මේ ශ්‍රී ලංකාවට නැවතත් හිස එසවීමට කාලයයි – ෆාරීස් හැඩඩ් සර්වෝස්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):මේ දේශපාලනය කරන කාලයක් නොව හරි දේ කරන කාලය බවත් , ශ්‍රී ලංකාවට නැවතත් හිස එසවීමට කාලය පැමිණ ඇති බවත් නේපාලය, මාලදිවයින හා ශ්‍රී ලංකාව සඳහා වන ලෝක බැංකුවේ අධ්‍යක්ෂ ෆාරීස් හැඩඩ් සර්වෝස් මහතා පවසයි.

ආර්ථික ගැටලුවට විසඳුම් ලබාගැනීමේ අරමුණින් ශ්‍රී ලංකාව මේ වනවිට සිදුකරමින් යන වැඩසටහන ප්‍රශංසනීය බවද ඔහු පවසයි .

කොළඹදී ඊයේ (18) පැවති වැඩසටහනකට එක්වෙමින් ඔහු මේ පිළිබඳ අදහස් පළ කළේය.

“බලාපොරොත්තු නොවු අර්බුදයකට ශ්‍රී ලංකාව මේ වනවිට මුහුණදෙමින් සිටිනවා. අපහසු තීන්දු තීරණවලට එළැඹීමට සිදුවෙයි. නමුත් හරි වේලාවේ මේ තීන්දු තීරණවලට එළැඹීමට සිදුවෙනවා. ඉල්ලීමක් කරන්න තිබෙනවා මේ කරගෙන යන වැඩපිළිවෙල ඒ විදියටම කරගෙන යන්න. එයයි මේ වෙලාවේ වැදගත්. කරුණාකර ඇත්ත කතා කරන්න. මේ දේශපාලනය කරන කාලයක් නෙමෙයි හරි දේ කරන කාලයයි මේ. වෙලාව ඇවිත් ශ්‍රී ලංකාවට නැවතත් හිස ඔසවන්න.”

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මධ්‍යම පරිසර අධිකාරිය විසින් කතරගම පූජා නගරය අවට වෙළඳසැල් 32කට එරෙහිව නඩු පවරයි!

රෂිකා හෙන්නායක ජූනි 29, කොළඹ LNW : මධ්‍යම පරිසර අධිකාරිය...

ශ්‍රී ලංකාවට පහසු ජයක්

නිශ්මං රණසිංහ ජුනි 29, කොළඹ LNW: ආසියානු යොවුන් නෙට්බෝල් සූරතාවලියේ...

ගෙවුණු දිනයේ ඊශ්‍රායල් ප්‍රහාරවලින් පලස්තීන සාමාන්‍ය වැසියන් 81 දෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක ජූනි 29, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගෙවුණු දිනය...

ප්‍රමාදය සම්පූර්ණයෙන්ම අවසන් : අතිරේක රේගු අධ්‍යක්ෂ සීවලි අරුක්ගොඩ

රෂිකා හෙන්නායක ජූනි 28, කොළඹ LNW : කොළඹ වරායේ ආනයන...