නිසි පරිදි ලිංගික අධ්‍යාපනයක් නොමැති වීම අද ප්‍රශ්න වලට මුල – මනූෂ කියයි

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): සමාජය තුළ නිසි පරිදි ලිංගික අධ්‍යාපනයක් නොමැති වීම වර්තමානයේ සිදුවන සිදුවීම් බොහොමයකට හේතුව බවත් , තරුණියන්ගේ ඇඳුම් ගලවා දමමින් ඒවා වීඩියෝ තාක්ෂණය හරහා පටිගත කරන මට්ටමට මේ වනවිට සමාජය විනාශ වී ඇති බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා ප්‍රකාශ කළා.

යහපාලන ආණ්ඩු සමයේ පාසළ ළමුන්ට ලබා දීමට උත්සාහ කළ “හතේ පොත” නමැති ග්‍රන්ථය සම්බන්ධයෙන් ද අදහස් දැක් වූ අමාත්‍යවරයා වැඩි දුරටත් ප්‍රකාශ කළේ ඊට එරෙහිව එම කාලයේ විරෝධතා රැසක් පැමිණි බවත්, එවැන්නක් හරහා පාසල් ළමුන්ට නිසි පරිදි ලිංගික අධ්‍යාපනයක් ලබා දෙන්නේ නම් වර්තමානයේ වාර්තාවන අන්දමේ සිදුවීම් අවම කරගැනීමේ හැකියාව පවතින බවයි අමාත්‍යවරයා පැවසූවේ .

එසේම නව කම්කරු නීති ගෙන ඒම සම්බන්ධයෙන් ද ඔහු එම අවස්ථාවේදී වැඩි දුරටත් අදහස් දක්වා සිටියා.

එසේම ,කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා වැඩි දුරටත් සඳහන් කළේ , ඡන්ද ලබාගැනීමේ අපේක්ෂාවෙන්  විවිධ අවස්ථාවන්හි ගෙනවිත් තිබූ පැරණි කම්කරු නීති වෙනුවට, රට දියුණ කළ හැකි, රටේ ජනතාවගේ දියුණුව වෙනුවෙන් වන කම්කරු නීති පද්ධතියක් සදහා වන යෝජනා ඉදිරිපත් කර ඇති බවත්, එහිදී දේශපාලන වාසි බලාගෙන කටයුතු කර නොමැති බවත්ය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාසල් දරුවන්ට නොමිලයේ පාවහන් ගන්න අවස්ථාවක්!

කොළඹ LNW:දැනට පාසල් ළමුන් 250 ට අඩු පාසල් සඳහා...

ගංගාරාම විහාරය අන්තර්ජාතික සංචාරක හා සංස්කෘතික මධ්‍යස්ථානයක් බවට පත්වෙන ලකුණු!

රෂිකා හෙන්නායක ජනවාරි 01, කොළඹ LNW : ගංගාරාම විහාරය අන්තර්ජාතික...

කැරට්-නාස් කාරයොන්ට සීමා නොවුණු ශීත කලාව!

සටහන – පුලී ජනවාරි 01, කොළඹ (LNW): හිම වැටෙන්නට පටන් ගන්නා...

බස් රථ ධාවනය නොවූ මාර්ග 40ක අද සිට බස් සේවා ඇරඹේ!

කොළඹ LNW:පුනරුදයට මග වැඩපිළිවෙල යටතේ ග්‍රාමීය ප්‍රදේශවල ජීවන තත්ත්වය...