*
Wednesday, September 25, 2024
spot_img

Latest Posts

ශකීල්ගේ දෙසීය තරම්ම වටිනා ඉමාම්ගේ පනහ

ශ්‍රී ලංකා පකිස්තාන තරගාවලිය අවසාන මොහොතේ තියුණු අවසානයක් කරා ගෙන යන්නට ප්‍රභාත් ජයසූරියට හැකි වුණා.ලකුණු 131 ක ජයග්‍රහාහී ඉලක්කයක් හඹා ගිය පකිස්තානය එම ඉලක්කයට සමීප වෙද්දි ඔවුන්ගේ කඩුලු හයක්ම අහිමි කර ගත්තා.මෙිහදී ප්‍රභාත් ජයසූරිය ලකුණු 56 ට කඩුලු 4 ක් ම දවා ගැනීමට සමත් වුණා.

පකිස්තානයේ පළමු ඉණිම ලකුණු 461 කරා යාම නවත්වා ගන්නට ශ්‍රී ලංකාවට හරි සැළසුමක් තිබුණේ නැහැ.විශේෂයෙන් එහිදී පන්දු රැකීමේන් වූ අඩු පාඩු ද බලපෑවා.විශේෂම කාරණය වූයේ ලකුණු 101 ට පකිස්තානු කඩුලු පහක් බිද වැටුණ මොහොතේ ලකුණු 208 ක් නොදැවී ලබා ගත් සාවුද් ශකීල් සහ ලකුණු 83 ක් ලබා අගා සල්මන් අතර හයවන කඩුල්ලට ඇති වූ ලකුණු 177 ක සබඳතාවයයි.එම සබඳතාවයට ඔවුන්ගේ අති විශිස්ඨ පිතිකරණය මෙන්ම කඩුලු පහෙන් පසුව ශ්‍රී ලංකාව අධි විශ්වාසයකට පැමිණ ප්‍රතිවාදීන් වෙත එල්ල කළ පීඩනයෙන් යම් දුරස්වීමක් වූ බවද දැනෙන්නට ගත්තා.


එසේම අවසන් පිතිකරුවන් ලකුණු ලබා ගැනීම දුෂ්කර වූ විට පිත්ත සඟවා ගෙන ලකුණු අතර සිටින පිතිකරුවාට උපකාර කරන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් නසීම් ෂා පෙන් වූ උදාහරණයත් ශ්‍රී ලංකාවේ පසුපෙළට පාඩමක් කර ගත හැකියි.ඔහු පැය තුනකුත් විනාඩි පහළොවක් පිටියේ රැදී සිට පන්දු හැත්තූ හයකට මුහුණ දී ලකුණු 6 ක් පමණක් ලබා ගත්තත්,ඔහු සහ සාවුද් ශකීල් අතර නවවන කඩුල්ලේ සබදතාවය ලකුණු 94 ක් වුණා.ටෙස්ට් තරගයක මූලික සිද්ධාන්ක ඒ ආකාරයටම සුරකිමින් නෂීම් සහ දීර්ඝ වේලාවක් සිය කඩුල්ල ප්‍රතිවාදීන්ට නොදී රැක ගැනීමෙන් ශඛීල්ට ද්විත්ව ශතකය පමණක් නොව පතිස්තානයට සමස්ත තරගයේ ජයග්‍රහණයට බල පෑ පළමු ඉණිමේ ලකුණු 149 ක් ඉදිරියෙන් සිටීමේ හැකියාවත් හිමි වුණා.

දෙවන ඉණිමේදී ද, ශ්‍රී ලංකා ඉණිමට පළමු ඉණිමේ ජීවය එකතු කළ ධනංජයම වැඩි වගකීමක් භාර ගනිමින් මැද පෙළින් පැමිණ ලකුණු 82 ක් එකතු කරා.නිශාන් මධුශ්ක ලකුණු 56 ක් ලබා ගත් අතර රමේෂ් මෙණ්ඩිස් ගේ දායකත්වය ලකුණු 42 ක් වුණා.ඒ සමඟ ලකුණු 279 ක් දක්වා ගිය ශ්‍රී ලංකා ඉණිමට තරගයේ ලද වාසිය දිනකටත් වඩා පකිස්තානයට කාලය ඉතුරු කළ ලකුණු 131 ක්.ගාල්ල තණතිරුවේ ස්වභාවය පදනම් කරගෙන ඒ සඳහා හොඳ සටනක් දීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුණත්,පළමු ඉණිමේ ශකීල් දැක් වූ දායකත්වයම දැක් වූ ඉමාම් මුල් හක් ආරම්භක පිතිකරුවා ලෙස පැමිණ අපූරු රාජකාරියක් ඉටු කරනු ලැබුවා.
ලකුණු 38 ක් වන විට කඩුලු 3 ක් ම අහිමිව තිබූ පකිස්තානයට ඉමාම් සමඟ එක්ව නායක බාබර් අසාම් (24) සිව්වන කඩුල්ලට එකතු කළ ලකුණු 41 සහ පස්වන කඩුල්ලට ඉමාම්, ශකීල් සමඟ එක්ව පැවත් වූ ලකුණු 43 ක සබදතාවයද සමඟින් ගොඩ එන්නට හැකි වුණා.මේ සියල්ල සිඳුවෙද්දී ඉමාම් සංයමයෙන් සිය කඩුල්ල බේරා ගෙන තරගය නිමාවන විට පන්දු 84 ක් තුළ පැය දෙකකුත් විනාඩි 20 ක් පිටියේ රැඳෙමින් ලකුණු 50 ක් නොදැවී ලබා ගෙන සිටියා.


තරගයේ සමස්ත ස්වරූපය ගත් විට මේ ජයග්‍රහණය පකිස්තානයට හිමිවීමට බල පැ ප්‍රධාන සාධකය වූයේ ක්‍රීඩකයෙක් හැටියට සාවුද් ශකීල් රැස් කර ද්විත්ව ශතකය බව පැහිදීළියි.ඒ නිසාම ඔහු තරගයේ වීරයා බවට පත් වුණා.එසේම වැදගත්ම කාරණය මේ තරගයේදී දැක ගන්නට ලැබුණ දෙපිළේ පන්දු රැකීම.පකිස්තානය එහිදී සිටි ඉදිරිය ද ජයග්‍රහණයේ ප්‍රමුඛතම සාධකයක් වුණා.ඔවුන් ශ්‍රී ලංකාවට එරෙහිව පන්දු රැකීමේ විශිෂ්ඨත්වයට ප්‍රධාන වශයෙන් ගෞරවය හිමි විය යුතු උඩ පන්දු කිහිපයක්ම රැක ගැනීමට සමත් වුණා.


ලකුණු විස්තරය –
https://www.espncricinfo.com/series/pakistan-in-sri-lanka-2023-1385664/sri-lanka-vs-pakistan-1st-test-1385685/full-scorecard

සටහන – නිශ්මං රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan