවත් වැඩිදුරටත් පැවසුවා .

මෙහිදී Lalatiana Accouchee (ලලටිනා අකොෂි) මහත්මිය වැඩිදුරටත් පවසා ඇත්තේ 95,000ක තරම් කුඩා ජනගහනයක් ජීවත්වන සී ෂෙල්ස් රාජ්‍යයේ 2000ක් පමණ ශ්‍රී ලාංකිකයින් වෙසෙන බවයි .

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලංකාවට අවසාන තරගයක් ගැන තිබුණ අදහස මැලේසියාව සුද්ධ කරයි.

නිශ්මං රණසිංහ ජූලි 03, කොළඹ LNW: දකුණු කොරියාවේ පැවත්වෙන ආසියානු...

රජය ලබාදුන් ආදයම් ඉලක්කයට යා හැකියි – රේගු මාධ්‍ය ප්‍රකාශක

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW: අද (3) කොළඹ දී...

විවාහයෙන් දින දහයකට පසු මරු තුරුළට ගිය ලිවර්පූල් පාපන්දු ක්‍රීඩක Diogo Jota!

සටහන – පුලී ජූලි 03, කොළඹ (LNW): ලිවර්පූල් සහ පෘතුගාල...

අවධමන රැල්ලේ අවසන් මාසය

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව 2025 ජූනි මාසය තුළද...