*
Wednesday, September 25, 2024
spot_img

Latest Posts

“අස්වැසුමට” රාජ්‍ය නිලධාරීන්ගේ සක්‍රීය දායකත්වය අත්‍යාවශ්‍යයි – සාගල

අඩු ආදායම්ලාභි පවුල් සවිබල ගන්වමින්, සහනයක් අවැසි ජනතාවට සහනයක් වීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මඟපෙන්වීමෙන් ආරම්භ කළ “අස්වැසුම” සමාජ සුබසාධක ප්‍රතිලාභ වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා මෙරට රාජ්‍ය නිලධාරීන්ගේ සක්‍රීය දායකත්වය අත්‍යාවශ්‍ය බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා පැවසීය.

අඩු ආදායම්ලාභී ජනතාව නඟාසිටුවීම සඳහා ගත යුතු ප්‍රතිපත්තිමය තීන්දු තීරණ ප්‍රමාදයකින් තොරව ගත යුතු බව පැවසූ ඒ මහතා එම ප්‍රතිපත්තිමය තීන්දු නිසි ලෙස නොගැනීම හේතුවෙන් පසුගිය කාලයේ ආර්ථික ගැටලු රැසකට රටට මුහුණ දීමට සිදු වු බව ද පෙන්වා දුන්නේය.

සාගල රත්නායක මහතා මෙම අදහස් පළ කළේ “අස්වැසුම” සමාජ සුබසාධක ප්‍රතිලාභ වැඩසටහන සඳහා රාජ්‍ය නිලධාරීන්ගේ සක්‍රීය දායකත්වය ලබා ගැනීම පිළිබඳව පෙරේදා (18) ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ය.

“අස්වැසුම” සමාජ සුබසාධක ප්‍රතිලාභ ගෙවීමේ වැඩසටහනේ මෙතෙක් ප්‍රගතිය මෙහිදී සමාලෝචනයට ලක් කෙරුණු අතර වකුගඩු, ආබාධිත හා වැඩිහිටි දීමනා ලේඛනගත සෑම අයෙකුටම නිසි පරිදි එම ප්‍රතිලාභ ලබාදෙන ලෙස ද සාගල රත්නායක මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

අඩු ආදායම්ලාභී පවුල් සඳහා මේ දක්වා ක්‍රියාත්මක කළ සමෘද්ධි සංවර්ධන වැඩසටහන වෙනුවට හඳුන්වා දුන් අස්වැසුම සමාජ සුබසාධක වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී ප්‍රතිලාභීන් හඳුනාගැනීම විධිමත් කිරීමේ අවශ්‍යතාව පැහැදිලි කළ සාගල රත්නායක මහතා මේ සඳහා සහාය ලබාදෙන ලෙස සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.

මෙම වැඩසටහනින් දැනට ඉවත් වී සිටින සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ගේ දායකත්වය ලබාගෙන “අස්වැසුම” වැඩසටහන සඳහා මේ වන විට ලැබී ඇති අභියාචනා සහ විරෝධතා නිරවුල් කරගනිමින් සුදුස්සන් හඳුනා ගැනීමේ කටයුතු කඩිනම් කිරීම පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා විය.

එසේම මෙම වැඩසටහන කාලීනව, නවීන තාක්ෂණය ඔස්සේ ඉදිරියට ගෙන යාමේ වැදගත්කම ද සාගල රත්නායක මහතා පෙන්වා දුන්නේය.

මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ, සමාජ සවිබල ගැන්වීම පිළිබඳ රාජ්‍ය අමාත්‍ය අනූප පැස්කුවල්, වයඹ පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන, සමෘද්ධි සංවර්ධන අධ්‍යක්ෂ ජනරාල් ආර්.පී.බී. තිලකසිරි යන මහත්වරු සහ සමස්ත ලංකා සමෘද්ධි කළමනාකරුවන්ගේ සංගමයේ නියෝජිතයින් ද මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan