කළු ජූලියට වසර 40ක්!

83,කළු ජූලියට වසර 40 ක් සපිරීම නිමිත්තෙන් බෙදන්නට ඉඩ නොදෙමු!
එක්ව අපි පියාඹමු!!

යන තේමාව යටතේ සමාජවාදී තරුණ සංගමය මෙහෙයවීමෙන් සහෝදරත්වයේ පා ගමන ලෙස නම් කල පා ගමනක් සහ සංස්කෘතික ප්‍රසංගයක් අද(23) දින සවස කොළඹ විහාරමහාදේවි එලිමහන් රංගපීඨය අසලදී පැවැත්විනි.

1983,ජූලි කලබල සමයේදී මිය ගිය සහ විපතට පත් වූවන් සිහි කිරීම පිණිස මෙම වැඩසටහන සංවිධානය කොට තිබුනි.

අද සවස දෙකට කොළඹ හයිඩ් පිටියෙන් පා ගමන ආරම්භ වීමට නියමිතව තිබියදී පොලීසිය විසින් පා ගමනට අවසර ලබා දිය නොහැකි බව දැනුම් දීමත්සමග පිරිස කණ්ඩායම් ලෙස ලිප්ටන් වට රවුම් දක්වා ගොස් එම ස්තානයේ විරෝධතා ව්‍යපාරයක් පවත්වා පා ගමනින් ප්‍රසංගය පැවැත්වෙන ස්තානය දක්වා ගමන් කිරීමට උත්සහ කල අතර පොලීසිය විසින් අතර මගදී ජල ප්‍රහාර එල්ල කොට පා ගමන විසිරුවා හරින ලදී.

ස්තාන කීපයකදී ජල ප්‍රහාර එල්ල කලත් පිරිස වෙනත් මාර්ග වලින් ප්‍රසංගය පැවැත්වෙන ස්තානයට පැමිණි අතර එහිදී නියමිත පරිදි රැලිය සහ ප්‍රසංගයපැවැත්විනි.

ඡායාරූප – අජිත් සෙනෙවිරත්න

සියලුම ඡායාරූප නරඹන්න

https://www.readphotos.com/photo-stories/581/SYU%20protest%20remembering%20Black%20July

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...