නිල ලාංඡනය සොයාගැනීමට සහාය වන්න – ජනාධිපති ලේකම්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ජනාධිපති මාධ්‍ය ඒකකය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, ජනාධිපති මන්දිරයෙන් අතුරුදන් වී ඇති නිල ලාංඡනය සොයාගැනීමට සහාය වන ලෙස ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා ඉල්ලීමක් කර තිබේ.

පුරාවිද්‍යාත්මක හා කෞතුක වටිනාකමකින් යුතු ශ්‍රී ලංකාවේ හිටපු ආණ්ඩුකාරවරුන්ට හා හිටපු ජනාධිපතිවරුන්ට අයත් නිල ලාංඡන යම් පුද්ගලයෙකු සතුව පවතින්නේ නම් එය ජූලි 31 වනදා ට පෙර ජනාධිපති කාර්යාලය වෙත භාරදෙන ලෙස දන්වා සිටී.

2022.07.09 වන දින සිට 2022.07.14 දින දක්වා විරෝධතාකරුවන් විසින් කොළඹ කොටුව ජනාධිපති මන්දිරය අත්පත් කරගෙන, එහි රැඳී සිටි කාලසීමාව තුළ දී, ජනාධිපති මන්දිරය තුළ පැවති කෞතුක හා පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් භාණ්ඩ රැසක් අතුරුදන් වී ඇති අතර, හිටපු ආණ්ඩුකාරවරුන්ට හා හිටපු ජනාධිපතිවරුන්ට අයත් නිල ලාංඡන ගණනාවක් ඒ අතර වේ.

ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා වැඩිදුරටත් දැනුම්දී ඇත්තේ ,නීති විරෝධී ලෙස රාජ්‍ය දේපළ තමා සතුව තබාගැනීම දඬුවම් ලැබිය හැකි වරදක් බැවින් අදාළ කාලසීමාවෙන් පසු එම නිල ලාංඡනය යම් පුද්ගලයෙකු හෝ ආයතනයක් සන්කතයේ තබාගතහොත් ඒ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි.

ඒ අනුව ඒ පිළිබඳ යම් තොරතුරක් වෙතොත් 0772 354 354 යන දුරකථන අංකය ඔස්සේ ජනාධිපති ලේකම් කාර්යාලය දැනුවත කරන ලෙස ද ඉල්ලා සිටින ජනාධිපති ලේකම්වරයා ජාතික වැදගත්කමකින් යුතු මෙම නිල ලාංඡන සොයාගැනීමට ජනාතාව දක්වන සහාය ඉතා අගය කරන බව ද ජනාධිපති ලේකම්වරයා ජනතාවට දැනුම් දේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බටුවත්තේත් වෙඩිතැබීමක්. පුද්ගලයෙකු මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල රාගම, බටුවත්ත ප්‍රදේශයේදී ඊයේ (ජුලි 03)...

ලංකාවට අවසාන තරගයක් ගැන තිබුණ අදහස මැලේසියාව සුද්ධ කරයි.

නිශ්මං රණසිංහ ජූලි 03, කොළඹ LNW: දකුණු කොරියාවේ පැවත්වෙන ආසියානු...

රජය ලබාදුන් ආදයම් ඉලක්කයට යා හැකියි – රේගු මාධ්‍ය ප්‍රකාශක

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW: අද (3) කොළඹ දී...

විවාහයෙන් දින දහයකට පසු මරු තුරුළට ගිය ලිවර්පූල් පාපන්දු ක්‍රීඩක Diogo Jota!

සටහන – පුලී ජූලි 03, කොළඹ (LNW): ලිවර්පූල් සහ පෘතුගාල...