අකුරු තේරෙනවා නේද ? මහජන ඒකරාශී වීම් එපා වසංගතය පැතිරෙනවා – සෞඛ්‍ය බළධාරීන්

Date:

රටේ ජනතාවගෙන් අතිශය බහුතර පිරිසක් සාක්ෂරතාවය සහිත අය වුවද ඇතැම් උපදෙස් නැවත නැවත සිහිපත් කිරීමට සිදුවන බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා. කොවිඩ් අවදානම ගැන මෙතරම් අනතුරු ඇඟවීම් සිදු කරද්දීත් බොහෝ දෙනා එම අනතුරු ඇඟවීම් ගණනකට නොගන්නා බවයි ඔහු සඳහන් කරන්නේ.

කොවිඩ් අවදානම යළි දිනෙන් දිනම ඉහළ යමින් තිබියදී රැස්වීම්, උත්සව වැනි මහජන ඒකරාශී වීම් කිසිසේත්ම සුදුසු නොවන බවත් ඒ හරහා වසංගත තත්වය තවදුරටත් වර්ධනය වන බවත් හේමන්ත හේරත් මහතා පවසනවා.

මහජන ඒකරාශී වීම් හරහා වසංගතය ව්‍යාප්ත වුවහොත් ඒවා සංවිධානය කරන අය මෙන්ම ඒවාට සහභාගි වන අයද එහි වගකීම බාරගත යුතු බවද වෛද්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කරනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බංග්ලාදේශයේ හිටපු අගමැතිනී ෂෙයික් හසීනාට මරණ දඬුවම ?

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : බංග්ලාදේශයේ හිටපු...

වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග අද (17) උදෑසන සිට ඇරඹේ

සටහන - රුවන් නෙළුගොල්ල රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (17)...

අඩු පීඩන කලාපය තවදුරටත් – අද (17) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල දිවයින ආශ්‍රිතව අඩු පීඩන කලාපය...