අධ්‍යාපනයේ දූෂිත නිලධාරීන් පිරිසක් ගැන මහින්දගෙන් අනාවරණයක් (VIDEO)

Date:

ජාතික අධ්‍යාපන ආයතනයෙහි වංචා සහ දූෂණවල නියැළෙන නිලධාරීන් පිරිසක් සිටින බවත් ඔවුන් ආණ්ඩුවේ සමීපතම දේශපාලන සබඳකම් සහිතව එම දූෂිත ක්‍රියාවල නියැළෙමින් සිටින බවත් ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ මහතා පවසයි.

“මේ රටේ 43 ලක්ෂයක් දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් ප්‍රබලම වැඩ කොටසක් කරන, මේ රටේ ගුරුවරුන් පුහුණු කිරීම සහ අධීක්ෂණය සම්බන්ධයෙන් සුවිශේෂී වැඩ කොටසක් ඉටුකරන ආයතනයක් තමයි ජාතික අධ්‍යාපන ආයතනය. මේ ආයතනය මේ වෙනකොට ක්‍රියා කරමින් තිබෙන්නේ මේ රටේ අධ්‍යාපන අවශ්‍යතා වෙනුවෙන්ද, එහෙම නැත්නම් පෞද්ගලික දේශපාලන අවශ්‍යතා වෙනුවෙන්ද කියන සැකය අපට මතුවෙමින් තිබෙනවා. මේ ආයතනයේ යම් නිලධාරීන් පිරිසක් ඉන්නවා වංචා දූෂණවලට සම්බන්ධ, එම වංචා දූෂණ තවදුරටත් සිදුකරමින් සිටින. ඒ වගේම ඒ වංචනිකයින්, දූෂිතයින් මේ ආණ්ඩුවේ ඉතාම සමීප දේශපාලන සම්බන්ධකම් සහිත කොටසක්. ඒ නිසා මේ ආයතනයේ විවිධ මූල්‍ය අක්‍රමිකතා සිදුවෙමින් තිබෙනවා. මේ වංචා දූෂණ සම්බන්ධයෙන් විමර්ශනයක් කරන්න අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙන් ලිඛිතව ඉල්ලලා තිබෙනවා, ඒකට මොකද වුණේ ? ඒ කිසිවක් සිදුවෙලා නෑ”

මහින්ද ජයසිංහ මහතා මේ බව පැවසුවේ ඊයේ (07) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බස් ගාස්තු අඩුවෙන්නේ මෙහෙමයි!

රෂිකා හෙන්නායක ජූනි 04, කොළඹ LNW : අද (04) දිනයේ සිට...

කොළඹ මහ නගර සභාවේ ආදායම් උපයන්න අලුත් වැඩක්!

කොළඹ LNW:කොළඹ මහ නගර සභාවේ අදායම් උත්පාදනය ඉහළ නැංවීමේ...

වැඩබලන පොලිස්පතිගේ අලුත් නියෝගය!

කොළඹ LNW:කිසියම් පැමිණිල්ලකට අදාළව කටඋත්තරයක් ලබාගැනීම සඳහා පුද්ගලයකු කැඳවනවිට...

ඩඩ්ලිගේ යූස්ඩ් වාහනයට රේගුව මිලියන 100ක් බදු ගහලා ?

අරලිය සහල් අධිපති, කෝටිපති ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන පසුගිය දවස්වල...