දින හයක් තිස්සේ මහවත්ත පිපාසෙන්

Date:

කුණ්ඩසාලේ මහවත්ත දකුණ ප්‍රදේශයේ ජනතාව දින හයක් තිස්සේ පානීය ජල අර්බූදයකට මුහුණ දී සිටින බව වාර්තා වේ.ජාතික ජල සම්පාදන මණ්ඩලයේ මැණික්හින්න කාර්යාලය දින හයක් තිස්සේ ජලය නො’සැපයීම සම්බන්ධයෙන් පවසා ඇත්තේ ජලාශවල ජලය නැති බවය.එසේම එම ප්‍රදේශයේ ජනතාව විසින් කරන ලද විමසීම්වලදී මැණික්හින්න ජල සම්පාදන කාර්යාලය ජලය ලබා දිය හැකි දිනයක් පැවසිය නොහැකි බව ද පවසා ඇත.

ජනතාව විසින් පවසන මෙම කාරණා සම්බන්ධයෙන් තොරතුරු දැන ගැනීමට මැණික්හින්න කාර්යාලයේ දුරකතන අංකය වන 0812422663 අංකයට ඇමතුවද ඔවුන් දුරකතනයට පිළිතුරු දෙන්නේ නැත.

මෙම ජල අර්බුදය නිසා එම ප්‍රදේශයේ පවුල් 300 ක පමණ සාමාජිකයන්ගේ රැකියාවලට යන පුද්ගලයන් මෙන්ම මෙවර උසස් පෙළ සඳහා පෙනී සිටින සිසු සිසුවියෝද මහත් දුශ්කරතාවයකට මුහුණ දී සිටින බව ප්‍රදේශවාසීහු පවසති .එසේම විවිධ රෝගී තත්ත්වයන්ට මුහුණ දී සිටින අයගේ ජීවිතවලට ද ජලය නොමැතිකම අවදානමක් වී ඇති බව ද ප්‍රදේශවාසීන් පෙන්වා දෙන්නේය.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැළණි ගඟේ ජල මට්ටමත් ඉහළට. කොළඹ ඇතුළු ප්‍රදේශ රැසකට මහ ගංවතුර අනතුරු හැඟවීම් !

සටහන - රුවන් නෙළුගොල්ල පවතින අධික වර්ෂ්පාතනය හේතුවෙන් කැළණි ගඟේ...

අත්‍යාවශ්ය සේවා හැර අනෙකුත් රජයේ කාර්යාල සඳහා විශේෂ නිවාඩු දිනයක්

සටහන - රුවන් නෙළුගොල්ල පවතින ආපදා තත්වය හේතුවෙන්, අත්‍යවශ්‍ය සේවා...

“දිට්වා” සුළිකුණාටුව ත්‍රිකුණාමලයට කිලෝමීටර් 50ක් දකුණෙන් – අද (28) අලුයම නිකුත් කෙරුණු රතු නිවේදනය මෙන්න !

සටහන - රුවන් නෙළුගොල්ල මඩකලපුවට කි.මී. 20ක් නිරිත දෙසින් හමාගිය...

ගම්පහටත් මහ ගංවතුර අනතුරු හැඟවීමේ නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල අධික වර්ෂාපනතය සමග දිවුලපිටිය, මීරිගම, අත්තනගල්ල,...