අධ්‍යාපනයේ දූෂිත නිලධාරීන් පිරිසක් ගැන මහින්දගෙන් අනාවරණයක් (VIDEO)

Date:

ජාතික අධ්‍යාපන ආයතනයෙහි වංචා සහ දූෂණවල නියැළෙන නිලධාරීන් පිරිසක් සිටින බවත් ඔවුන් ආණ්ඩුවේ සමීපතම දේශපාලන සබඳකම් සහිතව එම දූෂිත ක්‍රියාවල නියැළෙමින් සිටින බවත් ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ මහතා පවසයි.

“මේ රටේ 43 ලක්ෂයක් දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් ප්‍රබලම වැඩ කොටසක් කරන, මේ රටේ ගුරුවරුන් පුහුණු කිරීම සහ අධීක්ෂණය සම්බන්ධයෙන් සුවිශේෂී වැඩ කොටසක් ඉටුකරන ආයතනයක් තමයි ජාතික අධ්‍යාපන ආයතනය. මේ ආයතනය මේ වෙනකොට ක්‍රියා කරමින් තිබෙන්නේ මේ රටේ අධ්‍යාපන අවශ්‍යතා වෙනුවෙන්ද, එහෙම නැත්නම් පෞද්ගලික දේශපාලන අවශ්‍යතා වෙනුවෙන්ද කියන සැකය අපට මතුවෙමින් තිබෙනවා. මේ ආයතනයේ යම් නිලධාරීන් පිරිසක් ඉන්නවා වංචා දූෂණවලට සම්බන්ධ, එම වංචා දූෂණ තවදුරටත් සිදුකරමින් සිටින. ඒ වගේම ඒ වංචනිකයින්, දූෂිතයින් මේ ආණ්ඩුවේ ඉතාම සමීප දේශපාලන සම්බන්ධකම් සහිත කොටසක්. ඒ නිසා මේ ආයතනයේ විවිධ මූල්‍ය අක්‍රමිකතා සිදුවෙමින් තිබෙනවා. මේ වංචා දූෂණ සම්බන්ධයෙන් විමර්ශනයක් කරන්න අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙන් ලිඛිතව ඉල්ලලා තිබෙනවා, ඒකට මොකද වුණේ ? ඒ කිසිවක් සිදුවෙලා නෑ”

මහින්ද ජයසිංහ මහතා මේ බව පැවසුවේ ඊයේ (07) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...