විපක්ෂ නායක සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නියෝජිතයින් අතර හමුවක්!

Date:

කොළඹ LNW:ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නියෝජිත වෛද්‍ය අලංකා සිං මහත්මිය සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර හමුවක් ඊයේ (20) විපක්ෂ නායක කාර්යාලයේ දී සිදුව තිබේ.

එහි දී මෙරට වර්තමානයේ මතුව තිබෙන දැවැන්ත ඖෂධ හිගය, ප්‍රමිතියෙන් තොර ලියාපදිංචි නොකළ හා අධික මිලකට මෙරටට ගෙන ආ ඖෂධ හේතුවෙන් අහිංසක රෝගී ජනතාවගේ ජීවිත අහිමි වන තත්ත්වයකට පත්ව තිබීම, රජයේ රෝහල්වල CT Scan, MRI Scan වැනි යන්ත්‍ර හිඟය, එම යන්ත්‍ර නඩත්තු නොකර භාවිත කිරීම,වෛද්‍යවරු සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නිලධාරීන් රට අතහැර යාම ආදී ගැටලු රැසක් සම්බන්ධයෙන් දෙපාර්ශ්වය අතර සකච්ඡා සිදුකර ඇත.

මෙම අවස්ථාවට සමගි ජන බලවේගය නියෝජනය කරමින් නිරෝෂන් පෙරේරා මහතා සහ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන යන මහත්වරුන්ද එක්ව සිටියහ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක් !

සටහන - රුවන් නෙළුගොල්ල ඉදිරි දින කිහිපයේදී දිවයින හරහා ඊසානදිග...

මුදල් අමාත්‍යාංශයෙන් තවත් තීරණයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 02, කොළඹ LNW : පසුගිය දවස්වල සිදු...

හිටපු ඇමති සී. බී. රිමාන්ඩ් !

සටහන - රුවන් නෙළුගොල්ල අත්අඩංගුවට ගනු ලැබූ හිටපු අමාත්‍ය CB...

මහනුවර දිස්ත්‍රික්කයේ අත්‍යවශ්‍ය සේවා දින තුනක් තුළ යථා තත්ත්වයට!

කොළඹ LNW:ඉදිරි දින තුනක කාලයක් තුළදී මහනුවර දිස්ත්‍රික්කයේ විදුලි...