නෙතන්යාහුගේ අධිකරණ ප්‍රතිසංස්කරණ සැලැස්ම වැලැක්වීමට ඊශ්‍රායල් වැසියන් දස දහස් ගණනක් පා ගමනින් ජේරුසලමට

Date:

පැවැත්මට ගරු කරන්න නැතහොත් ප්‍රතිරෝධය අපේක්ෂා කරන්න!

අද හා හෙට(23-24)දිනයන්හි ඊශ්‍රායල් පාර්ලිමේන්තුවේ සාකච්ඡා වීමට නියමිත අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ මතභේදාත්මක අධිකරණ ප්‍රතිසංස්කරණ සැලැස්මට එරෙහිව ඊශ්‍රායල් වැසියන් දස දහස් ගණනක් පා ගමනින් ජේරුසලමට පැමිණ කඳවුරු බැඳගෙන ඇති අතර, අතර තවත් විරෝධතාකරුවන් ටෙල් අවිව්හි වීදිවලට ​​බැස සිය විරෝධතාවන් දක්වන බවත් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ.

මෙම ප්‍රතිසංස්කරණය මඟින් පාර්ලිමේන්තුවේ තීරණවලට අභියෝග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට ඇති හැකියාව සීමා කිරීමේ සිට, විනිසුරුවරුන් තෝරා ගන්නා ආකාරය වෙනස් කිරීම දක්වා, අධිකරණයේ බලතල සීමා කිරීම අරමුණු කරගනු ලැබූ ප්‍රතිසංස්කරණයකි.

ශ්‍රේෂ්ඨාධිකරණයේ බලතල සීමා කරන පනත් කෙටුම්පත පිළිබඳ උද්ඝෝෂකයන් හඳුන්වන්නේ මෙම ප්‍රතිසංස්කරණය ප්‍රජාතන්ත්‍රවාදයට තර්ජනයක් ලෙස බවයි.

ප්‍රජාතන්ත්‍රවාදය හෝ විප්ලවය! පැවැත්මට ගරු කරන්න නැතහොත් ප්‍රතිරෝධය අපේක්ෂා කරන්න! යනුවෙන් විරෝධතාකරුවන් සිය අදහස් දක්වන අතර ඔවුන් දිගින් දිගටම ආණ්ඩුවට චෝදනා කරන්නේ මෙම සැලැස්ම රටේ සංවරණ සහ තුලන පද්ධතිය විනාශ කර එය ඒකාධිපති පාලනයක් කරා යන මාවතට ගෙන යනු ඇති බවටයි.

මේ වන විට ඊශ්‍රායලයේ විශ්‍රාමික හමුදාපතිවරුන්, පොලිස් කොමසාරිස්වරුන් සහ බුද්ධි අංශ ප්‍රධානීන් ඇතුළු ඉහළම හිටපු ආරක්ෂක ප්‍රධානීන් 100 කට අධික පිරිසක් විසින් අධිකරණ ප්‍රතිසංස්කරණ සැලැස්ම නවතා දමන ලෙස අගමැතිවරයාගෙන් ලිඛිතව ඉල්ලා ඇති අතර හමුදා බලඇණිහි දහස් ගණනත් දෙනා සැලැස්ම ක්‍රියාත්මක වන්නේ නම් සේවයට වාර්තා නොකරන බවට දැනුම් දී ඇත.

මෙම අධිකරණ ප්‍රතිසංස්කරණයට එරෙහිව විරෝධතාවයන් පසුගිය මාස හතක කාලයක් පුරා ඊශ්‍රායගයේ අඛණ්ඩව සිදු වූ අතර එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් පවා ප්‍රකාශ කර තිබුණේ, සැලැස්ම නවතා පුළුල් එකඟතාවයක් අපේක්ෂා කරන ලෙසයි. නමුත් නෙතන්යාහු මෙහිදී දැඩි තීරණයක සිටින අතර ඔහු දිගින් දිගටම ප්‍රකාශ කරන්නේ සැලසුම් දිගටම කරගෙන යාමට තමා කැපවී සිටින බවයි.

සශිකලා මධුෂාණී_ (outbound today )

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අල්ලස් චෝදනාවට අත්අඩංගුවට ගත් හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තවදුරටත් රිමාන්ඩ්!

කොළඹ LNW:පොලිස් සංස්කෘතික අංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සතිෂ්...

ජාතික ක්‍රීඩා චෙස් පිරිමි සූරතාවය වයඹට කාන්තා සූරතාවය බස්නාහිරට

සටහන – නිශ්මං රණසිංහ  අගෝස්තු 19, කොළඹ LNW: ගාල්ල නගර...

පෑලියගොඩ වෙඩිතැබීමක්. තුවාලකරුවෙකු රෝහලට !

සටහන - රුවන් නෙළුගොල්ල පෑලියගොඩ, ඥානරතන මාවත ප්‍රදේශයේ දී අද...

නි.ඇමති අරුණ ජයසේකරට එරෙහි විශ්වාසභංගය ගැන තීරණය ඉදිරියේදී – කථානායක

කොළඹ LNW:ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජනරාල් අරුණ ජයසේකර...