චීන කාබනික පොහොර ප්‍රශ්නය ගැන යළි විමර්ශනයක්!

Date:

කොළඹ LNW:ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ සමයේ ඇති වූ චීන කාබනික පොහොර ප්‍රශ්නය ගැන යළි විමර්ශනයක් කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය සැලසුම් අකර ඇතැයි වාර්තා වෙයි.

එම මිලදී ගැනීමේ දී ශ්‍රී ලංකා බලධාරීන්ගේ රාජකාරි පැහැර හැරීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට විනිසුරුවරයෙකුගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කිරීමට නියමිත බව සඳහන්.

චීන කාබනික පොහොර තිගයක් සඳහා එරට Qingdao Seawin Biotech Group Ltd සමාගමට ගෙවන ලද ඩොලර් මිලියන 6.9 ක මුදල ආපසු ලබාගැනීමට ශ්‍රී ලංකා රජයට නොහැකිව ඇත්තේ එම ගනුදෙනුවට අදාළ ණයවර ලිපි සහ කාර්ය සාධන බැඳුම්කර තබාගැනීමට මෙරට වගකිවයුත්තන් අපොහොසත් වීම හේතුවෙන් බව අනාවරණය වී තිබේ.

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිව සිටි සමයේ කාබනික වගාව සම්බන්ධයෙන් ගනු ලැබූ ප්‍රතිපත්තිමය තීන්දුව හේතුවෙන් එම අර්බුදය පැන නැගුණ අතර එම ගනුදෙනුවට අදාළ ණයවර ලිපි සහ කාර්යය සාධන බැඳුම්කර කල් ඉකුත්වීමකින් තොරව වලංගුව තබාගැනීමට ශ්‍රී ලංකා බලධාරීන් අපොහොසත් වී ඇති බවයි විගණකාධිපතිවරයා සඳහන් කර ඇත්තේ.

ඒ අනුව එම ගනුදෙනුවට අදාළ ණයවර ලිපි සහ කාර්ය සාධන බැඳුම්කර 2022 මාර්තු මාසය වන විට කල් ඉකුත් වී තිබේ.

මෙහිදී සිදුව ඇත්තේ කෘෂිකර්ම අමාත්‍යාංශය, කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශය, සීමාසහිත Colombo Commercial Fertilizers Ltd සහ Ceylon Fertilizer Ltd යන ආයතනවල රාජකාරි පැහැර හැරීමක් බවද විගණකාධිපතිවරයා පෙන්වා දී ඇත.

එම චීන කාබනික පොහොර තොගයේ සාම්පලව හානිකර බැක්ටීරියාවලින් අපවිත්‍ර වී ඇති බවට අනාවරණය වීමෙන් පසුව එය රටට තුළට ඇතුල් කරගැනීමට දැඩි විරෝධයක් එල්ල වූ අතර එම විරෝධය හමුවේ පොහොර තොගය ප්‍රතික්ෂේප කිරීමට රජයට සිදුවිණි.

එම කාලය තුළ කෘෂිකර්ම ඇමතිවරයා ලෙස මහින්දානන්ද අලුත්ගමගේ මහතා කටයුතු කළ අතර රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ක්‍රියා කළේ ශෂින්ද්‍ර රාජපක්ෂයි.

මේ හේතුවෙන් දෙරට අතර වෙළෙඳ අර්බුදයක් ගොඩනැගෙමින් තිබුණි. කෙසේවෙතත් පොහොර සඳහා රජය ඩොලර් මිලියන 6.9ක් (රුපියල් මිලියන 1,382) චීන සමාගමට ගෙවීමට සිදුව තිබුණි.

වත්මන් ආණ්ඩුව අලාභය අයකර ගැනීම සඳහා රාජ්‍ය තාන්ත්‍රිකව නව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරමින් සිටින බවද සඳහන්.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

21 වැඩේ පරණද ?

මම හිතනවා මේ වෙද්දී ලංකාවේ දේශපාලනයේ ඉන්න අයගෙන් වැඩියෙන්ම...

පහළ වායුගෝලයේ කැළඹිලි තත්ත්වය අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වෙයි – අද (16) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල දිවයිනට නැගෙනහිර දෙසින් වන පහළ වායුගෝලයේ...

පොලිස් පරිපාලනය සංජීව ධර්මරත්නට. තවත් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරු කිහිපයක්ම වෙනස් කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය මත...