ඇළ වේළි හා වැව් ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතියක්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් මත, ගංවතුර පාලනය කිරීමේ අරමුණින් කොළඹ නගරයේ ඇළ වේළි හා වැව් ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතියක්  ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව විසින් ආරම්භ කර ඇත .

තලවතුගොඩ වැව, දියවන්නා ඔය, නාගහමුල්ල වැව, කිඹුලාවල ඇල, බත්තරමුල්ල, පාලම් තුන අසල ඇළ ඇතුළු තවත් වැව් හා ඇළ මාර්ග කිහිපයක් ප්‍රතිසංස්කරණය කිරීම දැනටමත් ආරම්භ කර ඇති බව සඳහන් .

කොළඹ අවට පවතින බොහෝමයක්  වැව් හා ඇළ මාර්ගවල ජපන් ජබර වැනි ආක්‍රමණශීලි වල් පැළැටි සහ දුගඳ හමන, රොන් මඩවලින් වැසී ඇති ප්ලාස්ටික් බෝතල්, බියර් කෑන්, සෙරෙප්පු, සනීපාරක්ෂක ද්‍රව්‍ය, අප ජලය හා තෙල් වර්ග ආදියෙන් පිරී පවතින අතර එදිනෙදා ජනතාව විසින්   බැහැර කරනු ලබන මෙවැනි කැළි කසළ හේතුවෙන් ජලය දූෂණය වී ඇති අතරම නිසි පරිදි ජලය බැහැරවීමද සිදු නොවන බව දැකගන්නට පුළුවනි .

ජලය බැස යාම සඳහා ඇති ඇළ මාර්ග පද්ධතිය නිසි පරිදි නඩත්තු නොකිරීම හේතුවෙන් ඉදිරියේදී ගංවතුර තත්ත්වය තවදුරටත් තීව්‍ර වන බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව හා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව එක්ව සිදු කරන ලද මූලික අධ්‍යයනයකින් හෙළි වී ඇත්තේ.

අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පෙන්වා දෙන්නේ , මෙමගින් ජලජ ජීවින් මියයාම සහ ජලජ පරිසරවල ජෛව රසායනික සමතුලිතතාවයට දැඩි ලෙස හානි වීම ආදී වෙනස් කළ නොහැකි හානි රැසක් පරිසරයට සිදුවන බවයි. මේ හේතුවෙන් සාමාන්‍ය වර්ෂාවකදී පවා ඇළ මාර්ග උතුරා පිටාර බවත් එය සාමාන්‍ය ජන ජීවිතයට දැඩිව බලපෑම් සිදු කරන බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි.

ගංවතුර පාලනය කොට කොළඹ නගරය හා ඒ අවට ප්‍රදේශ පිරිසිදුව හා ලස්සනව තබා ගැනීමට නම් මෙම ඇළ මාර්ග හා වැව් නිරන්තරයෙන්ම පිරිසිදු කළ යුතු බවත් ඒ සඳහා සාමාන්‍ය පොදු මහජනයාගේ සහය උපරිමයෙන්ම අපේක්ෂා කරන බවත් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා වැඩිදුරටත් පවසන්නේ.

අමාත්‍යවරයා බළධාරීන්ට උපදෙස් දී ඇත්තේ ,මෙම වැව් හා ඇළ මාර්ග ප්‍රතිසංස්කරණය කිරීමේදී ඒවායේ මුල් පිහිටීමට හානි නොකරන ලෙස හා මධ්‍යයේ පිහිටි ජලජ ජීවීන්ට ආරක්ෂාව සළසන පරිසර හිතකාමී ශාඛ ඉවත් නොකර ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකරන ලෙසයි .

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2025 වසරේ ගුවන්ගමන් වාරවල 16%ක වර්ධනයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2024 වසරට සාපේක්ෂව 2025...

මන්ත්‍රී විශ්‍රාම වැටුප ගැන ⁣කරු, ආණ්ඩුවෙන් කළ ඉල්ලීම!

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ විශ්‍රාම වැටුප් කප්පාදුවට රජය ගෙන ඇති...

ඌවට වෙරළක්..

  නිශ්මං රණසිංහ අගෝස්තු 18, කොළඹ LNW: මෙවර ජාතික ක්‍රීඩා උළෙලේ වෙරළ...

විපක්ෂයේ කණ්ඩායමක් ස්වාධීන වෙන්න යනවාලු !

ලබන සතියේ පාර්ලිමේන්තුව රැස්වෙද්දී විපක්ෂයේ කණ්ඩායමක් ස්වාධීන වෙන්න යනවා...