මිනෝද් භානුක සෑම අතින්ම පිරිපුන් අපූරු පිිතිකරුවෙක් බව සනාත කරමින් ඇෆ්ගනිස්තාන ඒ කණ්ඩායමට එරෙහිව පන්දු 103 න් අමිල ලකුණු 119 ක් රැස් කළ ද,සෙසු ක්‍රීඩකයින්ගෙන් විශ්වසනීය සහයක් නොලැබ ඒ වෙහෙස නිශ්පල වී ගියේය.
කාසියේ වාසිය ලැබීමෙන් ඉනික්බිති පන්දු රැකීමට තීරණය කළ ශ්‍රී ලංකාවට එරෙහිව දෙවන කඩුල්ලට ලකුණු 99 ක් එක් කරන්නට රියාස් හසන් (82) සහ නූර් අලි සඩ්රාන් (53) සමත් විය.ඔවුන් යම් කිසා ආකාරයකට ඇෆගන් ඉනිම ඔසවා තබන්නට ගත් උත්සාහය චාමික කරුණාරත්න සහ දුෂාන් හේමන්ත විසින් අතරමඟ නවතා දැමීය.චමික රියාස් හසන්ට පසුව ඇෆගන් පිළේ නායක සහිදුල්ලාහ් ගේ කඩුල්ලද සමඟ කඩුලු 3 ක් දවා ගත් අතර දුෂාන් හේමන්ත කඩුලු 2 ක් දවා ගත්තේය.මනා පාලනයකින් පන්දු යැවූ ලහිරු සමරකෝන් ලකුණු 25 ට කඩුලු 2 ක් දවා ගත් අතර නායක දුනිත් වෙල්ලාලගේ සහ බිනුර ප්‍රනාන්දු එක් කඩුල්ල බැ ගින් එක් කළේය.
එක් මොහොතක විශාල ලකුණු සංඛ්‍යාවකට යනු ඇතැයි අනුමාන ඇති කරමින් පන්දුවට පහර දුන් ඇෆ්ගන් කණ්ඩායම තරගයේ අවසාන භාගයේදී පන්දු යවන්නන් එල්ල කළ අභියෝගය ඉදිරියේ ලකුණු 252 ට සීමා විණි.පහසු ලකුණු ඉලක්කයක් බව පෙණුන එම ලකුණු ප්‍රමාණය හඹා යාමට ඉක්මන් අවශ්‍යතාවයක් මතු වීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ කඩුලු එක එක පිට එක දැවී යන්නට විය.
පළමු තරගයේදී ශතකයකට පිිවිසි අවිශ්ක ප්‍රනාන්දු තරගයේ පළමු පන්දුවෙන්ම දවා ගත් මොහොමඩ් ඉබ්‍රාහීම් පළමු කඩුලු 4 ලකුණු පූවරුව 31 ක් වෙද්දී ශ්‍රී ලංකාවට අහිමි කරන්නට සමත් විය.අටවන කඩුල්ලට දුෂාන් හේමන්ත (පන්දු 53 – ලකුණු 31) එකතු කළ ලකුණු 98 ක සබඳතාවය හැරෙන්නට ලකුණු 0 දී කඩුල්ලක් අහිමිව තිබියදී පිටියට පිවිසි මිනෝද් භානුකගේ ඉණිමට මුල් තැන දෙමින් ඒ වටා ගොඩ නැඟෙන්නට උථ්සාහ කළ කිසිඳු පිතිකරුවෙක් දකින්නට නොලැබීම කණගාටුදායක තත්ත්වයකි.දුනිත් වෙල්ලාගේ (21) සහ අශේන් බණ්ඩාර (19) යම් උත්සාහයක් ගත්තද ඔවුන් වටා මිනෝද් භානුකව කොනු කර ගැනීමේ ක්‍රමයක් මිස භානුක වටා ගොනු වීමේ ක්‍රමයක් අනුගමනය කළ බවක් දකින්නට නොවිණ.
ඇෆ්ගන් පන්දු යවන්නන්ට ලකුණු වේගයද රඳවා ගනිමින්,කල්පනාව පහසුවකට පෙරළා ගෙන පහර දුන් මිනෝද් භානුක නවවන කඩුල්ල ලෙස දැවී යන විට පරාජය වළක්වා ගැනීමේ උත්සාහයට තනිව උැ දී තිබිණ.ප්‍රහාරාත්මක බව,ඉවසීම සහ සංයමය මෙන්ම අලංකරණයේද හිඟයක් නොමැති සියලු අතින් වෘත්තිමය තත්ත්වයේ තිබූ භානුකගේ ඉණිම කාලයකට අමතක කළ නොහැකි අති විශිෂ්ඨ බව පවසන්නට අවශ්‍යය සෑම අංගයකින්ම පෝෂණය වූ ඉණිමක් විය.නමුත් සෙසු සහය නොලද ශ්‍රී ලංකාවට ලකුණු 11 ක පරාජයක් අත් වෙද්දීද පන්දු ඕවර් 50 නිමා වන්නට තව පන්දු ඕවර් 10 ක් සහ එක් පන්දුවක් ඉතිරිව තිබුණේ අනවශ්‍යය වේගය මරු කැඳවයි යන පාඨය සිහියට නංවමින්ය.
ඇෆ්ගන් ජයග්‍රහණය වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දක්වමින් මොහොමඩ් ඉබ්‍රාහීම් ලකුණු 52 කඩුලු 4 ක් දවා ගනිමින් සහ මුල් කඩුලු බිද දමමින් විශිෂ්ඨ දායකත්වයක් දැක්වුව ද,අති මනරම් විශිෂ්ඨත්වයෙන් පරිපූර්ණ ඉණිමක් දියත් කළ මිනෝද් භානුක තරගයේ වීරයා විය.ලකුණු පූවරුවට පහතින් පිවිසෙන්න.
https://www.espncricinfo.com/series/acc-men-s-emerging-cup-2023-1386983/sri-lanka-a-vs-afghanistan-a-6th-match-group-a-1387009/full-scorecard
සටහන – නිශ්මං රණසිංහ
