ඇමතිකම් ගැන පොහොට්ටුවෙන් රතු එළි. ජනපතිගෙන් සැර ප්‍රතිචාරයක් !

Date:

තමන්ගෙ පක්ෂයේ දිස්ත්‍රික් නායකයින් රැසකට කැබිනට් ඇමති තනතුරු දෙන්න කියලා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අවස්ථා ගණනාවකදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීම් කර තිබුණු බවත් ජනාධිපතිවරයා ඒ හැම අවස්ථාවකදීම එය ප්‍රතික්ෂේප කළ බවත් අපි මීට පෙර අවස්ථා ගණනකදීම වාර්තා කළා.

පසුගිය දවසක පොහොට්ටුවේ ජ්‍යේෂ්ඨයෙක් ජනාධිපතිවරයාගේ සමීපතමයකු හරහා මේ සම්බන්ධයෙන් නැවතත් පණිවිඩයක් යවලා.

“අපට ඉතාම ඉක්මනින් කැබිනට් ඇමති ධුර ඕනේ, නැත්නම් ඉදිරි මැතිවරණ වලදී අපට වැඩ කරන්නත් බැරිවෙයි” කියලා තමයිලු ඒ පණිවිඩයෙන් කියලා තියෙන්නෙ.

ඕක අහලා ජනාධිපතිවරයාට හොඳටම කේන්ති ගිහින් කියලා ආරංචියි.

“ඔය කියන දූෂිතයින්ට ඇමතිකම් දීලා මටත් ජනතාවගෙන් ගුටි කන්නයි වෙන්නේ. ඒක නිසා ඔය වැඩේ කරන්න බෑ. අනික ඒගොල්ලෝ උදව් කළත් නොකළත් ජනාධිපතිවරණය ජයග්‍රහණය කරන්න මම දැනටමත් වැඩ සැලසුම් කරලා ඉවරයි. ඒ වගේම පොහොට්ටුව පක්ෂයක් හැටියට තිබ්බාට එතන බහුතරය මට සහයෝගය දෙන්න පොහොට්ටුවෙන් එළියට එනවා” කියලා ජනාධිපතිවරයා උත්තර දුන්නා කියලා තමයි ආරංචිය.

CW

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Rank Container Terminal (Pvt) Ltd සහ Senura Civil Engineering (Pvt) Ltd වෙතින් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රුපියල් මිලියන 50ක පරිත්‍යාගයක්

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවගේ ජන ජීවිතය මෙන්ම...

José Antonio චිලී ජනාධිපති ධුරයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): José Antonio...

ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස් වෙයි!

අද (15) පෙරවරුවේ ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික...

දේශීය අදායම් දෙපාර්තමේන්තුව ඉලක්කය අභිබවා බදු ආදායම් උපයයි!

ආශික බ්‍රාහ්මණ කොළඹ LNW:දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය ආදායම් ඉලක්ක ඉක්මවා...