IOC කලේ ඔවුන්ගේ පාරිභෝගිකයිනුත් අපට එවන එකයි. දැන් හොඳටෝම පාඩුයි – ඇමති ගම්මන්පිල

Date:

ඉන්ධන මිල ඉහළ නොදමා සිටීමට හැකිතාක් දුරට උත්සාහ කරන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

“ලංකා IOC සමාගම ඉතිහාසය පුරාම තමන්ගේ ඉන්ධන මිල තමන් විසින්ම තීරණය කරපු සමාගමක්. ඔවුන් විසින් වැඩිමිලක් නියම කිරීමෙන් සිදුකරලා තියෙන්නෙ ඔවුන්ට එන පාරිභෝගිකයෝ ටිකත් තෙල් සංස්ථාවට යොමුකිරීමයි. මේ අය දිගටම කිව්වා අපට පෙට්‍රල් ලීටරයකින් රුපියල් 6ක්, ඩීසල් ලීටරයකින් රුපියල් 35ක් පාඩුයි කියලා. දැන් ඔවුන්ගේ පාරිභෝගිකයින්ගේ පාඩුවත් තෙල් සංස්ථාවට දරන්න වෙනවා”

“තෙල් සංස්ථාවට ඉන්ධන මිල වැඩිකිරීමේ අදහසක් නෑ. හැබැයි අපි පිළිගන්න ඕනෙ ලෝක වෙළඳපොලේ දිගින් දිගටම ඉන්ධන මිල වැඩිවීමත් සමග එක පැත්තකින් වසර 8ක් පුරාවට තිබෙන වැඩිම ඉන්ධන මිල, අනිත් පැත්තෙන් මීට කලින් මේ මිලට බොරතෙල් මිල ඉහළ ගිය අවස්ථාවල ඩොලරය තිබ්බෙ මීට වැඩිය ගොඩක් අඩුවෙන්. අපි අතිශයින්ම දුෂ්කර තැනක ඉන්නෙ. පුළුවන් තරම් දුරට මේ පාඩුව ජනතාවට ලබා නොදෙන්න උත්සාහ කරනවා”

අමාත්‍ය උදය ගම්මන්පිල මහතා මේ බව පැවසුවේ ඊයේ (07) කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මධ්‍යම පළාතේ පාසල් ගැන විශේෂ පරීක්ෂාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අයහපත් කාලගුණය සමඟ ඇතිවූ 'දිට්වා' සුළි කුණාටුව...

සී.බී. ඇප මත නිදහස්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම...

යුදෙව් ඕස්ට්‍රේලියානුවන්ට පහරදිම සෑම ඕස්ට්‍රේලියානුවෙකුටම පහරදීමක් – James Larsen

රෂිකා හෙන්නායක දෙසැම්බර් 16, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉකුත් දා ...

විවේචනයද ? අපහාසයද?

උපාලි කොළඹගේ කොළඹ LNW: ජනාධිපති අනුර කුමාර දිසානායකට ඉතාමත් පහත්...