මේ ක්‍රමය තුළ භික්ෂුවගෙන් විතරක් නිර්මල බව බලාපොරොත්තු වෙනවා නම් ඒක මානසික ලෙඩක් – පාහියංගල හිමි

Date:

දරුණු ලෙස පිරිහී ඇති වත්මන් සමාජ – ආර්ථික ක්‍රමය තුළ භික්ෂුවගෙන් පමණක් සුපිරිසිදු භාවයක් බලාපොරොත්තු වන්නේ නම් එය ඉතාම අසාධාරණ බව සුරකිමු ලංකා ජාතික ව්‍යාපාරයේ සභාපති පාහියංගල ආනන්ද සාගර හිමියන් පවසයි.

“මුළු මහත් ලෝක සමාජයම පිරිහෙනකොට භික්ෂුවට විතරක් මේ කුණුවෙලා වැගිරෙන සමාජ ක්‍රමය ඇතුළේ නෙළුම් මල් වගේ පිපෙන්න බැහැ කියන එක පැහැදිලිව තේරුම් කරගන්නට ඕනෙ. විශෙෂයෙන්ම මේ වෙනකොට මේ තියෙන සමාජ ක්‍රමය, ආර්ථික ක්‍රමය, මේ තියෙන පීඩිත විකෘති ක්‍රමය ඇතුළෙ භික්ෂුවගෙන් විතරක් සුපැහැදිලි නිර්මල චරිතයක් බලාපොරොත්තු වෙනවා නම් ඒක බරපතළ අර්බුදයක්. ඒක මානසික රෝගී තත්වයක්. ඒ නිසා මේ තත්වය පිළිබඳව අපි තේරුම් කරගන්න ඕනෙ එකටම. දෙවැනි එක තමයි අපි විශ්වාස කරනවා මේ භික්ෂුන් වහන්සේලාවත්, යම්කිසි පාර්ශ්වයත්, ජනතාවත් හරි මගට ගන්නට ඕනෙ කියලා. ඒ උන්වහන්සෙට සුදුහුණු ගාන්නටවත් ඒ ක්‍රියාව අනුමත කරන්නටවත් අපි පෙනී සිටින්නෙ නෑ. හැබැයි මේ සමාජ ක්‍රමය ඇතුළෙ උන්වහන්සෙලාගෙන් විතරක් සුපිරිසිදු බව බලාපොරොත්තු වෙන එක ඉතා අසාධාරණ පිළිකුල් සහගත ක්‍රියාවක්. ඒ වගේම සමාජ මාධ්‍ය ඔස්සේ භික්ෂුවගේ ප්‍රතිරූපය කෙළෙසන කාර්යය අහඹු සිද්ධියක්ද කියන එක ගැන හොඳ සාකච්ඡාවක් කරන්නට වෙනවා”

පාහියංගල ආනන්ද සාගර හිමියන් මේ බව පැවසුවේ පසුගිය දිනවල භික්ෂුන් වහන්සේලා කිහිපදෙනෙකු සම්බන්ධයෙන් අනාවරණය වූ කරුණු පිළිබඳව මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරානය මත අත තබා නිව්යෝක් ඉතිහාසයේ ප්‍රථම මුස්ලිම් නගරාධිපතිවරයා දිවුරුම් දේ

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ස්විට්සර්ලන්තයේ අලුත් අවුරුදු උදාවත් සමඟ ඇති වූ ගින්නක් හේතුවෙන් විශාල පිරිසක් ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ඓතිහාසික දළදා සමිඳුන් වැඳ උදා වූ නව වසරට ආශීර්වාද ලබා ගත් ජනපති අනුර!

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (01) පෙරවරුවේ ඓතිහාසික...

පාසල් දරුවන්ට නොමිලයේ පාවහන් ගන්න අවස්ථාවක්!

කොළඹ LNW:දැනට පාසල් ළමුන් 250 ට අඩු පාසල් සඳහා...