තායිලන්තය සහ ශ්‍රී ලංකාව ඍජු ගුවන් සේවාවක්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර අඩු වියදම් ඍජු ගුවන් ගමන් සේවාවක් ආරම්භ කරයි. ඒ අනුව ප්‍රථම ගුවන් ගමන ආරම්භ කරමින් ඊයේ (09) රාත්‍රියේ 10.10ට එයාර් ඒෂියා ගුවන් සේවයේ ඒ.අයි.කිව්- 140 දරන ගුවන් යානය තායිලන්තයේ දොන් මුවාන් ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇති බව වාර්තා වේ.

එය ඒ- 320 එයාර්බස් වර්ගයේ ගුවන් යානයක් වන අතර , එම ගුවන් යානයෙන් මගීන් 134 දෙනෙකු සහ කාර්යය මණ්ඩලයේ 07 දෙනෙකු මෙරටට පැමිණ සිටි අතර නැවත ගුවන් මගීන් 174 දෙනෙකු කටුනායක ගුවන් තොටුපොළෙන් රැගෙන තායිලන්තය බලා පිටත්ව ගොස් ඇත .

තායිලන්තය සහ ශ්‍රී ලංකාව අතර සතියකට ගුවන් ගමන් වාර 04ක් ක්‍රියාත්මක කිරීමට නියමිත අතර ,  සඳුදා, බදාදා, සිකුරාදා සහ ඉරිදා යන දිනවල රාත්‍රී 10.00ට කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණෙන මෙම ගුවන් යානා, යළි රාත්‍රී 11.00ට තායිලන්තයේ දොන් මුවාන් ගුවන්තොටුපොළ වෙත පිටත්ව යාමට නියමිතව ඇත .

මෙම ගුවන් ගමන සඳහා පැය 03 යි විනාඩි 15 ක කාළයක් ගත වන අතර, මෙම ගුවන් සේවයෙන් පැමිණීමට සහ පිටත්වයාමට අවශ්‍ය ප්‍රවේශ පත්‍ර දෙකම සඳහා අය කරනු ලබන්නේ රුපියල් 50,000ක මුදලක් පමණක් බව සඳහන් .

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

ක්‍රිකට් තරග නොබලන්න ප්‍රේක්ෂකයින් පොළඹවන කඩාකප්පල්කාරී කැම්පේන් එකට අහුවෙන්න එපා !

ඉදිරි දිනවල ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ක්‍රිකට් තරග නැරඹීමට යාමෙන්...

සියලු මර්දන නීති වහා හකුළා ගනිව් – අධිකරණ අමාත්‍යාංශය ඉදිරිපිට අදත් විරෝධයක්! (PHOTOS)

කොළඹ LNW: සියලුම ත්‍රස්ත පනත් හකුළා ගන්නා ලෙස බලකරමින්...

කෙහෙළියගේ දියණිය ඇප මත නිදහස් !

සටහන - රුවන් නෙළුගොල්ල අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගත්...