Onmax DT ජාවාරම ඇතුළේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුත් ඉන්නවා – ඩයනාගෙන් චෝදනා

Date:

Onmax DT නම් පිරමීඩ ජාවාරම තුළ මෙරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පවා සිටින බව සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පවසයි.

“මේ ඔන්මැක්ස් ඩීටී ආයතනය මේ වනවිට තහනම් කරලා තියෙනවා. නමුත් මේ ආයතනය තහනම් කළාට පස්සෙත් දැනට කෝටි 292ක් මිනිස්සුන්ගෙන් එකතු කරගෙන තියෙනවා. එතකොට මොකක්ද මේ ගනුදෙනුව ? මේක ඇතුළේ සමහර පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඉන්නවා මේ ගනුදෙනුවේ. එතකොට මේක දැනට සීඅයිඩී එකේත් නීතිපති දෙපාර්තමේන්තුවේත් බොහෝම මන්දගාමීව යන විමර්ශනයක් වෙලා තියෙනවා. මම ඉල්ලා සිටිනවා මේක ඉක්මනින් හොයන්න. මොකද ඒ අතරතුර – කෝටි 300ක ගිණුම් මේ වනවිටත් අත්හිටුවලා තියෙනවා, නමුත් මේ වනවිට කෝටි 3000ක් මේ රටින් පිටකරලා තියෙනවා. මේක පිරමීඩ් ජාවාරම. නමුත් මේක ගැන කිසිම හෙවිල්ලක් හරියට වෙන්නෙ නෑ, මේක හරිම මන්දගාමීව යන විමර්ශනයක්. ඒ විමර්ශනය එහෙම යන අතරතුර තවමත් මේ රටේ මිනිස්සුන්ගෙන් සල්ලි එකතු කරමින් ඉන්නවා ඔවුන්. දැනට පේන්න අධ්‍යක්ෂවරුන් පස් දෙනෙක් හිටියත් මේක පිටිපස්සේ ඉන්නවා මහමොළකරුවෙක්. අන්න ඒ කෙනා කවුද කියලා අපි හොයලා බලන්න වෙනවා. මොකද මේ රටේ සල්ලියි මේ රටින් පිටවෙන්නේ”

ඩයනා ගමගේ මහත්මිය මේ බව පැවසුවේ ඊයේ (20) පාර්ලිමේන්තුවේ පැවති විවාදයකට එක්වෙමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ටිල්වින් සිල්වාට ආරක්ෂාව දෙන්නේ එයත් පාතාලේද?

කොළඹ LNW: බලය ලබා ගැනීමට පෙර පැවසුවේ ආරක්ෂාව අවශ්‍ය...

පොදු දේපල අවභාවිතය:රනිල්ගේ නඩුව කල් යයි!(PHOTOS)

කොළඹ (LNW): පොදු දේපල අවභාවිතය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ...

කෘත්‍රිම බුද්ධිය සමඟ එක්කාසු වෙන්නට යන තාක්ෂණික දැවැන්තයා – Amazon

සටහන – පුලී ඔක්තෝම්බර් 29, කොළඹ (LNW): කෘත්‍රිම බුද්ධිය (AI) මගින්...