සෞඛ්‍ය ඇමතිකමටත් පොරයක් …

Date:

සෞඛ්‍ය ඇමති තනතුරේ වෙනසක් සිද්ධ වේවි කියලා දේශපාලන ක්ෂේත්‍රයේ පැතිර යන ආරංචිත් එක්කම ඒ ඇමතිකම ලබාගන්න දේශපාලන පොරයක් පටන් අරන් කියලාත් ආරංචියි.

විපක්ෂයෙන් ආණ්ඩුවට එකතු වෙන්න බලාගෙන ඉන්න ජ්‍යේෂ්ඨයෙක් වගේම ආණ්ඩු පක්ෂයෙන් ඉවත්වෙලා දැනට ස්වාධීනයි කියාගෙන ඉන්න එක්කෙනෙකුත් සෞඛ්‍ය ඇමතිකම තමන්ට දෙන්න කියලා නිල නොවන මට්ටමින් ඉල්ලීම් කරලා ලු. මේ දෙන්නාම කලින් සෞඛ්‍ය ඇමතිකම කරපු අය කියලාත් ආරංචියි. කොහොම වුණත් ජනාධිපති කාර්යාලය පැත්තෙන් නම් මේ දෙන්නාටම මෙතෙක් කිසිම ප්‍රතිචාරයක් ලැබිලා නැහැයි කියලා තමයි කියැවෙන්නේ.

එහෙම වුණත් පාර්ලිමේන්තුවේ ස්වාධීන වෙලාය කියන කණ්ඩායමේ ඉන්න විශේෂඥ වෛද්‍යවරියකට සෞඛ්‍ය අංශයේ අධීක්ෂණ වගකීමක් පවරන්න සූදානමක් තියෙනවා කියලා කතාවකුත් තියෙනවා.

මේ අතරේ කෙහෙළිය රඹුක්වැල්ල තමන්ගෙ සෞඛ්‍ය ඇමතිකම රැකගන්න ලොකු සමාජ මාධ්‍ය මෙහෙයුමකුත් පටන් අරන් ලු.

CW

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාසල් වේලාව දීර්ඝ නොකෙරේ – අධ්‍යාපන අමාත්‍යාංශයේ නවතම නිවේදනය මෙන්න !

සටහන - රුවන් නෙළුගොල්ල 2026 වසර තුළ පාසල් පවත්වන වේලාව...

කුරානය මත අත තබා නිව්යෝක් ඉතිහාසයේ ප්‍රථම මුස්ලිම් නගරාධිපතිවරයා දිවුරුම් දේ

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ස්විට්සර්ලන්තයේ අලුත් අවුරුදු උදාවත් සමඟ ඇති වූ ගින්නක් හේතුවෙන් විශාල පිරිසක් ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ඓතිහාසික දළදා සමිඳුන් වැඳ උදා වූ නව වසරට ආශීර්වාද ලබා ගත් ජනපති අනුර!

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (01) පෙරවරුවේ ඓතිහාසික...