උතුරු ඉන්දියාවට දැඩි වර්ෂාවක්, මිය ගිය ගණන 20ක්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): උතුරු ඉන්දියාවට ඇද හැලෙන දැඩි වර්ෂාපතනය හේතුවෙන් දිල්ලි නගරයට ගංවතුර අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා,අධික වර්ෂාපතනය හේතුවෙන් පසුගිය සෙනසුරාදා සිට අවම වශයෙන් මිය ගිය ගණන 20ක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

අයහපත් කාලගුණය එළඹෙන සිකුරාදා දක්වා දිගටම පවතිනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර,ප්‍රාන්ත කිහිපයක ගස් කඩා වැටී, නිවාස ජලයෙන් යටවී ඇති අතර ප්‍රධාන මාර්ග වසා ඇති බවයි පැවසෙන්නේ.

යමුනා ගඟේ ජල මට්ටම් අනතුරුදායක මට්ටම් දක්වා ඉහළ යාමත් සමග දිල්ලි නගරයේත් ගංවතුර ඇතිවීමේ අවදානමක් පවතින බැවින් ගං ඉවුර ආශ්‍රිතව ජීවත් වූ දහස් ගණනක් ජනතාව ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර තිබෙන බවයි වාර්තා  වන්නේ.

අවදානමට ලක්විය හැකි වෙනත් ප්‍රදේශවල වෙසෙන පදිංචිකරුවන්ට අවශ්‍යවුවහොත් ඉවත්වීමට සූදානම් වන ලෙසයි බලධාරීන් දැනුම් දී ඇත්තේ.

අධික වර්ෂාපතනය හේතුවෙන් ගඟ හරහා දිවෙන ප්‍රධාන පාලමක් හරහා ගමනාගමනයද නවතා දමා ඇති අතර දෙවන දිනටත් පාසල් වසා දමා ඇති බව සඳහන් වේ. දිල්ලි ප්‍රධාන අමාත්‍ය අරවින්ද් කෙජ්රිවාල් පැවසුවේ ඉදිරි දින දෙක නගරයට තීරණාත්මක වනු ඇති නමුත් ඕනෑම තත්ත්වයකට මුහුණ දීමට තම රජය සූදානම් බවයි.

ඉන්දියාවේ කාලගුණ දෙපාර්තමේන්තුව අනතුරු අඟවා ඇත්තේ පසුගිය සති අන්තයේ සිට පවතින අධික වර්ෂාව තවත් දින කිහිපයක් පවතිනු ඇතැයි අපේක්ෂා කරන බවත් , හිමාල ප්‍රදේශ් සහ උත්තරාකාන්ද් ප්‍රාන්තවල, නායයෑම් සහ හදිසි ගංවතුර හේතුවෙන් මාර්ග සහ ගොඩනැගිලිවලට හානි වී තිබෙන බවයි වාර්තා වන්නේ.

හිමාචල් ප්‍රදේශ්හි නායයෑම් හේතුවෙන් මහාමාර්ග 700කට අධික ප්‍රමාණයක් වසා දමා ඇති අතර රාජස්ථාන්, පන්ජාබ් සහ හර්යානා ප්‍රාන්තවල ද දැවැන්ත ජල ගැලීම් වාර්තා වන අතර , ඉන්දීය හමුදාවේ සහ ජාතික ආපදා ප්‍රතිචාර බලකායේ කණ්ඩායම් මුදාගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් සිටිමින් බවද තොරතුරු වාර්තා වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශකීරාගේ නමින් කැස්බෑ පොසිලයක්!

සටහන – පුලී නොවැම්බර් 22, කොළඹ (LNW): කොලොම්බියානු පාෂාණ විද්‍යාවේ...

පහළ කඩුගන්නාවේ නායයෑම : මරණ සංඛ්‍යාව 6 දක්වා ඉහළට. මුදාගැනීමේ මෙහෙයුම අවසන්

සටහන - රුවන් නෙළුගොල්ල පහළ කඩුගන්නාව ගනේතැන්න ප්‍රදේශයේ අද (22)...

ප්‍රදේශ කිහිපයකට ගංවතුර අනතුරු හැඟවීම් නිකුත් කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් ඉදිරි පැය...

පහළ කඩුගන්නාවේ නායයෑම : මරණ සංඛ්‍යාව තවත් ඉහළට. නුවර – කොළඹ මාර්ගය හෙටත් වසාදැමේ !

සටහන - රුවන් නෙළුගොල්ල පහළ කඩුගන්නාව, ගනේතැන්න ප්‍රදේශයේ සිදුවූ නායයාමෙන්...