සෞඛ්‍ය සේවය තුල දැඩි අවධානයට ලක් විය යුතු අර්බුධයක් පවතිනවා – රවි කුමුදේශ්

Date:

පානදුර රෝහලේදී අනපේක්ෂිත ලෙස මිය ගිය කළමණාකාර සහකාරවරයාගේ මරණයත් සමග සෞඛ්‍ය සේවකයෝද මෙම අර්බුදයේම වින්දිතයෝය යන වග අපට පසක් කර ඇත. ඖෂධ නියාමන අධිකාරියේ වයස අවුරුදු 38 හැවිරිදි සහකාර කළමණාකාරවරයාගේ මරණය පිළිබඳව අපි අතිශයින් කණගාටුවට පත්වන අතර, සෞඛ්‍ය සේවය තුල දැඩි අවධානයට ලක් විය යුතු අර්බුධයක් පවතින බව අප සාමූහිකව පිළිගත යුතුය. එම මරණයට හේතුව බාල වර්ගයේ කැණියුලාවක් බව පැවසීමට හෝ එයට යෙදු ඖෂධ වල තත්වයේ ගැටළුවක් බව ඒත්තු ගැන්වීමට අපට කලබලයක් නොමැති නමුත්, තමන්ගේ රෝගයට අදාල නිශ්චිත ප්‍රතිකාරය ලබා සුවපත් වී නිවසට ගිය පුරවැසියෙකු රෝහල් ක්‍රියාකාරකමක් හේතුවෙන් අපේක්ෂා නොකල මරණයක් අත්පත් කර ගැනීම අප අතිශයින්ම කලබලයට පත් විය යුතු තත්වයකි.

මෙය හෙට දවසේ සෞඛ්‍ය ඇමතිවරයාටද, අධ්‍යක්ෂක ජනරාල් වරයාටද, මටද විය හැකි බැවින් ඊට පිළියම් හෙවීම සඳහා අවධානය යොමු කරන ලෙසත්, මහ ජනතවට තමන්ගේ සැක දුරු කර ගැනීම සඳහා යාන්ත්‍රණයක් කඩිනමින් සකස්කර දෙන ලෙසත් ඉල්ලමු.

රවී කුමුදේශ්
සභාපති
සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිකුරාදා යාඥාවන් මඟ හරින මුස්ලිම් පිරිමින් සිරගත කිරීමට මැලේසියානු රජය තීරණය කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වලංගු හේතුවක් නොමැතිව...

ඉන්දියාව හා චීනය අතර වෙළඳ සබඳතා නැවත ආරම්භ කිරීමට සහ දේශසීමා ආරවුල විසඳීම සඳහා වැන්ග් යී, නරේන්ද්‍ර මොදී හමුවේ

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ඉහළම රාජ්‍ය...