ස්විටෝලිනා අසරෙන්කෝ ළඟින් නොනවතියි

Date:

මෙවර විම්බල්ඩන් ටෙනිස් තරගාවලියේ වික්ටෝරියා අසරෙන්කෝ ගේ පරාජය විම්බල්ඩන් ප්‍රෙක්ෂකයාගේ ක්‍රීඩාශීලීත්වය සහ විනය ගැන වෙනම වේදිකාවක් තැනූ එකක් විය.එලීනා ස්විටෝලිනා යුක්රේනයේ යුද ගිණි මැදින් පැමිණ ඒ ජය සනාත කරන මොහොතේ,ඔවුන්ගේ අයිතීන් සුන්නද්දූලි කරන බෙලරුසියාවේ අසරෙන්කො ලොව ශ්‍රේණිගත කිරීම්වල සිටියේ 15 වන තැන වුවද,එලීනාට තිබුණේ අතීතයේ දවසක ලොව අංක තුනට පත්වීමත් 2020 දී ඔලිම්පික් ලෝකඩ පදක්කම දිනා ගැනීමත් යන අතීතයට අයිති කීර්තියකි.

‘ස්කයි’ නම් වූ ඇයගේ සුුරතල් දියණිය ප්‍රසූත කිරීමෙන් ඉනික්බිතිව කාලයක් නිහඬව සිටි පිටියට පැමිණි 28 හැවිරිදි ස්විටෝලිනා නැවත ජයග්‍රහණ සොයමින් වෙහෙසෙන්නීය.කැප වෙන්නීය.ඒ අතරම තමන් ද,තමන්ගේ සහෘද මිනිසුන්ගේ ජීවිතද වෙඩි උන්ඬවලින් ආක්‍රමණය කරන රුසියානු ආධිපත්‍යයට එරෙහිව පෙනී සිටින්නේය.දුෂ්කරතා බොහෝ ප්‍රමාණයක් මැද්දේ ඇයගේ නැවත නැගිටීමේ හැකියාව සහ ශඛ්දය හොඳින්ම පිළිඹිබු වූ මොහොත අපි දුටුවේ දින දෙකකට පෙර අසරෙන්කෝ ඉදිරියේය.එහෙත් දක්ෂතාවය ඒ මොහොත තව තවත් අලුත් කරන බව අපට පැහැදිළි කළේ විම්බල්ඩන් පිටියේ එලීනාට හිමි වූ අර්ධ අවසන් පූර්ව තරගයේදී ය.
එලීනා එහිදී ලොව අංක එකට ශ්‍රේණිගතව සිටින්නී වන පෝලන්තයේ ඉගා ස්වියාටෙක් පරාජයට පත් කළේ අසරෙන්කෝ පරාජයට පත් කළාටත් වඩා පහසුවෙන්ය.22 හැවිරිදි ඉගා ගේ තරුණ ජවය සහ ශක්තිය දිය කර හරින්නට පැය 2.විනාඩි 51 ක කාලයක් දරාගෙන සිටින්නට සමත් වූ ‘එක්දරු මව එලීනා’, ලොව ඕනෑම ටෙනිස් ක්‍රීඩිකාවගේ වැදගත්ම සුවිශාලතම සිහිනය වන විම්බල්ඩන් කිරුළ දක්වා තවත් පියවරකින් සමීප වූවාය.
ඇයගේ ජීවිතයට උපතේ සිටම ක්‍රීඩාව හා සබඳකම් ඇත.ඇයගේ පියා මිකයිලෝ ස්විටෝලිනා ය.ඔහු මල්ලව පොර ක්‍රීඩකයෙකි.ඔලීනා ස්විටෝලිනා නම් වූ ඇයගේ මව ඔරු පැදීමේ ක්‍රීඩිකාවක්ය.ක්‍රීඩා පරිසරයක හැදෙන එලීනා සිය ජවීතයේ සහකරු තීරණය කිරීමේදී ද ක්‍රීඩාව අත නොහැරියේය.එහෙත් සම්මතයේ පිහිටි බොහෝ දේ ඇය බැහැර කරමින් දේශයද හමේ වර්ණයද නොකතා හරිමින් සිය සැමියා බවට පත් කර ගත්තේ ටෙනිස් ආදරයකි.ඔහු ටෙනිස් ක්‍රීඩක ගයෙල් මොන්ෆිල්ස් ය.ඒ තෝරා ගැනීම්වල ක්‍රීඩකත්වය ජීවිතයේ රස බවට පෙරළා ගැනීමට මේ මොහොතේදී එලීනාට හැකි වී ඇත.මන්ද වෘත්තීය ටෙනිස් ක්‍රීඩකයෙක් වූ ගයෙල් මේ වන විට ආබාධයක් හේතුවෙන් ක්‍රිඩා නොකරන අතර ඔහු නිවසේ සිට පුංචි ස්කයිට රැකවරණය දෙමින් එලීනාගේ ජයග්‍රහණයට ආශිර්වාදය පතන දයාබර සැමියෙක්ව සිටියි.
එලීනාගේ විම්බල්ඩන් ඉතිහාසය වැදගත් සහ ජයග්‍රාහී එකකි.ඇය එහිදී අසරෙන්කෝ සහ ඉගා පමණක් නොව වීනස් විලියම්ස්,සොෆියා කෙනින් වැන්නන් ද පරාජය කරන්නට සමත්කම් දක්වා ඇත.එබැවින් ස්කයිගේ පැමිණිම ගැන අතිශයින් සතුටු වන මවක් වන එලීනා මෙවර ඇයට දැක ගන්නටත්,ඇයව ආදරයෙන් රැක බලා ගන්නා සැමියාට ගෞරවය දක්වනු පිණිසත් විම්බල්ඩන් පළිහ ගෙදර රැඟෙන යාමට ඉඩ ඇත.

එලීනාට මෙන්ම නොවැක් ජොකොවිච් ද විම්බල්ඩන් පිටියේ මෙවර අවධානය දිනා ගැනීමට සමත්කම් ඇති වාර්තාවක් සම කළේය.ඔහු මෙවර සිය 46 වැනි ග්‍රෑන්ඩ් ස්ලෑම් අවසන් පූර්ව තරගයට තේරී පත්වීමට සමත් වූයේ රොජර් ෆෙඩරර් සතු වාර්තාවේ සම උරුමක්කාරයා වෙමින්ය.පස් වතාවක් විම්බල්ඩන් සූරතාවයේ පහස විඳ ඇති හිටපු අංක එකේ සූරයා වන ජොකොවික් මේ වන විට අංක දෙකට ශ්‍රේණිගතව සිටියි.සර්බියාව බිහි කළ සුවිශේෂීම ටෙනිස් ක්‍රීඩකයා මෙන්ම ටෙනිස් ඉතිහාසයේ බිහි වූ විශිෂ්ඨතම ටෙනිස් ක්‍රිඩකයෙක් හැටියට ටෙනිස් ලොව අභිමන් ලබන ජොකොවිචි මෙවර අවසන් පූර්ව තරගයට පිවිසීම සඳහා පරාජයට පත් කළේ වර්තමානයේ අංක හතට ශ්‍රේණිගතව සිටින රුසියාවේ ඇන්ඩි රුබෙල්වි ය.

සටහන – නිෂ්මං රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉදිකිරීම් අවසන් අදියරේ පසුවන ස්ප්‍රින්ංවැලි Bailey Bridge!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 28, කොළඹ LNW : දිට්වා සුළිකුණාටුවෙන්...

සේවා රැසක් අත්‍යාවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්!

සේවා රැසක් අත්‍යාවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත් කරමින් අති...

මෙරට ප්‍රාථමික සෞඛ්‍ය සේවාව නව්‍යකරණය කිරීම පිළිබඳ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ අවධානය!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 28, කොළඹ LNW: පසුගියදා පවුලේ වෛද්‍යවරයා කේන්ද්‍ර...

හදිසි තත්ත්වය තවදුරටත් දීර්ඝ කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 28, කොළඹ LNW: අද (28) දින මහජන...