*
Monday, September 23, 2024
spot_img

Latest Posts

දකුණු ආසියාව ස්වාභාවික ආපදා වැඩිම කලාපයක් ලෙස හඳුනා ගැනේ

මෙම කලාපයේ මිලියන 330ක ජනතාව පෝෂණ ඌණතාවන්ගෙන් පෙළේ.

දේශගුණික විපර්යාස හේතුවෙන් ඇතිවන වර්ෂාපතනය, නියඟය සහ ඉහළ යන උෂ්ණත්වය දකුණු ආසියාවේ රටවල් අටක් පුරා වැඩි වැඩියෙන් පොදු වී ඇති අතර, එය ගෝලීය වශයෙන් අවදානමට ලක්විය හැකි කලාපයක් බවට පත්ව ඇත.

දේශගුණික විපර්යාස සහ සංවර්ධනය පිළිබඳ ජාත්‍යන්තර මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ සලීමුල් හක් පැවසුවේ, භූගෝලීය, ජනගහනය සහ දරිද්‍රතාවයේ එකතුවක් නිසා කලාපය විශේෂයෙන් අවදානමට ලක්ව ඇති බවයි. එමෙන්ම ලෝක බැංකුව විසින් සම්පාදනය කරන ලද දත්ත වලට අනුව, දකුණු ආසියාවේ මිලියන 750 ක ජනතාවක් අවම වශයෙන් එක් ස්වභාවික විපතකින් පීඩාවට පත්ව ඇති බවයි.

පසුගිය සතිය පුරා පකිස්තානයට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් මේ වන විට අවම වශයෙන් 50කට අධික පිරිසක් මියගොස් ඇති අතර සරකට ආසන්න කාලයක් පැවති මහා ගංවතුර හේතුවෙන් පුද්ගලයන් 1,700කට වැඩි පිරිසක් මිය ගොස් තවත් මිලියන 33ක් පමණ අවතැන් විය.

බංග්ලාදේශයේ Barisal සහ Satkhira වැනි පහත්බිම් වෙරළබඩ දිස්ත්‍රික්කවලින් බොහෝ දෙනෙක් අවතැන් වූ අයහපත් කාලගුණික බලපෑම් හේතුවෙන් ඩකා අගනුවරට 2,000ක් පමණ පිරිසක් ගමන් කරමින් සිටින බවයි. ඩකා යනු ලෝකයේ වේගයෙන්ම වර්ධනය වන මහා නගරවලින් එකක් වන අතර එහි පවතින ජනගහනයට පහසුකම් අවම වන අතර නව සංක්‍රමණිකයන් පැමිණීයහොත් තත්වය තවත් බයානය විය හැකිය.

ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තය මාරාන්තින ගංවතුර අවධානමකට ලක්වීමත් සමඟ අවම වශයෙන් පුද්ගලයින් 11 දෙනෙකු මිය ගොස් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් අවතැන් විය. මෙලෙස ඇතිවන වර්ෂාපතනයේ වෙනස් රටාවන් නියඟ ගංවතුර හේතුවෙන් කලාපයේ කෘෂිකාර්මික පද්ධතිවලට සැලකිය යුතු අභියෝග ඇති කරන අතර පශු සම්පත්වල ඵලදායිතාවයට සහ ධීවර කර්මාන්තයට අහිතකර ලෙස බලපා තිබේ.

කලාපය මුහුණ දෙන අභියෝග අතර ආහාර වගා කිරීමට ඉඩම් නොමැතිකම, ජල හිඟය සහ ජනගහනය අවතැන් වීම මෙන්ම මුහුදු මට්ටම ඉහළ යාම හා මැලේරියාව, චිකුන්ගුන්යා, ඩෙංගු උණ ආදී සෞඛ්‍ය ගැටලු ප්‍රධානය. 2021 දී, UN’s Food and Agriculture Organization (FOA) නිකුත් කරන ලද වාර්තාවකට අනුව ආසියාවේ මිනිසුන්ගෙන් සියයට 21 ක් පමණ දැඩි ආහාර අනාරක්‍ෂිතතාවයකට මුහුණ දී ඇති අතර ලෝකයේ ඌනපෝෂිත පුද්ගලයින් වැඩිම සංඛ්‍යාවක් සිටින කලාපයද මෙය වේ. ඒ අනුව මෙම කලාපයේ මිලියන 330ක ජනතාව පෝෂණ ඌණතාවන්ගෙන් පෙළේ.

ActionAid විසින් ප්‍රකාශයට පත් කරන ලද වාර්තාවක් ඇස්තමේන්තු කර ඇත්තේ ආන්තික කාලගුණික සිදුවීම් හේතුවෙන් 2050 වන විට කලාපයේ මිලියන 63 ක් දක්වා සංක්‍රමණිකයන් බවට පත්විය හැකි බවයි.

සශිකලා මධුෂාණී_ (outbound today )

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan