ජය ශ්‍රී රුවිතේ එක්ක රට වටේ යයි ?

Date:

ජය ශ්‍රී අයියා මලෝ ගැන නොදන්න කෙනෙක් නැහැ. මේ දෙන්නා අලුත් වැඩකට අතගහලා කියලා අපිට ආරංචි වුණා. ඉතිං, ඒ ගැන වැඩිදුර විස්තර මොනාද කියලා අපි එයාලගෙන්ම අහලා බැලුවා.

මේ ගැන රෝහිත නම් කිව්වේ මෙන්න මෙහෙමයි. “දැන් රුවිතයක් එන්න යන්නේ. ඒ කියන්නේ ඩයමන්ඩ් ප්ලේස්. ක්ෂේත්‍රයේ ඉන්න හොඳම වැ‍ඩ්ඩෝ ටික එකතු වෙලා, අපි ලංකාවෙන් යන්න කලින්, ලංකාවේ ලස්සනම තැන්, ඩයමන්ඩ් ප්ලේස් වගයක් එක්ක ලස්සන වැඩක් කරගෙන යනවා” කියලයි.

රෝහිත කියන මේ ප්‍රොජෙක්ට් එක ඇත්තටම එයාලගේ අලුත් නිර්මාණයක් ගැනද, නැත්නම් අලුත් විලා එකක් ගැනද, ඩයමන්ඩ් බිස්නස් එකක් ගැනද කියන එක තවමත් හෙළිදරව් කරලා නම් නැහැ. මේක තවම රහසක් කියලා තමයි අයියා මලෝ නම් කියන්නේ.

කොහොම වුණත් මේ අලුත් වැඩේ ගැන ජය ශ්‍රී – රොහාන් නම් කියන්නේ, ‘බඩු සැරයි – සැප ගොඩ’ යි කියලා. ජය ශ්‍රී ලා කියන මේ රුවිත වැඩේ කලඑළි දකිද්දී බොහෝ දෙනෙක් ඊට සහයදුන්නා කියලත් ඔවුන් කියනවා. ලංකාවේ හතර දිග්භාගයේ කට්ටිය එකට එකතුවෙලා එකම අරමුණක් වෙනුවෙන් සහයෝගයෙන් දියත් කරපු මේ අලුත්ම රුවිතේ නුදුරේදීම කළඑළි දකිනවා. ඒ ගැන වැඩිදුර තොරතුරු ඉදිරියේදී බලාපොරොත්තු වෙන්න ….

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාලිමා මන්ත්‍රී ශාන්ත සම්බන්ධ සිද්ධියේ පොලිස් නිලධාරියාගේ වැඩ තහනම් !

ජාතික ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර...

පළමුවැන්නයි දෙවැන්නයි එකතු වෙලා හදපු බැටනය

නිශ්මං රණසිංහ දෙසැම්බර් 23, කොළඹ LNW: ජාතික ඔලිම්පික් කමිටුව 2026...

වතුකම්කරුවන් මානව හිමිකම් කාර්‍යාලයට..?

රෂිකා හෙන්නායක දෙසැම්බර් 23 කොළඹ LNW : අද (23) දින...

වෙනිසියුලානු ජනාධිපති ඉල්ලා අස්වීම බුද්ධිමත් තීරණයක් බව ඩොනල්ඩ් ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 23: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: එක්සත් ජනපද...