ප්‍රමාණවත් ඉන්ධන තොග තියෙනවා  – කංචන

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය අවධාරණය කරන්නේ , රජය සතුව මේ වන විට ප්‍රමාණවත් තරම් ඉන්ධන තොග පවතින බවයි. ඒ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් නිවේදනය කර ඇත්තේ, අද (23) පෙරවරු 8.30 වන විට රජය සතුව ඩීසල් මෙට්‍රික් ටොන් 133,936ක් පවතින අතර, සුපර් ඩීසල් මෙට්‍රික් ටොන් 6,192ක් පවතින බවයි .

විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය තවදුරටත් සඳහන් කරන්නේ , ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 35,402ක් සහ ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 5,367ක් රජය සතුව පවතින බවයි .

ඊට අමතරව ගුවන් යානා ඉන්ධන මෙට්‍ර්ක් ටොන් 30,173ක්ද අද පෙරවරුව වන විට රජය සතුව පවතින බවත් සඳහන් .

වැඩිදුරටත් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සඳහන් කරන්නේ පසුගිය සති කිහිපය තුළ රජය සතු ඉන්ධන සංචිතයේ යම් අඩුවීමක් තිබුණද එය මේ වන විට යථා තත්ත්වයට පත් කර ඇති බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මේ මොහොතේ අධිවේගී මාර්ගවල ගමන් ගන්නා අයට විශේෂ පණිවුඩයක්!

අධිවේගී මාර්ගවල ගමනාගමනය කටයුතු සඳහා මේ මොහොතේ සිට (රාත්‍රී...

මහනුවර ආශ්‍රිතවත් මහවැලි ගඟේ ජල මට්ටම ඉහළට. අධි ගංවතුර අවදානම් නිවේදනයක් ! (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල මහවැලි ගඟ ද්‍රෝණියේ යටිනුවර සහ ගඟවට...

දිස්ත්‍රික්ක 20කට වැස්සෙන් පීඩා. මරණ සංඛ්‍යාව 40ක් දක්වා වැඩි වෙයි. තවත් 21ක් අතුරුදහන්!

කොළඹ LNW:පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වන විට...