තැපැල් දෙපාර්තමේන්තුව නව්‍යකරණය සඳහා නව පනතක්

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද (16) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්, ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා ප්‍රකාශ කළේ , තැපැල් දෙපාර්තමේන්තුව නව්‍යකරණය සඳහා නව පනතක් මෙම වසර අවසානයට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි.

තව දුරටත් ඔහු සඳහන් කළේ,  පවතින තැපැල් ආඥා පනත මඟින් තැපෑල නව්‍යකරණයට බාධා පවතින බැවින් කඩිනමින් එය සංශෝධනය කිරීමට පියවර ගනිමින් සිටින අතර එහි කටයුතු මේ වන විටත් සියයට 80කින් අවසන් කර ඇති බවයි.

රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේ, පෞද්ගලික හා රාජ්‍ය අංශයේ ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස රුපියල් බිලියන 10ක වියදමින් මෙම නව්‍යකරණ කටයුතු සිදු කිරීමට සැලසුම් කර ඇති බවත් ,  කිසිවිටක තැපෑල ඈවර කිරීමට ඉඩ නොතබන බවයි .

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දුම්රිය වැඩවර්ජනය ඇරඹේ. කාර්යාල දුම්රිය ක්‍රියාත්මක බව දෙපාර්තමේන්තුව කියයි

වත්මන් දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා එම තනතුරෙන් ඉවත්කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක්...

ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි – අද (17) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (සැප්තැම්බර් 17) දිනයේදී බස්නාහිර, සබරගමුව...

මට්ටක්කුලියේ බිහිසුණු රිය අනතුරකින් තිදෙනෙක් මරුට. තවත් 8 දෙනෙකුට තුවාල !

මට්ටක්කුලිය, රාස්සමූණකන්ද ප්‍රදේශයේදී අධික වේගයෙන් ධාවනය වූ මෝටර් රථයක්...

ඩොලරයේ අගයේ හදිසි වෙනසක්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකා රුපියලේ හදිසි අවප්‍රමාණය වීමක්...