*
Tuesday, September 24, 2024
spot_img

Latest Posts

දේශීය පුවත් විස්තරය: සාරාංශය 07/17

  1. ණය ගැනීමේ සීමාව තවත් රු. බිලියන 9,000 කින් ඉහළ නංවා ගැනීම සඳහා පාර්ලිමේන්තු අනුමැතිය ලබා ගැනීමට රජය අපේක්ෂා කරයි: මෙමඟින් ණය සේවා ගෙවීම්, පුනරාවර්තන වියදම්, සහ සුබසාධන වියදම් පියවා ගැනීමට හැකිවනු ඇති බවට සඳහන්: 2022 අවසන්වන විට රජය විසින් ලබාගෙන ඇති සමස්ත ණය ප්‍රමාණය රු. බිලියන 27,492 වන අතර, එය 2014 අවසානයේදී පැවතියේ රු. බිලියන 7,487 පමණි: මේ අනුව, 2014 අවසානයේ සිට මේ දක්වා රජය විසින් ලබාගෙන ඇති සමස්ත ණය ප්‍රමාණය රු. බිලියන 20,005 තරම් වූ අතිවිශාල මුදලකි.
  2. ශ්‍රීලංකන් ගුවන් සමාගම සහ එහි අනුබද්ධිත ආයතන ඉවත් කිරීමට ගත් තීරණය එම සමාගමේ “අධික මූල්‍ය අවදානම්” මත හඳුනාගත් ප්‍රමුඛතාවයක් බව මුදල් අමාත්‍යාංශ ආරංචිමාර්ග පවසයි: මෙහි ප්‍රතිව්‍යූහගත කිරීමේ ක්‍රියාවලියේ පළමු පියවර 2023 අවසන්වන විට අවසාන කිරීමට නියමිතය: මෙහි දී ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (International Finance Corporation) “විකිණුම් පාර්ශවයේ” ගනුදෙනු උපදේශකයන් ලෙස පත් කර තිබේ.
  3. ආයෝජන කඩිනම් කිරීම සඳහා ශ්‍රී ලංකාව විසින් විශේෂ ආර්ථික සංවර්ධන කොමිෂන් සභාවක් පත්කළ යුතු බව එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්, හිටපු ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම පවසයි: මෙය සිංගප්පූරුවේ ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලයට සමාන විය යුතු බව ද පවසයි.
  4. ඉකුත් වසරේ හටගත් “අරගලය” අතරතුර දියත් වූයේ යැයි කියන “ජාත්‍යන්තර කුමන්ත්‍රණය” පිළිබඳ විමර්ශනය කිරීම සඳහා ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවක් පත් කරන මෙන් හිටපු කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් ඉල්ලා සිටියි: 2022 අප්‍රේල් 12 වන දින රජය විසින් බංකොලොත්භාවය ප්‍රකාශයට පත් කිරීම වටා සිදුවූ කුමන්ත්‍රණය පිළිබඳ විමර්ශනය කිරීම සඳහා ජනාධිපති විමර්ශනයක් දියත් කළ යුතු බවට හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාර්ඩ් කබ්රාල් විසින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේ 2022 සැප්තැම්බර් මස ය.
  5. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව සම්බන්ධ කරමින් යෝජිත තෙල් නල මාර්ගයකට ගෑස් ලබා දෙන මෙන් තමා ඉන්දියාවෙන් ඉල්ලීමක් කළ බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි: කලාපීය වෙළඳපොලවල් ඉලක්කකරන, සහ දෙරට අතර බලශක්ති අවශ්‍යතා සක්‍රීය කරන, “ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණයක් සඳහා සංවර්ධන සැලැස්මක්, සහ පිරිපහදු සංවර්ධනය සහ තෙල් හා ගෑස් ගවේෂණය අපේක්ෂිත සංවර්ධන සැලැස්මක්” මත මෙම ඉල්ලීම සිදුකර ඇති බව සඳහන්.
  6. කොළඹ වරාය නගරය තුළ ඉදිකරන ලද, කි.මී 3.5 ක දිගින් යුත් ශ්‍රී ලංකාවේ ප්‍රථම කෘත්‍රිම වෙරළ තීරය මහජනතාවට නොමිලේ පරිහරණය කිරීම සඳහා විවෘත කෙරේ: දේශීය හා විදේශීය ආහාරපාන සහිත අවන්හල් මණ්ඩපයක් ද ඒ අවට විවෘත වෙයි.
  7. ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය (ICC) විසින් 03 වන බේරුම්කරණ සමුළුව (Arbitration Conference) ලබන මාස පවත්වන බව එම මණ්ඩලයේ සභාපති ශනිල් ප්‍රනාන්දු පවසයි: ජනාධිපති නීතිඥ ප්‍රියන්ත ජයවර්ධන (ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු), ජනාධිපති නීතීඥ විකුම් ද ආබෲ (අතිරේක සොලිසිටර් ජනරාල්), ජනාධිපති නීතීඥ විවේකා සිරිවර්ධන (අතිරේක සොලිසිටර් ජනරාල්) සහ ජනාධිපති නීතීඥ ආචාර්ය හර්ෂ කබ්රාල් (ජාත්‍යන්තර වාණිජ මණ්ඩල බේරුම්කරණ අධිකරණයේ හිටපු සාමාජික) මෙහි කථිකයන් ලෙස කටයුතු කිරීමට නියමිත ය.
  8. පවතින මාර්ග පද්ධතිවල තිබෙන අයහපත් තත්ත්වය හමුවේ හදිසි අලුත්වැඩියාව සහ නඩත්තුව සඳහා රු. බිලියන 20ක් නිදහස් කරන මෙන් ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන රජයෙන් ඉල්ලා සිටියි: මෙම අවශ්‍යතාවය පිළිබඳව අමාත්‍ය මණ්ඩලය දැනුවත් කර තිබුණ ද, තවමත් ඒ සඳහා ප්‍රතිපාදන වෙන් නොකර තිබීම පිළිබඳ කණස්සල්ල පළකරයි.
  9. මේ වන විටත් ගැසට් කර තිබෙන යෝජිත පනත් කෙටුම්පතකට අනුව මැතිවරණ-සම්බන්ධ වැරදි සඳහා අයකෙරෙන දඩ මුදල් විශාල ලෙස ඉහළ දමා තිබේ: මෙම දඩමුදල් රු. 50,000 සිට රු. 400,000 ඉහළ යනු ඇති බවට සඳහන්.
  10. තායිලන්තයේ පැවැත්වෙන 2023 ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ (Asian Athletics Championships 2023) කාන්තා මීටර් 800 ඉසව්වෙන් තරුෂි කරුණාරත්න රන් පදක්කමක් ද, ගයන්තිකා අබේරත්න ලෝකඩ පදක්කමක් ද දිනා ගැනීමට සමත් වෙති: ශ්‍රී ලංකාව කාන්තා මීටර් 4×400 සහය දිවීමේ ඉසව්වෙන් රිදී පදක්කම ද, පිරිමි මීටර් 4×400 සහය දිවීමේ ඉසව්වෙන් රන් පදක්කම ද දිනා ගනියි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan