CAPITALISM රෙද්ද ගලවන DON’T LOOK  UP 

Date:

Adam McKay නිර්මාණය කළ ‘ඩෝන්ට් ලුක් අප්’ චිත්‍රපටය ගැන කතාබහ නිකම්ම නිකන් ආට් ගැන කතාබහක් විතරක් වුණොත් විහිළුවක්. දේශපාලනය ගැන කතා නොකර ‘ඩෝන්ට් ලුක් අප්’ ගැන කතාකරොත් වතුර ගැන කතා නොකර තිබහ ගැන කතාකරනවා වගේ වැඩක් ඒක. ඉතින් එන්න තිබහ ගැන කතාකරමු වතුර වීදුරුවක් අතේ තියාගෙන. 

තත්පර කීපයක් තුළ ලෝකය විනාශ කිරීමට තරම් ප්‍රබල ග්‍රහ වස්තුවක් ලෝකය දෙසට එන බව සොයාගත් විද්‍යාඥයන් දෙපළකට එතැන් සිට මුහුණ පාන්නට සිද්දවෙන සිදුවීම් මාලාව ඔස්සේ තමයි `ඩෝන්ට් ලුක් අප්` ඉස්සරහට එන්නේ. ඒක මීට පෙර සොයා නොගත් වල්ගා තරුවක්. ලෝකයේ වැදීමට ඇති ඉඩ සීයට 99.78 යි. 

මේ වැදගත් ආරංචිය කියන්න ධවල මන්දිරයට යනකොට ජනාධිපතිනිය පට්ට බිසී. කොච්චර බිසිද කියනවනම් එයා උපන්දින උත්සව වලට එහෙම සහභාගී වෙලා තමයි මේ සාකච්ඡාවට එන්නෙත්. සිද්දවෙන්න යන විනාශය ගැන මෙලෝ හත්තිලව්වක් ඔළුවට නොවැටෙන, තමන්ගේම මනෝ ලෝකයක ජීවත්වන ජනාධිපතිනියක්. මෙරිල් ස්ට්‍රීප් ඇක්ට් කරන මේ චරිතය ගේනකොටම සිනමාකරුවා ගහනව ඇමරිකන් සොසයිටි එකට කණ රත්වෙන්න පාරක්. 

ජනාධිපතිනියගේ එකම පුතා තමයි එයාගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා තනතුරෙත් ඉන්නේ. ඒ කට්ටියම ඉන්නේ බලයෙන් මත්වෙලා වෙනම ලෝකෙක. විද්‍යාඥයන්ට ඇහුම්කන් දෙන්න ඒ ගොල්ලෝ වෙන් කරන්නේ පැයකටත් අඩු වෙලාවක්. “ඔය සීයට අනූනවයේ කතා කියන්න එපා.. ඕක හැත්තෑවයි කියල කියන්න “ඔන්න ඔහොමයි ජනාධිපතිනිය ප්‍රතිචාර දක්වන්නේ.

හංගන්න බැරි චකිතයකින් කලබලයකින් ලෝක විනාශය පැහැදිලි කරන ආචාර්ය රැන්ඩොල් මින්ඩි (ලියනාඩෝ ඩිකප්‍රියෝ) “මේක හිරෝෂිමා බෝම්බ බිලියනයක් පවර්ෆුල් එකියල කියනකොට, චීෆ් ඔෆ් ස්ටාෆ් ජනාධිපති පුත්‍රයා ජේසන්, විද්‍යාඥයාට මෙහෙම කියනවා. “ඔයා හුස්ම ගන්න විදිහ හරි කැතයි. ඒක බලන් ඉන්න එක මට අපහසුතාවක්.” කොහොමද ආතල් එක..? ලෝක විනාශයට ධවල මන්දිරය මුහුණ දෙන හැටි..!

මෙන්න මෙහෙම ඇප්රෝච් එකකින් පස්සේ තමයි නියම සෙල්ලම පටන් ගන්නේ. ඊළඟට සීන් එකට එනවා ඉලෝන් මස්ක් – මාක් සකර්බර්ග් – ස්ටීව් ජොබ්ස් ටයිප් එකේ ටෙක්නෝ – බිස්නස් ගුරු කෙනෙක්. ජනාධිපතිනියගේ ළඟම හිතවතා එයා. එතන ඉඳන් ඒ ගොල්ලෝ බලන්නේ ග්‍රහ වස්තුව ආර්ථික වශයෙන් සහ දේශපාලනිකව විකුණන්නේ කොහොමද කියල මිසක් ලෝක ප්‍රජාව බේරගන්න නම් නෙමෙයි.

මේ ඔක්කොම අස්සේ මීඩියා වැඩකරන හැටි ; ජරා, මජර, නරුම, සෝබන සහ මොළේ කළඳක් නැති විදිහට මීඩියා සහ සෝෂල් මීඩියා වැඩකරන හැටි ගැන   පිස්සු හැදෙන උපහාසයකින් මේ ෆිල්ම් එක ඇතුලෙ කතාකරනවා. ඒ ටික ඉතින් බලන්නම ඕන. කිව්වට වැඩක් නැහැ කියන එක හරිත් නැහැනේ.  ලෝක විනාශය කියන්නෙත් මීඩියා එකට විනාඩි දහයේ සේග්මන්ට් එකක්. සෝෂල් මීඩියා එකට එදිනෙදා බයිට් එකක්. අහෝ ලෝක ප්‍රජාව !

බ්ලැක් කොමඩි ජොන්රා එකට වැටෙන මේ මුළු ෆිල්ම් එකෙන්ම ඕල්මෝස්ට් බැලුවොත් කරන්නේ ධනවාදයේ රෙද්ද ගලවල හෙළුව පෙන්වන එක. ඒක එක පැත්තකින් ඇමරිකන් සොසයිටිය දිහා බලලා, “මෙහෙම ගියොත් පුතේ ඇමරිකාව නතරවෙන්නෙ මෙන්න මේ වගේ ඛේදජනක විගඩමකින්..!” කියන අනාවැකිය තමයි මේ සිනෙමැටික් විදිහට කියන්නේ. 

පොලිටිකල් සහ මීඩියා ඇතුලේ සිද්ද වෙන්න නියමිත විකාරසහගත සිටුවේෂන් එක දැනටමත් ඇමරිකාවේ සිද්දවෙන හැටි බලලා, ඊළඟට සිද්දවෙන දේ අතිශයෝක්තියට නගලා බ්ලැක් කොමඩියක් හැටියට සිනමාවට ගේනවා. ලෝක විනාශය තාම ග්‍රහ වස්තුවක් හැටියට නාවත්, බටහිරට ඔය පේන අනාගත අතිශයෝක්තිය, සවුත් එෂියා සොසයිටිවල නං වර්තමාන ඉරණමක් හැටියට මේ දැනුත් සිද්දවෙමින් පවතිනවා. ඒකත් එක විදිහක බ්ලැක් කොමඩියක් නෙමෙයිද බ්‍රෝ ?

– BALTIMORA  

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පැතුම් නැංගුරම් දමයි – ශ්‍රී ලංකාව හොඳ තැනකට සේන්දු වෙයි

නිශ්මං රණසිංහ ජුනි 19, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ බංගලාදේශය...

කෙහෙළියගේ දියණියන් දෙදෙනාට හා බෑණාට ඇප. එක් දියණියක් බන්ධනාගාරයට රැගෙන යයි !

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ සිදුකරන විමර්ශනයකට අදාළව අත්අඩංගුවට...

අභියාචනාධිකරණ විනිසුරුවරු දෙදෙනෙකු සහ නව අභියාචනාධිකරණ සභාපති දිවුරුම් දෙයි!

රෂිකා හෙන්නායක ජූනි 19, කොළඹ LNW : ජනාධිපති කාර්යාලයේදී...