අර්ධ නිර්වින්දන එන්නත් 30,000 ක් මෙරටට

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  පසුගිය දා භාවිතයෙන් ඉවත් කළ නිර්වින්දන එන්නත් වෙනුවට , සිසේරියන් සැත්කම් ඇතුළු සැත්කම් සඳහා භාවිත කරන අර්ධ නිර්වින්දන එන්නත් 30,000 ක් මෙරටට ආනයනය කළ බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතා සඳහන් කළේ.

ඒවා ශල්‍යාගාර පවතින සියලු රෝහල් වෙත බෙදා හැරීම මේ වනවිට ආරම්භ කර ඇති අතර ඒ අනුව නිර්වින්දය සඳහා පැවති ඖෂධ හිඟය සම්පූර්ණයෙන්ම මගහැරී යනු ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයා පැවසීය

තවද,  අත්‍යවශ්‍ය ඖෂධ වර්ග ලේඛනය යාවත්කාලීන කර ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතා පැවසුවේ, ආර්ථික අර්බුදයත් සමග අත්‍යවශ්‍ය ඖෂධ ලේඛනය 383ක් දක්වා අඩු කළ බවත් , එය මේ වනවිට යළිත් 850 දක්වා වැඩිකර ඇති බවයි .

විශේෂඥ වෛද්‍යවරුන්ගේ ඉල්ලීම් සලකා බලා මේ තීරණය ගත් බවත් , නව ලේඛනයට අනුව මේ වනවිට මෙරට ඖෂධ වර්ග 266ක් හිඟ බව ඔහු වැඩිදුරටත්  පැවසීය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක් !

සටහන - රුවන් නෙළුගොල්ල ඉදිරි දින කිහිපයේදී දිවයින හරහා ඊසානදිග...

මුදල් අමාත්‍යාංශයෙන් තවත් තීරණයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 02, කොළඹ LNW : පසුගිය දවස්වල සිදු...

හිටපු ඇමති සී. බී. රිමාන්ඩ් !

සටහන - රුවන් නෙළුගොල්ල අත්අඩංගුවට ගනු ලැබූ හිටපු අමාත්‍ය CB...

මහනුවර දිස්ත්‍රික්කයේ අත්‍යවශ්‍ය සේවා දින තුනක් තුළ යථා තත්ත්වයට!

කොළඹ LNW:ඉදිරි දින තුනක කාලයක් තුළදී මහනුවර දිස්ත්‍රික්කයේ විදුලි...