*
Wednesday, September 25, 2024
spot_img

Latest Posts

පිහාටු මල සහ ගස

මේ වෙලාවෙ ශ්‍රී ලංකාවෙ බැඩිම්න්ටන් හෙට වෙනුවෙන් වැඩ ගොඩක නියැලෙමින් ඉන්නවා.මේ සම්බන්ධයෙන් යම් යම් අත්දැකීම් සහභාගීත්වයෙන් විඳගන්නත් අපට හැකි වුණා.රටේ ක්‍රිඩා අමාත්‍යංශය මේ මොහොතෙ කරන්නෙ ක්‍රීඩා සම්මේලනයක් හෝ ක්‍රීඩා සමාජයක් තරග සංචාරයට යන්න නම් ටික එව්වම ඒවා කපන කොටන එක මිස ඒ සංචාරයට අනුග්‍රහය දැක්වීම නෙමෙයි.අනුග්‍රහය අවශ්‍යය නැහැ ඒ සංචාරයට සහභාගි වන ජාතික වටිනාකමක් තියෙන ක්‍රීඩකයො බලාගන්න එකත් නෙමෙයි.

එහෙම තියෙද්දි බැඩ්මින්ටන් රට පුරා වැඩ කරන්නෙ කොහොමද?ඒකට ඇත්තම හේතුව එහි සභාපතිවරයාගෙ මුදල් පොම්ප කිරීම.ඒක වෙන්න පුළුවන් ක්‍රම කිහිපයක් තියෙනවා.ඒක තමයි අනුග්‍රහය සඳහා අවශ්‍යය විශ්වාසය ගොඩ නඟා ගැනීම.ඒ සඳහා ශක්තියක් සහ හැකියාවක් තිබීම.මේ මොහොතට අදාළව නොවුණත් ලංකාවේ ක්‍රීඩාව සම්බන්ධයෙන් වන ඇත්ත තමයි දුප්පත්කම.ඒවා වෙනස් කරන්න සමහර විට ඉඩ ලැබෙන්නෙත් නැහැ.

උදාහරණයකට කිෂු ගෝමස්ගෙ මලල ක්‍රීඩාව සම්බන්ධ මුල්ම අත්දැකීම එන්නෙ වලල ඒ රත්නායකය සම්බන්ධයෙන්.මේ ලියුම්කරුම තැබූ සටහනකට වලල මලල ක්‍රීඩා කණ්ඩායමට පූර්ණ වශයෙන් අනුග්‍රහය ලබා දීමට ඔහු කැමත්ත පළ කරමින් මට කතා කරන්නෙ ප්‍රවීන මාධ්‍යවේදී රන්ජන් පරණවිතාන හරහායි.එවකට හිටිය විදුහල්පතිතුමාට ඒ සඳහා අවශ්‍ය්‍ය කරන ව්‍යාපෘතියක් සකස් කර දෙන ලෙස අප ඉල්ලා සිටියත් එක පෑන් පහරක් ඒ වෙනුවෙන් ඉදිරිපත් කරන්න ඔහු අසමත් වෙනවා.සමහර විට එසේ වී තිබුණානම් අද තරුෂි කරුණාරත්න වැනි ක්‍රිඩිකාවන් සම්බන්ධයෙන් ලියන අකුරුවල මීට වඩා වෙනත් විදිහෙ හැඩයක් තියෙන්නත් තිබුණා.

ඒ කිෂූ අදටත් ප්‍රවීනයන්ගේ මලල ක්‍රීඩා තරගවලදි තමන්ගේ වයස් ඛාණ්ඩයේ මීටර් 110 කඩුලු තරගය දිනනවා.ඒ සමීපකමත් සමඟ ඔහු ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ සභාපති නොවේ,උප සභාපති තනතුරකට ඉදිරිපත් වුණා.අවසන් ප්‍රතිපලය නිලවරණයෙන් පරාජයට පත්වීම.ඊට පස්සෙ මලල ක්‍රීඩාවෙ වැඩවලට අනුග්‍රහය නැති බවට මැසිවිලිත් එනවා.නමුත් මූලඨ ශක්තිය සහ කළමණාකරණය සහ ක්‍රීඩාවේ නියැලෙන ඊට ආදරේ කෙනෙක් ආවම ඔහුව පත් කර ගැනීමට වඩා අවධානය දෙන්නෙ පෞද්ගලිකව ඒ නිලවරණය හරහා තමන්ගේ දිස්ත්‍රික්කයට,තමන්ට කෙතරම් අවස්ථාවන් දිනා දෙන්නට එකඟ වෙනවද කියන කාරණයයි.

ඩයන් ගෝමස් සම්බන්ධයෙන් වන විටිනාකමත් ඔහු බොක්සිං පාත්තරය අරගෙන ක්‍රීඩා ඇමතිගේ දොරකඩ හිටගෙන ඉන්න තත්ත්වයෙන් ඉවත් කළා.ඔහු උගත් සහ ධනවත් ජාත්‍යන්තර සන්නාමයක්.ඒ විකිණීමට හැකි දැණුමක් තියෙන නිසා.ඒ නිසා අද ඔහු පෞද්ගලිකව වියදම් කිරීමට තමන්ට ඇති මුදල් දේපළ දරුවන්ට දීලා නිදහස් වෙද්දිත් බොක්සිං සඳහා සෘජුව ජාත්‍යන්තර බොක්සිං සංගමය මැදිහත් කර ගනිමින්,ජාත්‍යන්තර හැඩයක් ලංකාවෙ බොක්සිං වෙනුවෙන් මේ පොළවෙ හදන්න මහන්සි වෙන්න පුළුවන් තත්ත්වයක් නිර්මාණය කරගෙන යනවා.ඒ ක්‍රීඩාවට ඇති ආදරය වගේම මූල්‍ය කළමණාකරණය සම්බන්ධයෙන් ඇති විශ්වාසයත් පදනම් කරගෙන හැදෙන තත්ත්වයක්.

මේ මොහොතෙ රොහාන් කියන්නෙත් එහෙම සන්නාමයක්.රොහාන් තබා ඉහත උදාහරණවලට ගත්තු කිසිවෙක්ට සියයට සියයක් එකඟ වන්නට බැහැ.විවේචන තිබෙනවා.නැතිනම් ඒ වැඩ රටාවන්වල සියයට සියයක් එකඟ විය නොහැකි කාරණා තිබෙන්නත් පුළුවන්.
සමහර ශරීරවලට කන් ගැලපෙන්නෙ නැති වුණාම ඒ තැන්වලට අං එනවා.එතකොට මිනිස්සු අංවලට විරුද්ධ වෙන්නෙ කන් ගලපගන්න හැටි ගැන කල්පනා නොකර.ප්‍රතිපලය භයානකයි.කන් විදිහට නෙමෙයි අං ප්‍රතිචාර දක්වන්නෙ.ඒ නිසා අං තිබෙන බව සහ කන් ගලපාගන්නෙ කොහොමද කියන කාරණය කියන එක අප අතපසු කරගෙන අං මුවහත් කරන එක තමයි අපේ අතින් සිද්ධවෙන්නෙ.

රොහාන්ව විවේචනය කරන්න යොදාගන්න සමහර වචන සහ එහි හැඩතල දැක්කම හිතෙන එක දෙයක් තමයි ඔහුව නිවැරදි කරන්න අවශ්‍යය නැහැ.ඔහුව පෞද්ගලිකව විවේචනය කරලා,චරිතය ඝාතනය කරලා බැඩ්මින්ටන් එකෙන් අයින් කරන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වෙනවා කියන එක.එහෙම වුණා කියන තැනට ඇවිත් කල්පනා කරහම ඊට පස්සෙ මේ මුදල් පොම්ප කිරීම…?
දැනට ක්‍රියාත්මක වෙමින් යන පුහුණුකරුවන් පුහුණුකිරිම අවශ්‍යය වෙන්නෙ නැද්ද?අවුරුදු 13 න් පහළ දිස්ත්‍රික් පුහුණු සංචිත අවශ්‍යය නැද්ද?රොහාන් සභාපතිකමෙන් යාමට අමතරව ඒ සඳහා සොයා දී තිබෙන අනුග්‍රහයන් හකුළා ගත්තොත් ඒ සඳහා මුදල් තිබෙනවාද?
රොහාන් ද සිල්වාගේ මූල්‍යමය හැකියාව බැඩ්මින්ටන්වලට වටින තරම් ඔහුගේ මූල්‍යමය හැකියාව පෝෂණය කරන්න බැඩිමින්ටන් වටින්නෙ නැති බව අප තේරුම් ගත යුතුව තිබෙනවා.එවැනි තැනකදි අප විවේචනය භාර ගන්න ඕනි වෙන අදහසක් ඇතිවයි.ලංකාවේ ක්‍රීඩා පණත අලුත් වෙන්නෙ රටට ඕනි විදිහට නෙමෙයි.එහි වගකීම් දැරීම පැවරීම වෙනස් වන්නෙ ඒ ඒ මොහොතෙ එන දේශපාලන අවශ්‍යයතා අනුව හැදෙන රැලිවලට.සමහර වෙලාවට දේශපාලකයාට මැදිහත් වෙන්න තියෙන අවශ්‍යයතාවයට අනුව.සමහර වගන්තිවලින් යම් ක්‍රීඩාවක ප්‍රවීනයෙක් වූ කෙනෙක්ට ඔහුගේ දරුවන් ඒ ක්‍රීඩාවේ යොදවන්න වාරණ පනවනවා.තාත්තෙක් වුණානම් උඹට උඹේ දැනුමෙන් ක්‍රීඩාවට සම්බන්ධ වෙන්න බැහැ කියලා නීති ගේන එක, හරියට තාත්තා කෙනෙක් වුණාට කරන සරදමක් වගේ නෙමෙයිද?

ලංකාවේ ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩා භාන්ඩ නිෂ්පාදකයො නැහැ.බොහෝ වෙලාවට සිද්ධවෙන්නෙ ක්‍රීඩාවේ ප්‍රවීනත්වවට පත් වූ කෙනෙක් ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩා භාණ්ඩ ගෙන්වා බෙදා හැරීමයි.නමුත් ක්‍රිඩා භාණ්ඩ සම්බන්ධයෙන් ජාත්‍යන්තර පිරිවිතර සකසා ඊට ප්‍රමිතියක් ඇති කිරිම වෙනුවට කරන්නෙ ක්‍රීඩාවට සම්බන්ධ ව්‍යාපාරයක් කරන අයෙක්ට පරිපාලනයට සම්බන්ධවීමේ බාධකයක් ඇති කිරිමයි.මේ මොහොතෙ කිසිම දෙයකට ශත පහකින් අනුග්‍රහයක් දක්වන්න බැරි බෝඩ් කෑල්ලක් විතරක් වෙලා තියෙන ක්‍රීඩා අමාත්‍යංශයට මේ මොහොතේ ක්‍රීඩාවන් හී පරිපාලනයෙ අඩු ගාණෙ ක්‍රීඩා භාණ්ඩ ගෙන්වන එකෙක් හරි හිටියනම් කියලා හිතෙනවා ඇති.එහෙම වෙන්නෙ ඇයි?ඒ මොහොතට කාට හරි පහර දෙන්න ඕනි එකට සාපේක්ෂව හරි නැත්නම් එක පුද්ගලයෙක්ගේ හරි කණ්ඩායමක හරි දකින වැරද්දකට අනුව දේශපාලන ආශිර්වාදය ගන්න පුළුවන් මාර්ගයක් හදාගෙන ක්‍රීඩාවට නීති ගෙනැවිත් තමන්ට හිතෛශී නොවන කොටස් ක්‍රීඩාවෙන් ඈත් කර දැමීමයි.

ඒවා ප්‍රායෝගිකද නැද්ද කියන කාරණය යළිත් සළකා බලන තැනකට ආවම තමයි තේරෙන්නෙ කරපු වැරදි නීතියක් වුණාම,සම්ප්‍රදායක් වුණාම ඒක වෙනස් කරන්න තියෙන ඉඩ ඉතාම අඩුයි හෝ නොහැකියි කියන එක.මේ ක්‍රමයටම ලංකාවේ බැඩිමින්ටන් සම්බන්ධයෙන් මැදිහත්වීමත් පෞද්ගලික චරිත ඝාතනයක ස්වභාවයෙන් සිද්ධ වෙනවනම් විය හැකි අනතුරුකාරී තත්ත්වයන් හඳුනා ගැනීම වැදගත්.එහි එක් කාරණයක් වන්නේ අමාත්‍යවරයාට හේත්තු වී අනවශ්‍ය ආකාරයට ඔහුගේ හිත දිනාගෙන බැඩිමින්ටන් පරිපාලනයට බාධක ඇති කිරීම.එහි ප්‍රතිපලයක් වශයෙන් දේශපාලන බලපෑම් එල්ල කිරීමේ ජනප්‍රිය චරිතයක් බවට පත්ව සිටින ශ්‍රී ලංකා ක්‍රීඩා අමාත්‍යවරයාගේ මැදිහත්වීමෙන් බැඩිමින්ටන් තහනම් වීමට ඇති ඉඩ.එවිට මේ වන විට ජාතික මට්ටමෙන් සිඳුවන සියලු වැඩ සටහන් නවතින අතර දේශිය වශයෙන් ඒවා ක්‍රියාත්මක කිරීමට අමාත්‍යවරයාට ඇති සංචාරයක ටිකට් එකක් දීමට බැරි අමාත්‍යංශයකින් ඒ වැඩ සටහන් සියල්ල කරගෙන යාමට නොහැකි වනු ඇත.

වත්මන් පරිපාලනය තුළ සිට ඇතැම් අය කරන හැසිරීම සහ ඇතැම් විට ලබාගන්නා හෝ බලාපොරොත්තු වන වරප්‍රසාද හෝ වරදාන ගැටළුවක් විය හැකිය.නමුත් අතු ඉවත් කිරීම වෙනුවට ගස ඉවත් කිරීමට ක්‍රියා කළහොත් තත්ත්වය බරපතල වනු ඇත.ගසක් සිටුවීම සහ හොඳ පලදාවක් නෙලා ගැනීම පහසු නැත.ඒ නිසා ගසට ගල් ගසන්නට පෙර මුලට පොහොර වන්නට උත්සාහ කිරීමෙන් පල ඇති ගසක් බවට පත් කිරීමටත්,පල නැති අතු කප්පාදුවටත් වැඩ කිරිමේ කලාව අප දැන වැඩ කළ යුතුය.

අප මේ සටහනේ මුල සිට මතු කළ එක් කරුණක් වන්නේ ක්‍රීඩාවේ යම් යම් හැකියාවන් සහිත අයට එම ක්‍රීඩාව තුළ ඇති ප්‍රවීනත්වයම සළකා වැට බැදීම ක්‍රීඩාවට හානිකරන බවය.නමුත් ප්‍රවීනත්වය වැරදි විදිහටද යොදා ගන්නට හැකිය.එහිදී එම වැරදි හේතුව විනා ප්‍රවීනත්වයට නාකි යැයි අපහාසයෙන් පැවසීම ඔවුන්ගේ ප්‍රවීනත්වය විසින් උපයා දුන් වර්ථමානයට ගැරහීමනම් එතරම්ම හොද නැත.එයින් ප්‍රවීනයාට අපහාසවීමට වඩා ප්‍රකාශකයාගේ බාලකම පෙනෙන්නේය.වැරද්ද,වැරද්ද කරන කෙනා ලෙස ඉලක්කය සෘජුව පැහැදිළි කිරීම විනා රට පටලවාගන්න යාමේදී සිඳු විය හැකි නරකම දේ ප්‍රශ්නය ඉතුරු වී මඩවලින් එකිනෙකා වැසී යාම පමණය.අප ද සෘජුව මීට පෙර රොහාන් ද සිල්වාට යෝජනා කළේ සෑම තරගයක් සඳහාම ප්‍රවීන ඉසව් ඇතුළත් නොවුණ ද,සෑම තරගයක් සඳහාම ජාතික සහ කණිෂ්ඨ අංශ ඇතුළත් කිරිම වැදගත් බවය.ජගත් තලයේදී ජාතික මට්ටමෙන් තරගාවලි සඳහා යාමට අවශ්‍යය කොන්දේසි සැපිරීමට වඩා ප්‍රවීන තරග සඳහා යාමට කොන්දේසි සපුරා ගැනීම යම් ආකාරයකට පහසු බවද අපි දනිමු.රොහාන් සහ ප්‍රවීන බැඩිම්න්ටන් අමුණා ගැනීමේදී අප ඒ තත්ත්වයද අවධානයට යොමු කළ යුතුය.ඒ සඳහා වන වෙනම සංගමයක් ද මේ වන විට ක්‍රියාත්මකය.ඒ නිසා ඒ සඳහා එම සංගමය හරහා මුදල් යෙදවීම හෝ පෞද්ගලිකව මුදල් යෙදවීම ශ්‍රී ලංකා බැඩිමින්ටන්වලට බල පාන්නේ නැත.නමුත් ඒ සියල් ශ්‍රී ලංකා බැඩිමින්ටන් සඳහා වන ගිණුමෙන් වැය වෙනවානම් ඒ තත්ත්වය දත්ත සහිතව පෙන්වා දිය යුතුය.නමුත් ශත පහක්වත් නොදී සිටින්නැයි කියන්නට නොහැකිය.එය මේ මොහොතේ සම්ප්‍රදායක්,රීතියක් හෝ නීතියක් ලෙස සම්මත වුවහොත් ලංකාවේ ප්‍රවීනයන්ට බැඩිමින්ටන් පිත්ත තරග දිවියෙන් විශ්‍රාම ගන්නා මොහොතේදීම අත හැර දමන්නට සිඳුවනු ඇත.

අප ඉතිහාසයේ ද යම් යම් අවස්ථාවන් හි ගස්වල කපා දැමිය යුතු අතු නිවැරදිව තෝරා නොගෙන ගස් පිටින්ම කපා දැමූ අවස්ථා ඇත.එය අනතුරු හැඟවීමක් නොව අවබෝධයෙන් වැඩ කරන්නට කරන මඟ පෙන්වීමක්ය.රුක් කලාව උද්භිද විද්‍යාත්මකව හැසිරීම දන්නා අය සමහර අතු මෙන්ම අතුවල පල හට ගනි යැයි සිතෙන සහ පෙනෙන එහෙත් පරාගනයට ලක් නොවන කොටස් හඳුනා ගනියි.එවිට අත්තම ඉවත් නොකර එයින ද පල ගෙන එම පරාගනය නොවන කොටස් නොසළකා ඉන්නට හැකිය.කෙතරම් ශක්තිමත් වුව ද ඒ විද්‍යාව ඇතුළේ ගසකින් එවැනි ලක්ෂණ හඳුනාගන්නට පුළුවන් බව නොරහසකි.පිහාටු මලට ද ඒ කතාවම ආදේශ කර ගැනීම වටින්නේයඑහිද ගස,අතු සහ පරාගනය නොවන නෙත සිත රවටන පරාගනය නොවන තැන් හඳුනා ගන්නට විද්‍යාවක් ඇත.දැන් බොහෝ අය ඔසවා සිටන පොරෝ පහරට හරි ඉලක්කයක් නැත.එය නොදැනුවත්වම ගහේ මුල ඉලක්ක කරගෙන සිටින්නේය.

සටහන – නිශ්මං රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan